වික්ටෝ­රි­යානු සදා­චා­ර­යෙන් වැසී­ගිය ඓති­හා­සික ප්‍රෞඩ­ත්වය‍ | සිළුමිණ

වික්ටෝ­රි­යානු සදා­චා­ර­යෙන් වැසී­ගිය ඓති­හා­සික ප්‍රෞඩ­ත්වය‍

මෙරට ආවේනික නිර්මාණ අතර ඇති සුවිශේෂ තාක්ෂණික නිර්මාණයක් වන්නේ වාරි තාක්ෂණය යි. ලොව මෙතෙක් හමුවී ඇති ජලාශ්‍රිත ශීෂ්ටාචාර අතරින් අති විශිෂ්ටය වාරී ශිෂ්ටාචාරය(ජලය හැසිරවීමේ තාක්ෂණය) හමුවන්නේ ලංකාවෙනි. අපට ආවේනික සංස්කෘතිය අනුව (ඊනියා වික්ටෝරියානු සදාචාරයේ කෙමනක් වීමට ප්‍රථම)අපි වැඩකළේ එක්තරා සීමාවක සිටය. අපි පරිසරය සමඟ ගැටී එය වෙනස් කළද ඒ සියල්ල සිදු කළේ පරිසරයට දරාගත හැකි සීමාවක ඉඳගෙනය. එසේම දිගුකාලීන පැවැත්ම ගැන සැලකිලිමත් වෙමිනි. උදාහරණයක් ලෙස තිසාවැවේ පස් බැම්ම සලකා බැලුවහොත්, 1920 පමණ වන විටත් මානව ශිෂ්ටාචාරයක් විසින් ඉදිකර තිබුණු ලෝකයේ දැවැන්තම පස් බැම්ම මෙය වේ.

 

(ලෝක මානව ශිෂ්ටාචාරයෙ ප්‍රෞඩ හා ඉතාම දියුණු සංස්කෘතියකට උරුමකම් කියූ ලාංකිකයින්ට සිදු වූ ඓතිහාසික ඛේදවාචකය පිළිබඳව කෙරෙන විවරණයකි. මෙහිදී මූලික වශයෙන් අපේ ශිෂ්ටාචාරයේ පදනම වන කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා ඊට මුහුණ දීමට සිදු විවිධ බලපෑම් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරයි.)

මානවයා හා පරිසරය සම්බන්ධයෙන් කතා කිරීමේ දී මානව පරිණාමීය අවධීන් දෙකක් අපට හඳුනාගත හැකිය. එනම්, අක‍්‍රීය ශිෂ්ටාචාරය (Porssive Civilization) සහ කි‍්‍රයාකාරී ශිෂ්ටාචාරය (Active Civilization) වශයෙනි. අක‍්‍රීය ශිෂ්ටාචාරය (Porssive Civilization) ලෙස හඳුන්වන්නේ පරිසරයට බලපෑම් නොකර, පරිසරයට එරෙහි නොවී ඒ හා සහයෝගයෙන් කටයුතු කළ මානව සමාජයයි. ‘ගෝත‍්‍රිකයන්’ ලෙස හඳුන්වනු ලබන මෙම ජනකොට්ඨශය අවුරුදු දහස් ගණනක් ඉක්මගියද සිය මූලික ගතිපැවතුම් වෙනස් නොකරමින් සත්තු මෙන් පරිසරයටම ඈඳුන ජනකොටසක් (සෙන්ටිනෙල්ස් - Sentinelese ගෝත්‍රිකයින් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු අන්දමන් දූපත්වල උතුරු සෙන්ටිනෙල් දිවයිනේ ආදිවාසී ජනයා වේ. බාහිර ලෝකය සමග සම්බන්ධතාවලට මොවුන් විරුද්ධ වන අතර, ඇමසන්වල මෙවැනි ගෝත්‍ර තවත් සිටී දැයි නොදන්නා නිසා නවීන ශිෂ්ඨාචාරයට නොගැලපෙන ජීවිත ගතකරන අවසන් මානව කොට්ඨාශය මොවුන් විය හැකි බවට මත පල වේ. දඩයම් කිරීමෙන්, මසුන් ඇල්ලීමෙන් හා වල් පැලෑටි එකතු කර ආහාරයට ගැනීමෙන් සිය පැවැත්ම සහතික කරගෙන තිබේ. එමෙන්ම මොවුන් විසින් සත්ව ඝාතකාගාරය පවත්වාගෙන යන අතර, කෘෂිකාර්මික ක්‍රම භාවිතය හෝ ගින්දර භාවිතය දැනසිටි බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමුවී නැත) ලෙස කටයුතු කරති. කි‍්‍රයාකාරී ශිෂ්ටාචාරය (Active Civilization) ලෙස අප හඳුන්වන්නේ, පරිසරය සමඟ ගැටෙමින්, එය වෙනස් කරමින් සිය අවස්තානුකූලව පරිසරය වෙනස් කළ ජනකොට්ඨාශය යි. නූතන මානව ශිෂ්ටාචාරය ලෙස අප හඳුනා ගන්නේ ඔවුන්ය. මේ අනුව ඕනෑම මානව ශිෂ්ටාචාරයක් පරිණාමය වන්නේ මේකී ලක්ෂණ මුලීක කරගෙනය.

