2018දී කොළඹට තට්ටු 60ක කුලුනු 3ක් ආයෝජනය ඩොලර් මිලියන 1000 | Page 6 | සිළුමිණ

2018දී කොළඹට තට්ටු 60ක කුලුනු 3ක් ආයෝජනය ඩොලර් මිලියන 1000

කොළඹ මූල්‍ය නගරය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1000ක ආයෝජනයකින් මහල් 60ක කුලුනු 03ක් ඉදි කිරීම මේ වසරේ ආරම්භ කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. වරාය මූල්‍ය නගරයේ පළමු ඉදි කිරීම් අදියර යටතේ ප්‍රථමයෙන් විහාරමහාදේවි උද්‍යානය මෙන් 10 ගුණයකින් යුත් උද්‍යානයක් ඉදි කෙරෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා එය සැමට විවෘත වන්නක් බවද කීය.

මහල් 60කින් සමන්විත කුලුනු 03 මෙවසරේදී ඉදි කිරීම් ආරම්භ කිරීම මඟින් අන්තර්ජාතික ආයෝජකයන්ගේ අවධානය යොමු කරගත හැකි වන බවද ඇමැතිවරයා පවසයි. එසේම මූල්‍ය නගරය සඳහා කොළඹ නගරසභාවෙන් බාහිර වෙනම බදු පරිපාලන ඒකකයක් ස්ථාපිත කරන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. 

Comments