මැතිවරණ කොමිසම විතරක් මදි | Page 3 | සිළුමිණ

මැතිවරණ කොමිසම විතරක් මදි

 ‘රට හදන්න පුළුවන් දේශපාලනයෙන් විතරයි කියලා කවුරු හරි කියලා තියෙනවද?’

‘කවුරුවත් කියලා නෑ’

‘ඒත් හැමෝම හිතන්නෙ එහෙම නේද?’

‘කවද ඉඳලාද මේ පුරුද්ද ඇතිවෙලා තියෙන්නේ’

‘මේක දේශපාලනඥයන්ගේ වාසියට හදාගත්ත දෙයක් ද?’

‘රට හදන්න පුළුවන් දේශපාලනයෙන් විතර නම් රටක වැදගත් ම පුද්ගලයා දේශපාලනඥයා වෙනවා. ඒ අනුව මේ කතාව දේශපාලනඥයෝ හදාගත්ත එකක් වෙන්න පුළුවන්’

‘ඇයි ගුරුවරුන්ට රට හදන්න බැරිද?’

‘ගුරුවරුත් දැන් රට හදන්නේ නැතිව දේශපාලනය කරන්න යනවා’

‘ඇයි වෛද්‍යවරුන්ට රට හදන්න බැරිද?’

‘වෛද්‍යවරුනුත් වෙදකම් කරනවාට වඩා දේශපාලනය ගැන උනන්දුයි වගේ’

‘දෙමවුපියෝ තමන්ගේ දරුවෝ ටික හරියට හැදුවොත් රට හැදෙන්නේ නැද්ද?’

‘දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට වඩා දේශපාලනය ගැන උනන්දුවක් දක්වනවා’

‘නෑ මෙතන තියෙන ප්‍රශ්නේ දේශපාලනය කියන එක තමන්ගෙන් බැහැර දෙයක් බවට පත්කරගන්න එක’

‘ඒක තමයි ජනප්‍රිය දේශපාලනය’

‘ඒ කියන්නේ තමන්ව හංගලා වෙන මොනවාහරි ප්‍රශ්නයක් මතු කරන එක’

‘විමල් කරන්නේ ඒකද?’

‘විමල් විතරක් නෙමෙයි ගොඩක් අය කරන්නේ ඒක’

‘එතකොට විමල්ගේ නම විතරක් සඳහන් කළේ’

‘ඒක වැරදීමක්’

‘තමන් හංගලා කරන දේශපාලනය දේශපාලනයක් නෙමෙයි’

‘ජීවත්වීමකුත් නෙමෙයි’

‘ඒත් දැං ඒක තමයි මිනිස්සු කරන ලොකුම වැඩේ’

‘ඒත් තමන් හංගලා කරන දේශපාලනය මගින් ඉහළ පෙළේ නායකයෝ වීරයෝ වෙච්ච අය ඉන්නවා නේද?’

‘එහෙම අය ඇත්තටම වීරයෝද?’

‘ඒ දේශපාලනයෙන් මිදෙන්න විදිහක් නැද්ද?’

‘මැතිවරණ කොමිසමෙන් විතරක් ඒක කරන්න බෑ’

‘ඔව් ඒකට හැම කෙනෙකුටම හදවතක් තියෙන්නත් ඕනැ’

Comments