මෙම පරිණාමීය ක්‍රියාවලිය තුළ අපේ ඉතිහාසය ස්ථානගත කළහොත් එවකට ලෝකයේ පැවති අනෙකුත් ශිෂ්ටාචාරවලට සමගාමීව තාක්ෂණය, කෘෂිකර්මය, කලා නිර්මාණශීලීත්වය අතින් පරිපූර්ණ ශිෂ්ටාචාරයකට උරුමකම් කී බව නොරහසකි. ඔවුන් කළ නිමැවුම් හුදු නිමැවුම් නොව කලාත්මක නිමැවුම්ය. ගෘහ නිර්මාණ ශිල්පය, වාරිකර්මාන්තය, වානේ කර්මාන්තය, ශෛලමය නිර්මාණ, ඇත්දළ නිර්මාණ, ලී කැටයම්, අත්කම් නිර්මාණ...ආදීය සලකා බැලීමේ දී මේ බව මනාව වැටහේ.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව සලකා බැලීමේදී; සීගිරිය, යාපහුව්ව, ලෝවාමහාපාය... වැනි ශෛලමය ඉදිකිරීම් මෙන්ම චෛත්‍ය සලකා බැලිය හැකිය. චෛත්‍ය පිළිබව අවධානය යොමු කිරීමේදී, එය වටේට ඇත් පවුරක්, කොරවක් ගල්, මුරගල්, පියගැට පෙළ ඒ ඉදිරියේ සඳකඩ පහණක් ආදී වශයෙන් බලන විට ඒවා විශිෂ්ට ගනයේ ගෘහ නිර්මාණයෝ වෙති. උදාහරණයකට ජේතවනාරාමය ගෙන බැලුවහොත්, ලෝකයේ තිබෙන විශාලතම ගඩොල් ගොඩනැගිලිවලින් දෙවෙනි වන්නේ පිරමිඩවලට පමණය. එසේ ති‍්‍රකෝණාකාර පැති හතරක් එක්කිරීම තරම් ගෝලාකාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ඉතාමත් දියුණු තාක්ෂණික ඥානයක් අවශ්‍ය ය. එසේම කලා නිර්මාණ දෙස සුපරික්ෂාකාරීව බැලීමේදී සිතුවම් කලාව, නර්ථනය, සංගීතය(තාලවාද්‍ය භාණ්ඩ), සාහිත්‍ය, කොඩි,...ආදී දෙස විමසා බැලූව ද අපට හමුවන්නේ විශ්මිත නිර්මාණ ශක්තියකින් හෙබි පරිපූර්ණ ශිෂ්ටාචාරයක ලක්ෂණ ය.

බොහෝදෙනා ඉන්දීය මහා සංගීත සම්ප්‍රදායක් හා සංස්කෘතියක් පිළිබඳව උත්කර්ශයෙන් යුතුව කතා කළද එරට මුහුණ දුන් විවිධ සංක්‍රමණ (ආර්ය සංක්‍රමණය) හා ආක්‍රමණ නිසා බොහෝදේ එරටට ලැබුණු බව පිළිගැනීම වඩා සාධාරණය. විශේෂයෙන්ම මෝගල් අධිරාජ්‍ය සමයේ ඇති වූ සංගීත සම්ප්‍රදායක් විනා ඉන්දීය මහා සම්ප්‍රදායක් ලෙස අඛණ්ඩව පැවති සංගීත සම්ප්‍රදායක් මෙතෙක් හමුවී නැත. ඒ නිසා අප ඉන්දීයානු මහාද්වීපික සංස්කෘතියේ චූල සංස්කෘතියක් ලෙස දැකීම වරදකි.

මෙරට ආවේනික නිර්මාණ අතර ඇති සුවිශේෂ තාක්ෂණික නිර්මාණයක් වන්නේ වාරි තාක්ෂණය යි. ලොව මෙතෙක් හමුවී ඇති ජලාශ්‍රිත ශීෂ්ටාචාර අතරින් අති විශිෂ්ටය වාරී ශිෂ්ටාචාරය(ජලය හැසිරවීමේ තාක්ෂණය) හමුවන්නේ ලංකාවෙනි.

