ජන­වාරි මාසයේ මුල ලෝකය COOL වෙයි ! | සිළුමිණ

ජන­වාරි මාසයේ මුල ලෝකය COOL වෙයි !

කාලගුණය කිව්වම බොහෝ දෙනෙක් ඒ දිහා බලන්නේ ශීතල හෝ උණුසුම කියන අන්ත දෙකට කොටු වෙලානේ. අන්න ඒ සරල බෙදීම අනුවම හිතුවොත් ඕන කෙනෙක් දන්නව දෙසැම්බර් - ජනවාරී අධික ශීතල කාලයක් බව.

සීතල දුරුතු මාසේ කියලනේ කියන්නේ. හැබැයි ඒ ශීතල උග්‍ර උච්ච අවස්ථාවට පත්වෙන්නේ ඊට වුවමනා සාධක තිබුණොත් විතරයි. සාපේක්ෂව ගණනය කළොත් ඒ ශීත කාලය මෙවර ආරම්භ වෙන්නේ දෙසැම්බර් 29 දා පාන්දර 05.30 න් පසුවයි.

ඔන්න ඔබ නිකමට වගේ නිරීක්ෂණය කරන්න ජනවාරි 01 සිට ජනවාරී 12 දක්වා අධික ශීතලක් පවතීවි. එයිනුත් ජනවාරී 06-07-08-09 කියන දවස් කිහිපයේ ඒ අධික ශීතල උග්‍ර වෙයි. ඇතැම් කෙනෙකුට ඒ දවස් කිහිපය දරා ගන්නත් බැරි වේවී.

අධික හිම පතනය - ජල විපත් ඇතුළු ශෝචනීය සිදුවීම් ලෝකය පුරා වාර්තා වෙයි. ඊටත් අමතරව ගත්තොත් ජනවාරි 03 සහ 04 ආශ්‍රිත දින කිහිපය ලෝකයට විපත් ඇති කරන නපුරු කාලයක් බව පෙන්නුම් කරනව.

ජනවාරි 13 න් පසුව ශීත කාලය හමාර වෙයි. ඒත් බෝවන රෝග , විතරක් නෙවෙයි ඒ ඉදිරි කාලයේත් ලෝකයේ නොයෙකුත් විපත් සහ සමාජ ඛේදවාචක ඉස්මතු කරවන අවදානම් සහගත ග්‍රහ පිහිටීමක් තමා දිගටම පවතින්නේ. ටොලමියානු ලෝකායතන ජ්‍යොතිෂයේ සිද්ධාන්ත අනුව ගත්තොත් මේ සමස්ත කාලයම මහ පරිමාණ භූ චලන මාලාවක් හටගැනීමට අවශ්‍ය සාධක ජනවාරි 12 සිට තීව්‍ර කරවන බවත් ඉතා හොඳට පෙන්නුම් කරනවා.

ඊට සමාන්තරව සහ වියුක්තව මහ පොළොවේ පිපිරීම් ගිලා බැසීම් සහ විශේෂයෙන්ම ධ්‍රැවාසන්න සමතුලනය බිඳී යෑම් වගා හානි වගේම සුළි කුනාටු ටෝනෙඩෝ සහ ගිනි ගැනීම් ආදී විපත් මාලාවක් සහ ජීවිත දේපළ හානි ඉහළ යන්න පුළුවන්. මේ තත්ත්වය එතනින් නවතින්නේ නෑ. නැවත පෙබරවාරී මාසයේ සිට 2018 අප්‍රේල් අලුත් අවුරුදු උදාව පසුවනතුරුත් ලෝකයට ජලයෙන් සහ සුළඟින් නොසෑහෙන්න බැට කන්න සිදුවෙනවා.

 

Comments