
බුධ ග්‍රහයාගේ පිහිටීම විස්මය උපදවයි. ඔහු 3/4 ක් මීන බුධ ලෙස පිහිටා සිටින අතර 3/4 ක් බුධ / ශනි ලෙස සංයෝග වෙයි. ලොව සසල කළ මහා භූමිකම්පා හටගන්නා කාල පරිච්ඡේද සහ ඒවා හට ගන්නා විට පවතින ග්‍රහ පිහිටීම විසින් කිසියම් පොදු රටාවක් පෙන්වනු ලබන බවට ඉහත නිදසුන කදිම සාක්ෂියකි. මේ එකක්වත් අහම්බෙන් හටගත් ග්‍රහ පිහිටීම් ද නොවේ. පොදු පාඨකයාගේ පහසුව පිණිස ඉහත යොදා ගත්තේ අවස්ථා හතරක් පමණි.
ලෝක ඉතිහාසයේ මෑත කාලයේ හටගත් දරුණුතම භූ චලනය ලෙස වාර්තා වන්නේ 1960 මැයි 22 දා රාත්‍රි 19.11 ට චීලී රටේ වැල්ඩිවියාහි හටගත් මහා භූමි කම්පාවයි. එය රිච්ටර් මාපකයේ 9.5 ක් ලෙස සටහන් වී තිබිණ. 1964 මාර්තු මස 28 දා පාන්දර 03.36 ට දකුණු ඇලස්කාහි රිච්ටර් මාපකයේ 9.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගත් අතර එය 'ගුඩ් ෆ්‍රයිඩේ පොළෝ දෙදරුම ' ලෙස ද ප්‍රකට විය. 2004 දෙසැම්බර් 26 දා මධ්‍යම රාත්‍රි (UTC) 00.58 ට සුමාත්‍රා මුහුදු පතුලේ සිදු වූ රිච්ටර් මාපකයේ 9.1 - 9.3 ප්‍රබලත්වයෙන් යුත් මහා භූ චලනය හේතු කොට ගෙන සුනාමි ඛේදවාචකය හට ගත්තේය. 2011 මාර්තු 11 දා පාන්දර 05.46 ට ජපානයේ හොන්සු හි රිච්ටර් මාපකයේ 9.1 ක ප්‍රබලත් වයෙන් යුත් භූ චලනයක් හටගත් අතර රිච්ටර් මාපකයේ 9-5 සිට 8.4 දක්වා වූ මහා භූ චලන විස්සක් මෑත ඉතිහාසයේ හටගත් දරුණුම භූමිකම්පා ලෙස වාර්තා වෙයි. මතු දැක්වෙන්නේ ඒ පිළිබද ලුහුඩු සටහනකි .
ඉහත ලේඛනය අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ලොව හෙල්ලූ මහා භූමි කම්පා 20 න් 17 ම හටගෙන තිබෙන්නේ 12/11/10/ 01/02/03/04 යන සමීප සමාන්තර මාසවලදී බවයි. එයින්ද මහා භූ කම්පන 5 ක් මාර්තු මාසයේදී හටගෙන ඇති අතර එවැනිම භූ චලන 4 ක් පෙබරවාරි මාසයේ සිදු වී තිබේ. අප්‍රේල් මාසයේ 02 ක් නොවැම්බර් 02 ක් ආදී වශයෙන් එය තවදුරටත් වර්ග කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ මහා භූ චලන 20 න් 11 ක් ම හටගෙන තිබෙන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් යන මාස ත්‍රිත්වයේදීය. එයින්ද වැඩිම භූ චලන සංඛ්‍යාව වාර්තා වන්නේ පෙබරවාරි -මාර්තු යන ද්වී මාසයේ ය. එම ප්‍රමාණය 09 ක් වෙයි. ආසන්න වශයෙන් මෙතෙක් ලොව වාර්තා වූ දරුණුම භූ චලනවලින් 50 % ක් පමණ හටගෙන තිබෙන්නේ පෙබරවාරි- මාර්තු කාලයේදීය. එසේ වීමට කිසියම් විශේෂ හේතුවක් තිබෙන්නේ දැයි විමසා බලමු.
