අසි­රි­මත් නත්තල... | Page 3 | සිළුමිණ

අසි­රි­මත් නත්තල...

 

බෙත්ලෙහෙමේ මල් සුවඳක් විහිදෙන්නේ
සීත සුළං රැලි දස අත පාවෙන්නේ
එ‍ඬේර පවුල ගවලෙනෙ නවතින්නේ
වල්ග තරුව රෑ අහසේ බබළන්නේ

ගවලෙනෙ ආලෝකය විහිදුවා
පින්වත් කුමරෙකු මෙලොවට බිහිවුවා
යේසුස් යන නමින් ඔහු හැඳිනුවා
විමුත්තිදායක අරුතක් එහි වුවා

උඳුවප් මස සිසිල් රැයක් ගතවෙනවා
ගවලෙනේ ආලෝකය පැතිරෙනවා
සතහට සාමයේ පණිවුඩ ගෙනදෙනවා
සාමයේ කුමරුන් ලොවට වඩිනවා

ලසඳ ඔෂාන් විජයානන්ද

13 ශ්‍රේණිය,

ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,

බළන්ගොඩ.

Comments