
දෛවය පිළිබඳව අසා දැන ගැනීමට දෛවඥයා වෙත පැමිණි මිනිසුන් තවත් කරදරයක වැටීමට ඉඩ නොදිය යුතුය. ඔවුන්ට අවශ්‍ය කරන්නේ තමාගේ අනාගතය - විවාහය - ගේදොර - අධ්‍යාපනය - ලෙඩදුක් ගැන දැන ගැනීමට මිස නවාංශකය නිවැරදි දැයි දැන ගැනීමට නොවේ.ජන්ම පත්‍රයක් නිවැරදි කිරීමට නම් එහි ඇති වරද සාධාරණව ඔවුන්ට කියා දීමට හැකිවිය යුතුය.
අද කාලයේ හැටියට නම් ඇඳුමෙන් පැළඳුමෙන් පවා සමහරවිට මේ ගෑනියෙක්ද? මේ පිරිමියෙක්ද? කියා සොයා ගැනීමට අසීරු අවස්ථා ඇත.
තවත් අවස්ථාවල බාහිරව පිරිමි මෙන් පෙනෙන ඇතැමුන් ගැහැණු ගතියට ලංවන බවත්, සත්‍රීන් මෙන් පෙනෙන ඇතැමුන් ගතිගුණවලින් පිරිමින් මෙන් හැසිරෙන බව පෙනී යයි.
මෙසේ ගත් කළ ගෑනු-පිරිමි දෙක තෝරා බේරා ගැනීම ලෙහෙසි පහසු නැත.
මේ පටලැවිල්ල ජ්යොතිෂයටද බෝවී දැන් කාලයක් ගතවී ඇත. එක්තරා දෛවඥයින් පිරිසක් පුරුදුව සිටින්නේ නවාංශකයෙන් ගෑනු පිරිමි බව තීරණය කිරීමටය. ඔවුන්ගේ තර්කය අනුව පිරිමියෙක් නම් නිසැකයෙන්ම මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන පිරිමි නවාංශකයකින් උපත ලැබිය යුතුය. එසේම ස්ත්‍රියක නම් වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්ත්‍රී නවංශකයකින් උපත ලැබිය යුතුය.
“සෙත්මිණට ලිපි සපයන එක් ජ්යොතිෂවේදිනියක උපත ලබා ඇත්තේ ධනු ලග්නයෙන් හා ධනු නවාංශකයෙනි. ජ්‍යොතිෂය අනුව මෙය වර්ගෝත්තම අවස්ථාවකි. ඔහු පුරුෂ රාශියක් වන අතර ධනු නවාංශකයද පුරුෂ ගණයට වැටේ. එය ප්‍රබල උපතකි. එහෙත් යටකී නවාංශකයෙන් ගෑනු පිරිමි බව සොයන ජ්‍යොතිෂවේදියකු වෙත ඒ ජන්ම පත්‍රය රැගෙන ගියහොත් ඔුහු නිසැකවම කරනු ලබන්නේ “මේ නවාංශකය වැරදියි“ කියා නවාංශකයේ “ ධනු“ යන්න ඉවත් කර එතැනට එක්කෝ වෘශ්චික හෝ මකර හෝ යන ස්ත්‍රී නවාංශකයක් ආදේශ කිරීමය. මොකද ඔවුන්ගේ තර්කය අනුව ස්ත්‍රියකට කෙසේ වත් පුරුෂ නවාංශකයක් තිබිය නොහැක. ඉතින් අවසානයේ මේ ගෑනු පිරිමි පටලැවිල්ල නිසා මුළු කෙන්දරයම අපභ්රංශයක් බවට පත්වේ.
ප්‍රවීණ ජ්යොතිෂවේදිනියක වූ කනංකේ ලතා ද සිල්වා සේ ලිපියෙන් නවංශකයෙන් ගෑනු - පිරිමි බව සෙවීම අනුවණ ක්‍රියාවක් බව මොනවට පෙන්වා දෙන්නීය. මීට ප්‍රතිවිරුද්ධ අදහස්වලටත් ඉඩදීමට සෙත්මිණ සූදානම්ය.
(සංස්කාරක)
නවාංශකය අනුව ස්ත්‍රී පුරුෂභාවය නිගමනය කරමින් අද ඇතැම් ජ්‍යොතිෂවේදීහු රට මුලා කරති. ස්ත්‍රී පුරුෂ භාවය නිවැරදිවම ප්‍රකාශ කළ හැකි ක්‍රමවේදයන් තමන් සතුව ඇතැත් ඒවා මෙතෙක් ප්‍ර යෝජනයට ද ලෝකයට ද නොදී සිටීමට පවා අකාරුණික වූ ජ්‍යොතිර්වේදීන් ද නැතුවා නොවේ. කෙසේ නමුත් දක්ෂ ජ්‍යොතිර්වේදීහු කිසිවිටෙක නවාංශකය මුල් කර ස්ත්‍රී පුරුෂභාවය නිගමනය නොකරති. මේ පිළිබඳ කරුණු බොහෝ ගුරුකුලවල විවිධාකාරයෙන් ඉදිරිපත් කර තිබෙන්නට පුළුවන.
කිසියම් දෙයක් අහවල් වේලාවටම සිදුවේ යයි කීමට දක්ෂ වූ ක්රිෂ්ණ මූර්ති පඬිතුමන් පවා ස්ත්‍රී පුරුෂ භේදය සොයා ගැනීම පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් කළ වගක් නොපෙනේ.