A).1964 මාර්තු 28 සිකුරාදා පුර පසළොස්වක දිනයකි. මීන රවි (ශනි ) කන්‍යා සඳු (රවි ) මීන කුජ (ශනි ) මීන බුධ (ශනි )
B).2011 මාර්තු 11 බ්‍රහස්පතින්දා පුර සැටවක දිනයකි. කුම්භ රවි (ගුරු ) වෘෂභ සඳු (රවි ) කුම්භ කුජ (රාහු ) මීන බුධ (ශනි )
C).2005 මාර්තු 28 සඳුදා අව තියවක දිනයකි. මීන රවි (ශනි ) තුලා සඳු (කුජ ) මකර කුජ (සඳු ) මීන බුධ (ශනි )
D).1957 මාර්තු 09 සිකුරාදා පුර සතවක දිනයකි. කුම්භ රවි ( ගුරු ) වෘෂභ සඳු ( කුජ ) වෘෂභ කුජ ( රවි ) කුම්භ බුධ ( රාහු )
ඉහත දැක්වූ මහා භූමිකම්පා හතරම සිදු වී තිබෙන්නේ මාර්තු මාසයේ ය. ඒවායින් දෙකක් 28 දිනයේත් අනෙක් දෙක 09 සහ 11 යන ආසන්න දිනවලත් හටගෙන තිබේ. මේ හතරින් තුනක් ම සඳුගේ පුර පක්ෂයට අයත් වෙයි. එයින් 02 ක් මීන රවියටත් අනෙක් 02 ක කුම්භ රවියටත් ලෙස යාබද රාශි දෙකකට අයත් වේ. එසේම එයින් 02 ක් රවි / ශනි සහ අනෙක් 02 ක රවි / ගුරු සංයෝග ලෙස විද්‍යාමාන වෙයි.
මේ මහා භූමි කම්පා හතරින් තුනක් ම සිදු වී තිබෙන්නේ සඳු පඨවි රාශිවල සිටියදී ය. එලෙසම මේ අවස්ථා හතරේදීම සඳු පිහිටා සිටින්නේ රවි සහ කුජ හෙවත් ඔවුන්ට අයත් අග්නි ශක්ති කලාපයේ ය. මේ අවස්ථා හතරේ කුජගේ ස්වරූපය බලන විට 3/4 ක් ඍජුව සහ වක්‍රව ශනි + කුජ සංයෝගය හටගෙන තිබෙන බවත් පෙනෙයි.
බුධ ග්‍රහයාගේ පිහිටීම විස්මය උපදවයි. ඔහු 3/4 ක් මීන බුධ ලෙස පිහිටා සිටින අතර 3/4 ක් බුධ / ශනි ලෙස සංයෝග වෙයි.
ලොව සසල කළ මහා භූමිකම්පා හටගන්නා කාල පරිච්ඡේද සහ ඒවා හට ගන්නා විට පවතින ග්‍රහ පිහිටීම විසින් කිසියම් පොදු රටාවක් පෙන්වනු ලබන බවට ඉහත නිදසුන කදිම සාක්ෂියකි. මේ එකක්වත් අහම්බෙන් හටගත් ග්‍රහ පිහිටීම් ද නොවේ. පොදු පාඨකයාගේ පහසුව පිණිස ඉහත යොදා ගත්තේ අවස්ථා හතරක් පමණි.
අනෙක් අවස්ථා 16 ත් මේ ආකාරයෙන්ම පරීක්ෂා කැර බලන්න. එවිට ඔබ විමතියෙන් විමතියට පත්වන ලෙස ඒ සෑම භූ චලනයක් කෙරෙහිම පොදු රටාවක් ඇති බැව් දකින්නට ලැබෙයි. එසේම මේ සඳහා යොදා ගත්තේ රවි සදු කුජ බුධ යන ග්‍රහයන් හතර දෙනා පමණි.
ඉතිරි ග්‍රහයන් 08 දෙනාත් එලෙසින් ම පරීක්ෂා කැර බැලිය හැකිය. එමෙන් ම මේ පොදු පින්තූරය සඳහා ඉහත යොදා ගත්තේ ග්‍රහයන්ගේ ස්ථූල (Macro) පිහිටීම පමණි.
ග්‍රහයන්ගේ ක්ෂූද්‍ර සූක්ෂ්ම (Micro) පිහිටීම ද වැඩි දුරටත් පිරික්සිය හැකිය. එවිට මේ මහා භූමි කම්පා 20 තුළම පුදුම උපදවන සුළු පොදු රටාවක් ඇති බැව් ඔබටම පසක් කොට ගත හැකිය. දැනට මේ ගැන කිව හැක්කේ මෙපමණකි. අපි තව දුරටත් සොයමු.. කැමති නම් ඔබට ද සෙවිය හැකිය.
ඉහත සටහන ඒ සදහා උත්තේජනයක් වනු ඇතැයි සිතමු. සොයන්නාට කවදා හෝ එය සම්භ වේ.
හැබැයි මේ ආදර්ශ ආකෘති ගෙඩි පිටින් අමුවෙන් ම කොපි කොට අහවල් අහවල් දවසේ භූමි කම්පා හෝ සුනාමි හට ගන්නා බවට කවුරුන් හෝ බොරු අනාවැකි කියන්නට ගොස් අනා ගත්තේ නම් අපි නම් ඒවාට වග නොකියන බවත් ශාස්ත්‍රාභිවෘද්ධියෙන් යුතුව කියමු.