අපට ආවේනික සංස්කෘතිය අනුව(ඊනියා වික්ටෝරියානු සදාචාරයේ කෙමනක් වීමට ප්‍රථම)අපි වැඩකළේ එක්තරා සීමාවක සිටය. අපි පරිසරය සමඟ ගැටී එය වෙනස් කළද ඒ සියල්ල සිදු කළේ පරිසරයට දරාගත හැකි සීමාවක ඉඳගෙනය.

එසේම දිගුකාලීන පැවැත්ම ගැන සැලකිලිමත් වෙමිනි. උදාහරණයක් ලෙස තිසාවැවේ පස් බැම්ම සලකා බැලුවහොත්, 1920 පමණ වන විටත් මානව ශිෂ්ටාචාරයක් විසින් ඉදිකර තිබුණු ලෝකයේ දැවැන්තම පස් බැම්ම මෙය වේ. කි‍්‍ර.පූ. 300 දී පමණ එය නිර්මාණය වී තිබේ. එසේ නම් මේ සා විශාල පස් බැම්මක් සඳහා පස් ගෙනාවේ කොහෙන්ද? යන්ත්‍රෝපකරණ කොහෙන්ද? තාක්ෂණික ඥානය හා ශ‍්‍රමය කොහෙන්ද? ඒ සඳහා අවශ්‍ය වියහියදම් කොහෙන්ද? ඒ වෙන කොහෙන්වත් රටකින් ණයට ගත් ඒවා නොව මෙරට පාලකයින් විසින් ගෙන ගිය මනා කළමණාකාරිත්වය යටතේ කළ ඉදිකිරීම්ය. ඒ අනුව අපට තේරුම් ගත හැක්කේ එකල පැවති සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම ඉතාම ශක්තිමත් එකක් බවය.

බෙහෝදෙනකු සිතා සිටින්නේ තාක්ෂණය යනු සර්ව සාධාරණ ලෝකයේ සෑම රටකටම එකසේ යොදාගත හැකි දෙයක් බවය. ඒ අනුව එංගලන්තේ පවතින තාක්ෂණය ලංකාවටත් ගැළපෙනවා කියා ය. එසේම ලංකාවේ තාක්ෂණය අමෙරිකාවට වුවත් ගැළපෙනවා කියාය. ඇත්තෙන්ම තාක්ෂණය යනු එවැන්නක් නොවේ. අපි කෘෂිකාර්මික ක්ෂෙත්‍රය සලකා බැලුවහොත් ඊට අදාළ තාක්ෂණය ඒ භූමියට සීමා වෙච්ච, (පරිසරයට අදාළව) ඒ භූමියට අනුරූප වූ දෙයකි. අදාළ තාක්ෂණය යම් භූමියක පවතින ස්භාවික පැවැත්මට අනුකූල නම් පමණක් ඒ තාක්ෂණ ඊට උචිතවේ. උදාහරණයක් ලෙස ශීත දේශගුණයක තිබෙන තාක්ෂණය අපට ගැළපෙන්නෙ නැත. අපි ඝර්ම කලාපීය රටක් ලෙස අපට බෙල්ල වැහෙන ලෙස සම්පූර්ණයෙන්ම ආවරණය වුණු ඇඳුම්පැළඳුම් වගේම සපත්තු ගැළපෙන්නෙ නැත. අපට ගැළපෙන්නේ සාමාන්‍ය පාවහන්ය. නමුත් යටත් විජිත සමයේ අපට හුරුවූ වික්ටෝරියානු සදාචාරය මත අතිපිහිත වී ගොඩනැගුණු ඊනියා සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හොඳින් ඇඟ වැහෙන ලෙස හැඳපැළඳ සපත්තු දමාගත් පුද්ගලයින් වැදගත් මහත්වරුන් සේ දැකීමට පෙළඹී සිටිති. මෙය වඩාත්ම ප්‍රකට වන්නේ අධිකරණයේ ක්ෂේත්‍රයේය. එම ක්ෂේත්‍රෙය් නියැලෙන බොහෝදෙනා ගිණිගෙන දැවෙන අව්වේ පවා සුදු හැඳ ටයිකොට් දමාගෙන සිටින අතර, ඇතැමුන් ලෝගුවක් හා හිස්වැස්මක් පළඳිති. ඇතැම් අවස්ථාවල මොවුන් සිහිසුන්ව වැටුණු අවස්ථාද නැතුවා නොවේ. එසේම පා වැසුණු සපත්තු අපට ගැලපෙන්නේ නැත. ඒවා ගලවන විට දුඟඳක් මෙන්ම පා රැළිවැටුණු ස්වභාවයක් ගන්නේ ඝර්ම කලාපීය දේශගුණය නිසාය. එනිසා අපට වඩා උචිත වන්නේ පා නිරාවරණය වන පාවහන් පැළඳීමය. නමුත් සමහරක් සිතන්නේ මෙය සපත්තුවල හමේ ප්‍රශ්නයක් කියාය. නැත එය අපේ ආකල්පවල ගැටළුවකි. අප තවමත් අපේ කියා අනුගමනය කරන මේ ඊනියා වහල් මනෝභාවය නිසා අප පුද්ගයකු මනින්නේ ඔහුගේ කල් ක්‍රියාවෙන් නොව ඇඳ පැළඳ සිටින ස්වභාවයෙනි. එනිසා කෙනකුට අකමැත්තෙන් වුවත් හැකි තරම් සිරුර ආවරණය කරගෙන දහදිය දමමින් අපහසුවෙන් කටයුතු කරති. අපි තවමත් සුද්දව අනුකරණය කරමින් සපත්තු පළඳිමු. සුද්දා සපත්තු පැළඳු නිසා අපද සපත්තු පැළඳිය යුතුය. නැත්නම් සමාජය හමුවේ පිළිගැනිමට ලක්වෙන්නේ ද නැත. නමුත් අප දකින කළ ඔවුන් අපට සිනා නොවන්නේද. මෙරටට පැමිණෙන බොහෝ විදේශකයින් බොහෝම කෙටි ඇඳුම් ඇඟලාගෙන සෙරෙප්පු දෙකක් පමණක් පළඳින්නේ මේ රටේ දේශගුණයට ගැලපෙන ආකාරයටය. නමුත් අපි කරමින් සිටින්නේ කුමක්ද?

