
දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකේය පුවත්පත් කාටුන් ක්ෂේත්‍රයේ අද්විතීය භූමිකාවක් නිරූපණය කරමින් ජනහදවත්හි ගී සදාතනිකව තැන්පත්ව ඇති ජ්‍යෙෂ්ඨතම ශිල්පියෙකුට අපි අද පැහැසර හමුවට ආරාධනය කළෙමු. ගජමෑන්, දොං සේතං, ටික්කා, ලපයා, දැක්කොත් පත්මාවතී, සෙල්ලං සේන, සිරිබිරිස් මේ ආදී වශයෙන් ඔහුගේ තෙළිතුඩින් බිහිවූ කාටුන් චරිත අපේ මුද්‍රණ මාධ්‍ය ඉතිහාසයේ සදානුස්මරණීය වේ. මේ සුවිශේෂී කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා නම් වන්නේ ය.
උපන් දිනය?
1939 දෙසැම්බර් 01
• උපන් ගම?
මීගමුව නගරය!
• උප්පැන්නයේ නම?
කුරුකුලසූරිය එලිජියස් කැමිලස් පෙරේරා
• දෙමවුපියෝ?
පියා කුරුකුලසූරිය ඇල්ප්‍රඩ් පෙරේරා. මව කුරුකුලසූරිය මේබල් බර්ඩ් රෙජිනා ප්‍රනාන්දු.
• සහෝදර සහෝදරියෝ්?
මල්ලිලා දෙදෙනයි නංගිලා දෙදෙනයි මා පවුලේ වැඩිමලා.
• මුලින් ම අකුරු කළේ?
මීගමුව ශාන්ත සෙබස්තියන් මිශ්‍ර පාසල.
• පසුව?
තුන් වැනි ශ්‍රේණියේදී මාරිස්ටෙලා විදුහලට ඇතුළත්ව නැවත හතර වැනි ශ්‍රේණියට මීගමුව ශාන්ත මරියා මහ විදුහලට ඇතුළු වුණා.
• සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ ශාන්ත මරියා විදුහලෙන්?
ඔව්! මා උසස් පෙළ හදාරන අතර රජයේ රැකියාවක් ලැබෙනවා.
• ඒ කොහාටද?
පුත්තලම කච්චේරියට.
• කවුරු හැටියට ද?
සටහන්කරු සැලසුම් ශිල්පි තනතුර.
• පාසල් සිසුවකුට කොහොමද හිටි ගමන් රජයේ පත්වීමක් ලැබෙන්නේ?
අයැදුම්පත් කැඳවා තිබූ එම තනතුරට මා ඉල්ලුම් කළා. ඒ අයැදුම් කැර තිබූ දහසකට අධික සංඛ්‍යාව අතරින් මා තේරුණා.
• ඒ කියන්නේ මේ සියලු දෙනාට විභාගයක් තබා ඒ අතරින් ඔබ තේරුණා?
ඔව්!
• ඒ කොයි කාලෙද?
1960 නොවැම්බර් මාසයේ මා පුත්තලම කච්චේරියට ගිහින් වැඩ බාර ගන්නවා.
• රටක් රසවත් කළ කාටුන් ශිල්පියා බිහිවෙන්නේ?
මා හිතන්නේ ඉතාම කුඩා අවධියේ පටන් කියලා කිව්වොත් නිවැරැදියි.
• ඒ කියන්නේ?
මා පාසලේ දෙවන වසරේ සිටියදී අදින ලද කාටුන් දැකපු විදුහල්පතිතුමා ඒවා අරගෙන පන්තියේ එල්ලා තැබීමට කටයුතු කළා අනෙක් අයට බලාගන්න.
• කොහොමද මෙතරම් කුඩා අවධියේ කාටුන් චිත්‍ර ඇඳීමේ ආශාවක් ඇති වෙන්නේ?
මා හිතන්නේ ඒ කාලයේ ‘ඔබ්සවර්’ පත්‍රයේ පළ වුණ කොලට් මහත්තයාගේ කාටුන් බලපෑවා කියලා.
• පැහැදිලි කළොත්?
අපි හැදුණේ මීගමුව නගර මධ්‍යමයි ඉතිං ඔබ්සවර් පත්‍රය බලන අය නිතරම කොලට් මහතාගේ කාටුන් ගැන කතා වෙනවා. මට ඇහෙනවා.
• ඉතිං!
ඉතිං! පුංචි මටත් හිතෙනවා ඇයි මටත් එහෙම කෙනෙක් වෙන්න බැරි කියලා. ඒ නිසා මාත් හිතට එන දේ අදින්න ගත්තා. එතන තමයි ආරම්භය.
• පුංචි සන්ධියේ පටන් ඇදීම තමයි කළේ?
