තනියා හා රුක් දෙවියා | සිළුමිණ

තනියා හා රුක් දෙවියා

තාත්තා වන ජීවී එකට බැඳුණ එක ගැන අම්මා ට තිබුණ නොකැමැත්ත මම දැක්කේ තාත්තා ගෙදර ආව දවසට. ආ.... කැලෑ මහත්තයා කියලා අම්මා කිවුව අමුතු කතාව මට ඒ තරමටම හුරුයි. ඇයි තාත්තෙ කැලෑ මහත්තයා කියන්නේ මං ඒ වෙලාවට තාත්තාගෙන් අහනවා. ආ.... ඒ කැලෑ මහත්තයා කියන්නේ කැලෑවේ යන නිසා. කැලෑව කියන්නේ මොකද්ද?

මං තාත්තාගෙන් එහෙම ඇහුවා.

කැලෑව කියන්නේ දෝණි ගස් ගොඩක් තියෙන තැනක්.

ගස් ගොඩක් තියෙනවා?

ම්හ්....

එහෙනම් කොච්චර හොඳද?

මං ආසයි කැලෑවල විස්තර අහන්න. කැලෑවේ රුක් දෙවියොත් ඇති නේද? ආච්චිගේ කතාවල නම් රුක් දෙවියෝ ගොඩක් ඉන්නවා. ඒත් ඇයි රුක් දෙවියන්ට බැරි කැලෑ කපන එක නවත්වන්න. මට එහෙම හිතෙනවා. ආච්චිගේ කතාවල රුක් දෙවියෝ ගොඩක් දේවල් කරලා තියෙනවා. හඳ පායලා තියෙන දවස්වලට අත්තම්මා ලොවි බංකුව උඩ ඉඳගෙන කතා කියනවා. මං ආස නැහැ. රාස්සයන්ට. මං ආස රුක් දෙවියන්. රුක් දෙවියන්ට.... ආත්තම්මා ඇස් ලොකු කරලා මගේ දිහා බලනවා.

ඇයි පුතා රුක් දෙවියන්ට ආස?

ඇයි අත්තම්මේ රුක් දෙවියෝ ගස් ආරක්ෂා කරනවා නේ. ආත්තම්මාගේ කතාවල ඉන්න රුක් දෙවියො තාත්තාගේ කැලෑවේ නැද්ද කියලා මං තාත්තාගෙන් ඇහුවා. එහෙම ඇහුවහම තාත්තා හිනා වෙනවා විතරයි.‍ෙ

ඒකාලේ හරි හරියට ලී හොරු ඇල්ලුවා. තාත්තාට වැඩ ඉවරයක් තිබුණේ නැහැ. තාත්තා ගෙදර ආවේ මාසයට එක වතාවක් විතරයි. තාත්තේ කැලෑ හොරු බලන්න මටත් ආසයි. අනේ මාත් එක්කං යන්න.

මගේ කතාවට තාත්තාටත් අම්මාට හොඳටම හිනා ගියා. ඒත් මං බොහෝම අමාරුවෙන් කැලෑ හොරු බලන්න යන්න තාත්තා කැමැති කරගත්තා. මේ ළමයාගේ පිස්සු වැඩ.

හරියට මගේ මතකයේ හැටියට ඒ ඉස්කෝලේ නිවාඩු කාලේ තාත්තාත් එක්ක කැලෑවට යන්න මං පිටත් වුණා. අම්මා අකමැති වුණත් මට ඕනේ වුණේ කැලෑව ගැන අත්දැකීමක් ගන්න. හැන්දෑවේ පහට විතර තාත්තාත් එක්ක කැලෑවට යන්න පිටත් වුණා. ඒක හිතන තරම් ලේසි නැහැ. එරමිණිය කටු ගාල්වල පැටලෙමින් අපි කැලේ ගොඩක් දුර ගියා. බලාගෙන මුතූ මේ පැත්තේ තනිය නිතර ගැවසෙනවා. ලේසි නැහැ මුරිච්චි වුණොත්.... සීලබරං ගොයියාගේ අණට තාත්තා කීකරු වුණත් මට නම් පස්සට යෑමේ බලාපොරොත්තුවක් තිබුණේම නැහැ.

මුතූ ඔන්න තනියා.... මේ ළඟමයි. මගේ ඇස් එක පාරටම උඩ ගියා. සද්දන්තයා මා අසල නොසෙල්වී සිටිනු දකින විට මට අත්තම්මාගේ රුක් දෙවියන් සිහි වු‍ණේ ඉබේටමයි. මගේ දෑසෙන් කඳුළු කැට දෙක තුන බිම වැටුණි. අත්තම්මා කියූ රුක් දෙවියෙක්වත් අරාබි නිසොල්ලාසයේ ප්‍රතාපයෙක්වත් එහි සිටියේ නැත.

