
විල් ස්වභාව ධර්මයේ නිර්මාණයකි. මහවැලි ගඟේ අතු ගංගාවක් වූ අඹන් ගඟෙන් පහළ ගඟ දෙපස මෙවන් විල් බහුලය. ද්‍රවිඩ ප්‍රදේශවල විල් හඳුන්වනුයේ “විල්ලු” නමිනි. විල්පත්තුවට ඒ නම ලැබී ඇත්තේ එහි ඇති 41 ක් වූ කුඩා-ලොකු විල් නිසාය. රුහුණේ ගල්වල ජලය එකතු වූ ස්වාභාවික ජලාශ “කෙම” යනුවෙන් හඳුන්වයි. සත්තු පිපාසය සංසිඳුවා ගැනීමට කෙම් කරා එති. රජරට ලොකු වැව් වටා කුඩා වැව් සංකිර්ණ හමුවෙයි. මේවා ගම් වැව් ය.
ලංකාවේ වාර්මාර්ග ආරම්භයේදී මුල්ම ආර්ය ජනපදිකයන් කළේ ගංගා ඔයවල් හරහා කුඩා අමුණු බැඳ ඇළවල් මඟින් කුඹුරු ගොවිතැනට ජලය ලබා ගැනීමයි. දෙවැනි පියවර කුඩා ග්‍රාමීය වැව් සකස් කිරීමයි. මහාවංශය අනුව මෙවැනි කුඩා වැව් කළ පළමු රජු ලෙස පණ්ඩුකාභය ( ක්‍රි: පූ:377-307) සඳහන් වෙයි. විශාල වැව් කිරීමට මුල පිරුවේ ලම්බකර්ණ රජ පෙළපතට අයත් වසභ රජුය. (ක්‍රි:පු: 67-111) වැව්වල මෙන්ම ඊට වඩා කුඩා වැව් ද ආදී කාල සිටම ලංකාවේ විය. ඉබේ හැදුණු කුඩා විල් ඉන් එකකි. විල් ස්වභාව ධර්මයේ නිර්මාණයකි. මහවැලි ගඟේ අතු ගංගාවක් වූ අඹන් ගඟෙන් පහළ ගඟ දෙපස මෙවන් විල් බහුලය. ද්‍රවිඩ ප්‍රදේශවල විල් හඳුන්වනුයේ “විල්ලු” නමිනි. විල්පත්තුවට ඒ නම ලැබී ඇත්තේ එහි ඇති 41 ක් වූ කුඩා-ලොකු විල් නිසාය. රුහුණේ ගල්වල ජලය එකතු වූ ස්වාභාවික ජලාශ “කෙම” යනුවෙන් හඳුන්වයි. සත්තු පිපාසය සංසිඳුවා ගැනීමට කෙම් කරා එති. රජරට ලොකු වැව් වටා කුඩා වැව් සංකිර්ණ හමුවෙයි. මේවා ගම් වැව් ය. ලොකු වැව් වටා වර්ෂා ජලය එක්රැස් කර ගෙන වර්ෂා ජලයේ ඇති රොන්මඩ පෙරා ගබඩා කර තබා මහවැවට එවීමට කුළු වැව් හෙවත් පෙරහන් වැව් එදා විය. ඒවා වැව් ජලය ගබඩා කොට පිරිසුදු කොට මහවැවට ජලය සැපයූ කුඩා වැව් විය.
මෙම කුළු වැව් හෙවත් පෙරහන් වැව්වලට වඩා කුඩා වූ වර්ෂා ජලය තැනින් තැන ගබඩා කරගත් ජලාශ හඳුන්වන ලද්දේ “ගොඩවළ” යනුවෙනි. ඒවා වර්ෂා ජලය එකතු කර ගත් කුඩා ප්‍රමාණයේ ජල කඩිති විය. මෙම ගොඩ වළවල් ගැන ජනප්‍රවාද - ජන කතා මෙන්ම ප්‍රස්තා පිරුළු ද ඇත. “ලූලා නැති වළට කණයා පණ්ඩිතයා” යන ප්‍රස්තා පිරුලෙන් මෙවැනි ගොඩවළවල් ගැන කියවෙයි. පැවිදි වීමට පෙර දඟකාර ජීවිතයක් ගත කළ ශ්‍රී රාහුල ගොඩ වළක මසුන් බාමින් සිටිය දී පළමු වීදාගම හිමි ඇසුවේ මේ සාර පෝයදා මොන වළ යන්ට මාළු බානවාද? යනුවෙනි. රාහුල කුඩා දරුවා පිළිතුරු දුන්නේ මේ වළේ නැත්නම් උඩහ වළට යන බවයි. ගොඩවළවල් තැනින් තැන සකස් කොට තිබුණේ වර්ෂා ජලය ගලා අවුත් එකතු වන ස්වාභාවික පහත් බිම් හා ස්ථානවලයි. (නරේන්ද්‍රසිංහ රජු වැලිවිට සරණංකර හිමි දඬුවම් ලෙස ලක්ගලට පිටුවහල් කර සිටියදී එහිමි දිය නෑ ජලාශය