නිවෙ­සක සිරි­කත වන්නේද මූදේ­විය වන්නේද ගැහැ­නිය යි | Page 3 | සිළුමිණ

නිවෙ­සක සිරි­කත වන්නේද මූදේ­විය වන්නේද ගැහැ­නිය යි

සමහර කාන්තාවන් වෙසෙන නිවෙස පමණක් නොව ඇය රාජකාරි කටයුතුවල යෙදෙන ස්ථානවලට පවා වාසනාව උදාවේ.

පුර්ව භවයන්හිදී කරන ලද කුසල කර්මයන්ගේ බල‍මහිමයෙන් කාන්තාවන්ට වාසනාව ගෙන දෙන ග්‍ර‍හ යෝග ‍රාශියක් පිළිබඳව ජ්‍යෝතිෂයේ පෙන්වා දී තිබේ.

මේවා අතුරින් ලක්ෂ්මී යෝගය කාන්තාවන්ට වාසනාව හා සෞභාග්‍ය උදාකර දෙනු ලබන ප්‍රබලතම යෝගයකි.පෙර ආත්මවල දී දාන මානාදී පුණ්‍ය කටයුතුවල යෙදෙමින් යහපත් දිවි පෙවෙතක් ගතකර නැවත මනු ලොවට ජනිත වූ පින්වත් කාන්තාවන්ගේ ජන්ම පත්‍රවල මේ යෝගය යෙදෙන අයුරු ජ්‍යොතිෂය මනාව පෙන්වා දී ‍ති‍බේ.

රාශි දොළසකට බෙදී ඇති කේන්දර සටහනේ නවවැන්න භාග්‍ය ස්ථානයයි. යම් කෙනකුගේ වාසනාව පිළිබඳව අධ්‍යනය කරන විට ලග්නයටත් නවවැන්නටත් ප්‍රමුඛ ස්ථානය හිමි වේ.කිසියම් කේන්දර භාග්‍යස්ථානාධිපතියන් ලග්නාධිපතියාත් සංයෝගව ශුභ රාශිගතව තැන්පත්වී ඇත්නම් ලක්ෂ්මි යෝගය උදා වී සිරි සැප ගෙන දේ. කේන්දරයේ 6-8-12 යන අශුභ ස්ථානයක හැර පාප පීඩිත නොවී ශුභ ස්ථාන ගතව සංයෝගවූ මේ ග්‍රහයන් දෙදෙනා ස්ත්‍රියට වාසනාව උදාකර දේ.

ඇය වාසය කරන නිවෙසට භව‍ භෝග සම්පත් නිරායාසයෙන්ම ලැබෙන බව ජ්‍යොතිෂයේ උගන්වයි. එවන් බිරියක් ලද ස්වාමි පුරුෂයා බොහෝ භාග්‍යවන්තයෙකි. එවන් පින්වත් කාන්තාවකගේ මව්කුසින් මෙලොවට ජනිතවන්නේ ද පුණ්‍යවන්ත දරුවන් ය. දුගී දුප්පත් පැල්පතක වුවද මේ වාසනා ගුණයෙන් පිරිපුන් දියණියක ඉපදුණු පසු මවුපියන් දිනෙන් දිනම දියුණුවට පත් වේ. සමහර දරුවන්නේ උපතත් සමඟ දෙමවුපියන්ට ලොතරැයි වාසනා හිමි වේ, සිහිනෙකින්වත් නොසිතූ ආකාරයේ හදිසි ධන ලාභ ලැ‍බේ. එවැනි දරුවන්ගේ කේන්දර පරීක්ෂාවක් සිදු කළහොත් මෙවැනි වාසනාවන්ත යෝග යෙදී ඇති අයුරු දැක ගත හැකිය.

ලක්ෂ්මි යෝග බල සහිතව උපත ලද කාන්තාවන් ආරම්භ කරන ඕනෑම ව්‍යාපාරයක් අති සාර්ථක වන බව පර්යේෂණවලදී හෙළි වී ති‍බේ. එවන් කාන්තාවක් අනුන්ගේ ව්‍යාප­ාරයක සේවය කළ ද එය දිනෙන් දින දියුණුට පත්වේ. ඇය වෙසෙන නි‍වෙසේ ගස් වැල් පවා මලින් ඵලින් බර වේ.අතීතයේදී කුලී වැඩක් කර යන්තමින් එදා වේල පිරිමසා ගත් සමහර පුද්ගලයින් විවාහයෙන් පසු ස්වාමි දියණියගේ ද සහයෝගයෙන් ආරම්භ කළ කුඩා ව්‍යාපාරය අතිසාර්ථක වී වර්තමානයේ මහා ව්‍යාපාරිකයින් බවට පත්වී ඇති ආකාරය පිළිබඳව ඔවුන්ගේ කේන්දර පරීක්ෂාවක් සිදුකර පර්යේෂණයක නියැලෙන්නේ නම් ලක්ෂ්මි යෝගයේ බලය අපට මනාව අවබෝධ කර ගත හැකිවනු ඇත. ඔබත් යෝජිත විවාහයකට සුදානම් වන කෙනෙක් නම් පොරොන්දම් පරීක්ෂණයේදී අනාගත සහකාරිය ශ්‍රී ලක්ෂ්මියක් දැයි පරීක්ෂා කර බලන්න. මෙය ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පෙන්වාදෙන එක් ශුභ යෝගයක් පමණි. ජන්මියාට වාසනාව උදාකරදෙන තවත් බොහෝ ශුභ යෝග පෙර ඉසිවරුන් පෙන්වාදී තිබේ. 

Comments