
‘පොහොට්ටු පක්ෂෙත් පෙරටුගාමී ගානට වැටිලද?’
‘මහින්ද මහත්තයත් කුමාර් මහත්තයාගේ තත්තෙට වැටිලද?’
‘කුමාර් කිව්වේ ගුණරත්නම්ද?’
‘සයිටම් ප‍්‍රශ්නේ නැත්නම් පෙරටු කාරයන් අනාථයි’
‘මහින්ද මහත්තයත් දැන් කොච්චර අනාථවෙලා ද කියනවානම් දැන් හදන්නේ පෙරටු කට්ටිය වගේ සයිටම් ප‍්‍රශ්නෙන් ගොඩයන්න’
‘රට බේරාගත් නායකයෙක් ඒ තත්වෙට වැටෙන එක හොඳද?’
‘මේ හොඳ නරක හිත හිත ඉන්න වෙලාවක් නෙමෙයි’
‘එච්චරට පොහොට්ටුව අසරණ වෙලාද?’
‘ඔව් අහසින් පොළවට වැටිලා’
‘අහස් මාළිගා බිමට කඩාවැටිලා’
‘දැන් හදන්නේ සයිටොං එකෙන් හරි ගොඩයන්න’
‘තමං ඇති කරපු එක තමං ඇතිකෙරුවේ නෑ කියන එකට කියන්නේ මොන දේශපාලනයද?’
‘ඒක පොහොට්ටු දේශපාලනයද?’
‘විමල්ගේ ගෙදරත් කඩා වැටෙනවා’
‘ඔව් විමල් තනිකරලා නිමලූත් ගියා’
‘එයිට ඉස්සෙල්ලා වීරවංශ තනිකරලා වීරකුමාර ගියා’
‘විමල්ගේ හඬට අහුවෙන්නේ ඈත ඉන්න අය විතරයි’
‘ළඟ ඉන්න අයට විමල් ගේ හඬ විතරක් නෙමෙයි හද ගැස්මත් ඇහෙනවද? ඒකද දාලා යන්නේ’
‘මේ සේරම ප‍්‍රශ්න අනාගතේ විසෙඳයි. කවුද දන්නේ විමල්ට යන්න බැරි හින්ද අනිත් කට්ටියව යැව්ව ද කියලා’
‘බැසිල්ගේ රැස් බාල වෙලා’
‘ඔව් නූල්සුත්තරවලට වඩා දෙයක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා’
‘අන්තිමට පුංචි ඡන්දේ ඉවර වෙනකොට පොහොට්ටුව හොඳටම පුංචි වෙයි’
‘ඒක තමයි කියන්නේ උඩපැන්නොත් බිම වැටෙනවා කියලා’
‘අපිට දුක මහින්දත් එක්කම වැටෙන එක’
‘බැසිල්ට දුක නැත්නම් අපට මොකද?’
පුංචිඡන්දයත් සමඟ මගේ සිත සිහින සාගරයක අතරංමංවී ඇති බව මට දැණිනි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බව ඒසමඟම මට කල්පනා විය.