අදත් හඳුන‍්වන්නේ “උන්නාන්සේගේ වළ” යනුවෙනි) එවිට අපතේ ගලා යන වැහි ජලය ගොඩ වළවල එකතු වෙයි. ඒවායින් භූගත ජල මට්ටම වැඩි වී උල්පත් නිර්මාණය වෙයි. එහි තෙතමනය උරාගෙන අවට ගහකොළ සරුවට වැඩෙයි. නිදැල්ලේ හැසිරෙන වන සිව්පාවුන් - හරක් - අලි වැනි විශාල සතුන් පවා පිපාසය නිවා ගත්තේ මේ නොගැඹුරු ගොඩවළවලිනි. එහි සතෙකු වැටුණත් නොගැඹුරු නිසා සතුන්ගේ ජීවිත වලට හානියක් සිදු වූෙය් නැත. ඉංග්‍රීසි යුගය වනවිට මේ ගොඩවල්වල හරය සුදු ජාතිකයින්ට වැටහුණේ නැත. ඔවුන් කළේ ගොඩවල්වලට කොන්ක්‍රීට් හොරොව් බැඳ කුඩා කුඹුරු යාය වලට ජලය ලබා දීමයි. ඒ සිංහල වාරිමාර්ග තාක්ෂණය ගැන සුදු ජාතිකයින් නොදැන සිටි බැවිනි. මෑත කාලයේ උතුරුමැද හා අවට ප්‍රදේශවල පැතිර ඇති “වඟා ළිං” යම් තරමකට මේ ගොඩවළවලට සමානකම් ඇත. එහෙත් ඒ දෙක අතර අසමානතා වැඩිය.
1. බොහෝ ෙගාඩවළවල් ස්වාභාවිකව ම ජලය එක්රැස් වෙන නොගැඹුරු පහත් ස්ථානයි. එහෙත් වගා ළිං සියල්ල කෘත්‍රීමව පොළොව සාරා හදාගත් ජලාශයි.
2.ගොඩ වළ නොගැඹුරුය. වර්ෂා ජලය ඉබේ ගලා එයි. වගා ළිං අඩි 30-40 ගැඹුරුය. යන්ත්‍ර මඟින් සාරා ඇත. සතකු වැටුණොත් ගොඩ ඒම ඉතා අසීරුය. වගා ළිංවල සෘජු බෑවුම් ඇත. ගොඩවළවල එවැන්නක් නැත.
3. ගොඩවළ බහු පරමාර්ථ අනුව සකස් වුවකි. වඟා ළිං කෘෂි කටයුතුවල ජලය ලබා ගැනීමට ඉදිවී ඇත.
ගොඩවළවලට ඉතා කිට්ටු පැරණි ජලාශ ක්‍රමයක් වූයේ පතස්ය. මේවා “පතහ” යන පොදු නමින් පළාත් බේදයකින් තොරව සකස් වී ඇත. පතහ වර්ෂා ජලය ගලා අවුත් එකතු වන මාර්ග ආවර්ණය කොට වර්ෂා ජලය එක්රැස් කිරීමට බඳින ලද කුඩා ජලාශ විය. පතස්වල පරමාර්ථ හා පොදු ලක්ෂණ මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.
පරමාර්ථ:-
1.වර්ෂාවෙන් පසු නිදැල්ලේ අපතේ ගලා යන වර්ෂා ජලය එක්රැස් කර තැබීම.
2. පතස්වල එකතු වූ වර්ෂා ජලය පෙරීමකින් තොරව මාස දෙක තුනක් එම ජලාශවල තැන්පත් වී තිබීම.
3. ඒවා අඩි 10-15 තරම් සමහරවිට එයට වඩා මැද ගැඹුරු නිතර ජලය එක්රැස් ව තිබීමෙන් උල්පත් පෝෂණය වෙයි.
4. කුඹුරු යාය වලට ඉහළින් වියළි ප්‍රදේශවල විශේෂයෙන් වැව් ජලාශ නැති උඩරට ප්‍රදේශවලට පතස්වල එකතු වූ ජලය කුඩා හොරොව්වක් මඟින් පතහට පහළින් පිහිටි කුඹුරු වෙත ලබා ගත හැක. මාස 2-3 ඉඩෝරයටකට පතහ ඉඩෝරයට සිඳී යනතුරු කුඹුරුවලට තෙතමනය හා ජලය ලබා දෙයි.
5. ගවයන් ආදී සතුන් මෙන් ම කුඩා සතුන් පතස්වලින් පිපාසය නිවා ගනියි. ග්‍රීෂ්ම වේලාවල හරකුක් පතහේ ලඟියි.
6. පතහ අවට විශාල ප්‍රදේශයක ගහකොළ තෙතමනය ලබා දෙයි.
7. එකතු වූ ජලයෙන් වායුව තෙත් වූ ඉඩෝරයට සිසිල මතු කරයි. විශේෂයෙන් වියළි කර්කශ බිමක පතහෙන් ලැබෙන සිසිල හා තෙතමනය වැදගත් වෙයි.