මේ කාරණා පසුබිමේ තබාගෙන අද අපි බොහෝ ගැටළු රාශියකට මුහුණ දී සිටින කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය දෙසට අවදානය යොමු කරමු.

අප සතුව පැවති අපේ පොළවේ පසට ගැළපෙන උදැල්ල වන්නේ පළලින් වැඩි උසින් අඩු උදැල්ලය. මන්ද අප ඝර්ම කලාපීය රටක නිවසන නිසා කුඹුරු කෙටීමට අවශ්‍ය වන්නේ ගැඹුරට නොව මතුපිටට ආසන්නවය. එහෙත් අද අප පාවිච්චි කරන එංගලන්තයෙන් ආනයනය කර ඇති කිඹුලා උදැල්ල පළලින් අඩු උසින් වැඩි උදැල්ලකි. මෙනිසා සිදු වන්නේ ගැඹුරට පොළව හෑරී , අඩු ප‍්‍රමාණයක් (පළලින් අඩු නිසා) පස පෙරළීමයි. එවිට අපේ පසට සිදුවන හානිය වැඩිය. වැය කිරීමට සිදුවන මහන්සිය වැඩිය.

අපේ ක්ෂුද්‍ර ජීවීන් සිටින්නේ පස මතුපිටට හුඟක් ආසන්නව වන නිසා ගැඹුරට පස කැපීම උචිත නොවේ. අප රොටරියක් යොදා ගනිමින් හාන විට මේ ක්ෂුද්‍ර ජීවීන් සිටින සරු පස යටට ගොස් නිසරු පස මතු පිටට පැමිණෙති. අපි බීජ රෝපණය කරන්නේ මේ නිසරු පසේය. එවිට අපට සාර්ථක අස්වැන්නක නොලැබේ. එය නියතියකි. එවිට සිදුවන්නේ කෘෂි රසායනික යොදා ගැනීමටය. ඒවා නිපද වන්නේ වෙනත්රටවල බහුජාතික සමාගම්ය. එනිසා අද අපට ඒවා මත යැපීමට සිදුව තිබේ. අප නැවත අපේ පැරණි බෝග වගාවට හා තාක්ෂණික ක්‍රමෝපායන්ට යොමු විය යුත්තේ එනිසාය. එහිදී අපට ගැලපෙන නවීණ තාක්ෂණික ක්‍රමෝපායන් ඇත් නම් මේ සඳහා යොදා ගැනීමේ කිසිදු ගැටළුවක් නැත. එහෙත් එය අප රටේ දේශගුණයට උචිත විය යුතුය. (මතු වට)

 

Comments