මොහොතකින් කුමකින් කුමක් වූවාදැයි මං දැන සිටියේ නැත. වනය දෙවනත් කරගෙන ආ හඬ තනියා ඈතට ගිය බව සලකුණු කළා. මේ මාගේ ජීවිතයේ එක් අත්දැකීමක් වුවත්, එවැනි බොහෝ අත්දැකීම් තාත්තාගේ රැකියාව නිසා මගේ ජීවිතයට ද එකතු විය.

එදා රාත්‍රියේ අප සිටියේ කැලැයේ අට්ටාලයක් උඩය. දික් ඔයේ සමීප දර්ශන අප සිටි අට්ටාලයට හොඳින් පෙනුනත් එය නැරැඹීමට මගේ සිත ඉඩ දුන්නේ නැත.

තනියාගේ පැමිණීම මගේ ජීවිතය ගොඩක් වෙනස් කළේය. ඇයි තාත්තේ තනියා තනිකඩ. මගේ සමහර ප්‍රශ්නවලට පිරිසට සිනා සී නොසිටීමට නොහැකි විය.

එළඹි මාසයේ කැලෑ හොරු වැඩි විය. ලොරි දහය පහළොව හොර ලී නිසා ඇල්ලූ බව තාත්තා කියූ වේ බරපතළ ආකාරයටය. එහෙත් මේ තත්ත්වය එන්න එන්නම වැඩි වන බව තාත්තා කීවේ දැඩි කනස්සල්ලෙනි. ඒත් හොර ලී ජාවාරම නතර නොවීය. බලධාරීන් පැනවූ නීති රීති ඔවුන් අකුරටම පිළිගත් බව තාත්තා කිවුවත් මගේ හිතේ නම් ඒ පිළිබඳ තිබුණේ කුහුලකි.

මේ ලී හොරු කැලෑ පාළුවෝ අපි අල්ලන්න ඕනේ. නැත්නම් වෙන්නේ ලොකු විනාශයක්. මැතිවරණ උත්සවවල නොයෙක් කතිකා තිබුණත්,

ඒ පිළිබඳ කිසිදු පැකිළීමක් මගේ හිතේ නම් නොවුණේ ලත් අත්දැකීම් නිසාය. මේ අතරතුර සබරගමුවේදී හොර දැව තොගයක් අල්ලාගෙන ඇති බව නිවේදනය කර තිබූ අතර පුවත්වල පොල් ගොඩි අකුරින් එය පළවී තිබුණේ සියලු විස්තර සමඟින්ය. ගහක් කියන්නේ දෙවියෙක්.

මැතිවරණ රැස්වීම්වල මේ වැකි නිතර කියවෙන විට මට අත්තම්මා කියා දුන් රුක් දෙවියන් මතක් වූයේ නිතැතිනි.

රුක් දෙවියන් කැලැය ආරක්ෂා කිරීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. ඇත්තටම මේ රුක්දෙවියනුත් ලී හොරුන්ට සම්බන්ධ ද? යන්න මට ගැටලුවකි. බොහෝ වනාන්තරවල රුක් දෙවියන් උදෙසා පුද පූජා තිබුණි.

නාකේශ්රවර මන්ත්‍රිතුමා ද වනාන්තර විනාශය කෙරෙහි ඉදිරියෙන්ම සිටියත්, ඒ ගැන පැහැදීමක් මට නම් තිබුණේම නැහැ. මිනිහට කවුරුත් නැහැ. කැලේ විතරමයි. තවම තනිකඩයා.

බොහෝ දෙනා එසේ කිවුවේ මිනිහා කැලේට දක්වන කරුණාව නිසාය. මිනිහගේ හොරයක් බොරුවක් නැහැ නොවැ යැයි කවුරු කොහොම කිවුවත් හොර ලී සමඟ සබරගමුවේදී අසූවූ පුද්ගලයා සමඟ තත්ත්වය වෙනස් විය. මිනිහ තනිකඩයි. ඒකයි ඔය කවුරුත් කිවුවේ එහෙමයි. පෙරළෙන පිට හොඳයි කීම මැතිවරණ ව්‍යාපාරයේ හැටි ද කියලා මට තීරණයකට ඒමට නොහැකි වූයේ දේශපාලන විද්‍යාවේ පොතේ රීතිය වෙනස් බැවිනි.

Comments