
මේ දිනවල මාධ්‍ය යේ වැඩි අවධානයකට ලක්ව සිටින හැරී කුමරුය. ඔහු සිය පියා සමඟ කළ සාකච්ඡාවක් මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ ඔහු බීබීසී ගුවන් විදුලි වැඩ සටහනක් මඟිනි.. හැරී කුමරුන්ගේ සංස්කරණ සහයෝගය මෙසේ ලබා ඇත්තේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ 'රේඩියෝ - 4' චැනලයේ'ටුඩේ'වැඩසටහනයි.
එහි ආරාධිත සංස්කාරකවරයා ලෙස එක් වෙමින් හැරී කුමරු යුද හමුදාව, මානසික සෞඛ්‍යය, තරුණයන් අපරාධවලට යොමුවීම සහ දේශගුණ විපර්යාසයන් වැනි මාතෘකා සාකච්ඡා කළේය. මේ සියලු මාතෘකා කාලීන මෙන්ම හරවත් බව විචාරකයන්ගේ මතයයි. මේ සඳහා ඔහුගේ පියා වන චාර්ල්ස් කුමරු සහ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාත් සහභාගී වූහ .සිය පුත්‍රයාට පිළිතුරු දුන් ඔටුන්න හිමි චාර්ල්ස් කුමරා දේශගුණ විපර්යාසය ලෝකයේ විවිධ කලාපවලට බිහිසුණු ප්‍රතිවිපාක අත් කරන බව පෙන්වා දුන්නේය. මේ සඳහා ජනතාව මුහුණ දිය යුතතේ කෙසේ ද යන්න පිළිබඳවත් ඔටුන්න හිමි කුමාරයා විස්තර කළේය. හැරී කුමරා විසින් නඟන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, වගකීම් විරහිතව සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරනු ලැබීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය. මෙය අද ලෝකයේ සෑම රටකටම මෙන්ම සෑම ජන කොට්ඨාසයකට ප්‍රශ්නයක් බව ද විග්‍රහ කළේය. සමාජ මාධ්‍ය අවභාවිතය මඟින් වැරැදි තොරතුරු සමාජගත කෙරෙන අතර සමාජ සාරධර්ම විනාශ කෙරෙන බව හිටපු ජනාධිපති ඔබාමා හේතු සාධක සහිතව පෙන්වා දුන්නේය.
ජනාධිපති බරක් ඔබාමා ගේ අනුප්‍රාප්තිකයා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩ කීපයක්ම පසුගිය අවධියේ සමාජ ආන්දෝලනයට ලක් වූයේය.
එහිදී මහජනයා ඉලක්ක කර ගනිමින් පණිවුඩ නිකුත් කිරීමේ දී සමාජ නායකත්වයේ සිටින්නන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය. මේ නිසා නායකයකු සමාජ මාධ්‍ය ජාලයකින් තොරතුරු ඉදිරිපත් කිරීමේ දී වඩාත් පරිස්සම් විය යුතු බව ද හෙතෙම තහවුරු කළේය. සමාජ මාධ්‍ය ජාල සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඇති සබැඳියාව අවබෝධ කරගත්තේ නැති නම් නායකත්වය පමණක් නොව රටක්ද අසීරුතාවට පත් වන බව හෙතෙම සාකච්ඡාවට ඉදිරිපත් වෙමින් කීවේය. සාකච්ඡාවේ වැදගත් බව තවත් අවධාරණයට ලක් කළ බරක් ඔබාමා නායක්තවය තමාගේ නායකත්වය අවබෝධ කර ගත යුතු බව ද කීය.
"සමාජ නායකත්වයේ ඉන්න අපි සියලු දෙනාට අන්තර්ජාලයේ පොදු අවකාශයක් නිර්මාණය කර ගත හැකි මාවත් සොයාගත යුතු වෙනවා. අන්තර්ජාලය මඟින් සිදු කෙරෙන එක් අනතුරක් වන්නේ මිනිසුන්ට වෙනස් වෙනස් යථාර්ථයන් පැවැතීමයි. පවතින අගතීන් යළි බල ගැන්වීම සඳහා ඔවුන්ට තොරතුරු විකෘති කරන්න පුළුවන් කම තියෙනවා" බරක් ඔබාමා හැරී කුමරාට පිළිතුරු දෙමින් විග්‍රහ කළේ.''