අපේ සමහර ජ්‍යොතිර්වේදීන් තමා ළඟට ගෙන එන ජන්ම පත්‍රය කාන්තාවක් වී එහි නවාංශකය පුරුෂ නවාංශකයක් වුවොත් කේන්ද්‍රය වැරදියි. වහාම නිවැරදි කළ යුතුයි කියා නැවත එය සාදා තමාගේ පාණ්ඩිත්වය විදහා පෑමට උත්සහ දරනු පෙනේ. මේ නිසා ජන්ම පත්‍ර හිමියන් ඉතා අපහසුතාවට පත්වන බවද කිව යුතුමය. ස්ත්‍රී ලග්න ස්ත්‍රී නවාංශක යනුවෙන් මම ලග්න දොළොස (රාශි දොළොස) නම් කර තිබියදී ස්ත්‍රී ලග්නයකට පිරිමි උපදින්නට හැකිනම් ස්ත්‍රී නවාංශකයක පිරිමියකුට ඉපදීමට නොහැකි වන්නේ ඇයි?
උදාහරණයක් වශයෙන් මේෂ ලග්නය ගනිමු. මෙහි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම උපදිති. වෘෂභ ලග්නය ද එසේමයි. මේ අනුව බලන කළ සියලුම නවාංශක වලද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම උපත ලබන්නට හැකිවේ යැයි ස්ථිරවම තීරණය කිරීමට සිදුවේ.
ඉහත කී ආකාරයෙන් ජන්ම පත්‍රයක ස්ත්‍රී නවාංශකයක පුරුෂ උපතක් හෝ පුරුෂ නවාංශකයක ස්ත්‍රී උපතක් හෝ සිදු වූ විට ඇතැම් ජ්‍යොතිර්වේදීන් එය නිවරදි කරන්නේ දරුවා පිළිබඳ විමසා වේලාව වැරදි බව හෝ පවසා නවාංශකයද වෙනස් කිරීමෙනි. මේ ක්‍රියාව නොකළ යුතු බව අප තරයේ මතක තබා ගත යුතුය.
දෛවය පිළිබඳව අසා දැන ගැනීමට දෛවඥයා වෙත පැමිණි මිනිසුන් තවත් කරදරයක වැටීමට ඉඩ නොදිය යුතුය. ඔවුන්ට අවශ්‍ය කරන්නේ තමාගේ අනාගතය - විවාහය - ගේදොර - අධ්‍යාපනය - ලෙඩදුක් ගැන දැන ගැනීමට මිස නවාංශකය නිවැරදි දැයි දැන ගැනීමට නොවේ.
ජන්ම පත්‍රයක් නිවරදි කිරීමට නම් එහි ඇති වරද සාධාරණව ඔවුන්ට කියා දීමට හැකිවිය යුතුය. මා සිතන ආකාරයට නවාංශකයෙන් ස්ත්‍රී පුරුෂ භේදය නිගමනය කළ නොහැකියි. ඊට හේතුව ඔහුගේ නවාංශකය යනු ලග්නයෙන් නවයෙන් පංගුවක් හෙවත් අංශක 3, තුලා 20ක් පමණ ප්රමාණයකි. ලග්නයක කාලසීමාව ඉංග්‍රිසි පැය වලින් 2කට ආසන්න වේ.
එය නවයෙන් බෙදු විට විනාඩි 13කට ආසන්න හෝ ඊට වැඩිවේ. එක් එක් ලග්නයේ ප්‍රමාණය අනුව මෙය වෙනස් වන අතර සෑම ලග්නයකම එකී නවාංශකයක් විනාඩි 10කට වැඩි බව නම් ස්ථීරය. මොහොතක් සිතා බැලිය යුතු කාරණාවකි.
විනාඩි 10කදී දරුවන් කී දෙනෙක් උපදීද එයින් කී දෙනෙක් ගැහැණූ දරුවෝද කී දෙනෙක් පිරිමි දරුවෝද කියා විමසීමේදී මෙම දෙපාර්ශ්වයම ඒ වේලාවට ඉපදී ඇති බව නොරහසකි. ස්ත්‍රී නවංශකයක ස්ත්‍රිය ඉපදීම ද පුරුෂ නවාංශකයක පුරුෂයකු ඉපදීම ද සිදුවිය යුතු යැයි සම්මතයක් අප රටේ ප්‍රචලිතව ඇති නමුදු එය කිසිසේත්ම පිළිගත නොහැකි වන්නේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත.
ද්වාදශාංශක හෝ ත්‍රිශාංශක ක්‍රමයට මේ පරීක්ෂාව කර යම් නිගමනයකට ඒම එතරම් වරදක් නැත. ඒ තුළ ඉතා කෙටි කාල සීමාවක් පවතින අතර ස්ත්‍රී ද්වාදශාංශක ස්ත්‍රී ත්රිංශාංශක තුළ ස්ත්‍රියක් ඉපදීම සිදුවිය හැකි සේම පුරුෂ ද්වද ශංශකයක් පුරුෂ ත්‍රිශාංශකයක් පුරුෂයෙක් ඉපදීම නිවරදි වීමට බොහෝ ඉඩකඩ ඇති බැව් අප පිළිගත යුතුය. කෙසේ වෙතත් නවාංශකයෙන් නම් ස්ත්‍රී පුරුෂ භේදය හඳුනා ගැනීමට හැකි යැයි සිතීම බරපතළ මුලාවක් බව නොකියාම බැරිය.