8.ඕළු - නෙළුම් ආදී ජලජ පුෂ්ප-කෙකටිය-කොහිල - ලුණුවිල වැනි ජලජ ශාඛ ඒ අවට වැඩෙයි.
9. කණයින් - කක්කුට්ටන් -මැඩියන් - කුඩා මිරිදිය මසුන් -ඉබ්බන් පතස්වල ජීවත්වන අතර කුරුල්ලන් - තලගොයින් - කඹරගොයින් පතස් ආශ්‍රීතව සැරිසරනු දැකිය හැකිය.
10. පතහ කුඹුරු යාය ඉස්මත්තේ පිහිටි අතර එය පොදු වස්තුවක් විය. එහි හැඩය බිම - ඉඩම - පරිසරය මුල් කර ගෙන පතස්වලට නම් දී ඇත. එවැනි පතස් අවුරුදු තුන් හාරසීයක් පැරණිය. පතහේ එක් පැත්තක ඇති උස් බැම්ම පස් දමා තද කොට ඇති අතර ඒ බැම්ම කෙළවර කුඹුරුවලට ජලය ලබාදෙන සොරොව්ව ඇත. අක්කර කාලක් - බාගයක් තරම් විශාල මැද අඩි 15-20 ක් ගැඹුරු පතස් දැකිය හැකිය.
11. පතස් ආශ්‍රීතව පන් - වැටකේ වැනි ගැමියන්ට අවශ්‍ය ශාඛ වැවෙයි. ජලයට හිතකර කුඹුක් වැනි ශාඛ පතස් ආශ්‍රීතව දැකිය හැක.
12.කලකට පෙර පතහ පිරිසිදු කිරීම - නඩත්තු කිරීම- කුඹුරුයායේ ගොවීන් එක් ව අත්තම් ක්‍රමයට සිදු විය.
13. සමහර පතස් ගොවි සමිති- ගොවි සංවිධාන- මන්ත්‍රී ප්‍රතිපාදන - කෘෂි මධ්‍යස්ථාන - ප්‍රදේශීය සභා අරමුදල් මඟින් නවීකරණය කර ඇත.
පතස් ගැන තොරතුරු
කිහිපයක්:-
1.ඒවා ගමේ නිෂ්චිත - සුදුසු - පැරැණි ස්ථානවල වර්ෂා ජලය එක්රැස් වන පරිදි ගම්මුන්ගෙන් එකමුතුකමින් අත්තමින් නඩත්තු වූ බොහෝදුරට කුඩා ජලාශ විය.
2.පතස් කරවීම ගමේ ප්‍රභූන් - දානපතීන් පූණ්‍ය කර්මයක් ලෙසින් සිදු කොට ඇත.
3.ළිං - පිහිලි- පතස් කරවීම මෛත්‍රීය බුදුන් දැකිය හැකි පිනක් ලෙස පැරණි සිංහල ගැමියෝ විශ්වාස කළහ. (එහෙත් “අනාගත වංශය”ග්‍රන්ථයේ ඒ බව නොකියවෙයි.)
4. පැරණි වංශකතාවල අතරින් පතර පතස් ගැන තොරතුරු සටහන් වී ඇත. නන්දසේන මුදියන්සේගේ “ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය” ග්‍රන්ථයේ එන “කුරුණෑගල විස්තරය” පුස්කොළ ලිපිය අනුව කුරුණෑගල නගරයේ පතස් පොකුණු නවසීයක් (900) සාදා තිබූ බව කියවෙයි. (22 පිට)
5. ගණනාථ ඔබේසේකර සංස්කරණය කළ “වන්නි රාජාවලිය” අනුව වැව් ළිං -පොකුණු - විල් - පතස්වල ජලයෙන් පිරී තිබුණු බව සඳහන් කරයි. (22 පිට) පළමු විමලධර්මසූරිය රජු පතස් කළ බව ඒ රජු කල ලියවුණු “දළදා පුවත” කාව්‍ය ග්‍රන්ථය කියයි.
6. සෝමපාල උඩගම සංස්කරණය කළ “විජිත වෙල්ලි වංශය” ග්‍රන්ථය අනුව රටේ තැනින් තැන තිබූ පතස් ගැන කියවෙයි (විජිතවෙල්ලි වංශය - 02 පිට)
7. පතස් නිසා සමහර ගම්මානවලට ඒ පතහේ ස්වභාවය අනුව නම් ලැබී ඇත. සිගිරිය නුදුරු දිගම්පතහට ඒ නම ලැබී ඇත්තේ දිගටි පතහක් එම ගමේ තිබුණු නිසාය. ගලේවෙල දඹුල්ල අතර ඇවරිය පතහ ගම්මානය ඇත. මේ ගම්මානයට ඒ නම ලැබුෙණ් පතහ අවට වැවුණු ඇවරිය යන ඖෂධ ශාඛ සමුහය නිසාය.
වත්තේගම හිටපු
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