රුව රකින කුරුඳු | Page 2 | සිළුමිණ

රුව රකින කුරුඳු

කුරුඳු වගාව මේ වන විට ජනතාව අතර ප්‍රචලිත වී ඇත්තේ වගාවක් ලෙසය. එහෙත්, ඉන් ඇති අනෙකුත් ප්‍රයෝජණ පිළිබඳ කිසිදු තැකීමක් නොකරයි. වර්තමානය වන විට ඒ තත්ත්වයෙන් මිදී කුරුඳු විවිධ අවශ්‍යතා සදහා යොදා ගනියි. මෙහිදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඉතාමත් වැදගත් වන අතර අද බොහෝ අලේප සෑදීම සදහා කුරුඳු යොදා ගනු ලබයි. මේ පිළිබද ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ෂෙරින් ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසුවෙමි.

 

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී කුරුඳු භාවිත කරන්නේ කුමන කාර්යයන් සදහා ද?

සමට ආලේප කරන නිෂ්පාදනවලට කුරුඳු භාවිතා කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. කුරුඳු අධික සැරක් ඇති උෂ්ණත්වයකි ඇති ද්‍රව්‍යයක්. මේ නිසා සමට තනි ආලේපයක් ලෙස ආලේප කිරීමට යෝග්‍ය වන්නේ නැහැ. මෙහි සැර බාල කරන විවිධ ද්‍රව්‍ය යොදා ගැනීමෙන් පසු සමේ ආලේප කිරීමට ආලේපයක් ලෙස යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ පිළිබඳ විස්තර කළොත්?

අපි ස්වාභාවික අලේපන සඳහා කුරුඳු යොදා ගන්නවා. එහිදී අපි කුරුඳුවල සැර බාල කිරීමට නැතහොත් කුරඳුවල සැර අඩු කිරීමට යොදා ගනු ලබන්නේ මී පැණි සහ යෝගට්ය. මෙහිදී අපට කුරුඳු සිහින් කුඩු බවට පත් කර ගැනීමට සිදු වේ. කුරුඳුවල ඇති ඔෟෂධීය ගුණය නිසා සිනමන් බන්ස්, සිනමන් ඩෝනට්, සිනමන් කුකීස් ආදී වශයෙන් කුරුඳු අාශ්‍රිතව සාදා ගත් බොහෝ නිෂ්පාදන තිබෙනවා.

පිටතින් ආලේප කරන ආලේපන මෙන්ම කුරුඳු අපේ ශරීරයේ අභ්‍යන්තරයටත් ගුණදායී නේද?

ඇත්තෙන්ම ඔව්. සිරුරේ සිහින් බව ආරක්ෂා කරන්නත් කුරුඳු ඉතාමත් ප්‍රයෝජණවත්. මේ නිසා තමයි කුරුඳු තේ හඳුන්වා දීලා තියෙන්නේ. කුරුඳුවලින් ශරීරයේ තියෙන තෙල් දහනය වෙනවා. මේ නිසා අනවශ්‍ය මේදය ශරීරයේ එක්රාශී වීම වළකිනවා.

කාර්යය බහුල වුවත්, වත්මන් කාන්තාව රූපලාවණ්‍ය පිළිබඳ බොහෝසෙයින් උනන්දුයි. එම නිසාම නි‍ෙවසෙදී හදාගන්න පුළුවන් ස්වාභාවික ආලේපනයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

මම මේ ඉදිරිපත් කරන ආලේපනය සඳහා විශේෂයෙන් කුරුඳු කුඩු යොදා ගන්නවා. යෝගට් මේස හැඳි දෙකට මී පැණි තේ හැන්දක් සමඟින් කුරුඳු කුඩු තේ හැඳි භාගයක් මිශ්‍රකර ක්‍රීම් එකක් සාදා මුහුණට ආලේප කර විනාඩි පහළොවකින් සෝදා හරින්න. එහෙත් ඔබ ශරීරයට ආලේප කරනවා නම් කුරුඳු කුඩු තේ හැන්දෙන් හතරෙන් එකක් මිශ්‍ර කරන්න. මෙවැනි ආලේපයක් සාදා ගැනීමට කුරුඳු කුඩු යොදා ගන්නවා නම් ඉතා සිහින් ලෙස කුඩු කරගත් කුරුඳු කුඩු යොදා ගන්න. 

නිශානි හේරත් බන්නැ­හැක  
 

Comments