අපෝ නෑ! මා පාසල් කාලයේ දක්ෂ පා පන්දු ක්‍රීඩකයෙක්. පාසල ඇරිලා ගෙදර ඇවිත් කාපු ගමන් යන්නේ ක්‍රීඩා පිටියට.
• මා ඔබෙන් මෙහේ ම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ පාසල් කාලයේ කොහොම චරිතයක්ද?
මා හිතනවා නිවිච්ච චරිතයක් කියා! හැබැයි මා පාසල් යන්න හරිම හොරයි අම්මා මට ගහල තමයි පාසල් යවන්නේ.
• නැවතත් මා කලින් තැනට යන්න කැමැතියි දැන් ඔබ පුත්තලමට යනවනේ රැකියාවට ඊට පසුව?
මගේ හිතේ තිබෙන්නෙම කාටුන් ඇදීමේ සිහිනයයි. මේ නිසා මං පුත්තලමේ ඉන්නේ මාස තුනයි කොළඹ කච්චේරියට මාරුවීමක් හදාගන්නවා.
• ඒ ඇයි?
කොළඹනේ පත්තර කන්තෝරු තියෙන්නේ?
• ඊට පස්සෙ?
ඒ කාලේ කොළඹ කච්චේරිය තිබුණේ පිටකොටුවේ වේල්ල වීදියේ මා දිනපතාම කාටුන් ඇදගෙන ලේක්හවුස් එකට පයින් යනවා. ඒත් කිසිම කර්තෘ කෙනෙක් හමුවෙන්න ලැබුණේ නෑ.
• මේ කාලේ වෙන විට ඔබ ඇදපු සිතුවමක් ‘සරසවිය’ පත්‍රයේ පළවී තිබුණ නේද?
ඔව්! එය කාටුනයක් නොවෙයි.
සී.ටී. ප්‍රනාන්දු ගායනය කරන ‘මාමේ රා බිඳුවක් දී මා සනසන්නේ ගීතයේ පද පේළියට අදින කටු චිත්‍රයක් එය පළ වුණේ 1964 දී.
• ඉන් පසුව?
කච්චේරියේ වැඩ කළ වෘත්තිය සමිති නායකයෙක් වූ ජිනදාස උක්වත්ත මාර්ගයෙන් මට ‘දවස’ පත්‍රයේ ඩේවිඩ් කරුණාරත්න මහත්තයා හඳුනාගන්න ලැබෙනවා.
• හොඳ අවස්ථාවක්?
ඔව්! මා ‘තෙපානිස්’ කියන කාටුනය පළමුවරට ‘දවස’ පත්‍රයට ඇන්ද . හැබැයි ශත පහක්වත් ලැබුණේ නෑ!
• ඒ වුණාට ඔබ අධෛර්ය වුණේ නෑ!
ඔව්! ඔය අතරේ පියසේන නිශ්ශංක මහත්තය. මාර්ගයෙන් ඩී.එෆ්. කාරියකරවන මහතා හඳුනාගන්න ලැබෙනවා.
• කාරියකරවන මහතා එතකොට කොහෙද සේවය කළේ?
ඔහු ලේක්හවුස් ආයතනයේ ජනතා පත්‍රයේ කර්තෘ. මගේ ‘දොං සේතං’ කාටුනය එතුමා ජනතා පත්‍රයේ පළ කරනවා.
• මුදල් ලැබෙනවද?
ඔව්! රුපියල් පහක ගෙවීමක් කළා.
• ඒ කොයි කාලෙද?
මට පළමු ගෙවීම ලැබුණේ 1965 මැයි මාසේ පළමුවැනිදා.
• ඔබතුමා ‘ගජමෑන්’. මට උත්තරයක් දෙන්න?
(සිනා) හැම පවුලකම ගජමෑන් කෙනෙක් ඉන්නවා!
• ඒ කියන්නේ?
ජීවිතේ ඕනෑම ප්‍රශ්නයක් සිනහවෙන් විහිළුවෙන් විසඳගන්න චරිතයක්.
• ‘මගෝඩිස්තුමා’ ගැනත් යමක් කියන්න?
රටක් සමාජයක් පමණක් නොවෙයි තමන්ගේ ගෙදරත් රවට්ටගෙන ඉන්න චරිතයක්නේ.
• සෙල්ලංසේන, ටික්කා ලපයා දැක්කොත්පත්මාවතී මේ ආදී වශයෙන් චරිත රාශියක් ඔබේ කාටුන් ලෝකයේ සිටියා මේ චරිත අදත් ජන මනසේ ප්‍රබල ලෙස තැන්පත්ව තිබෙනවා මෙහි රහස?
මා නම් දමනවිට ගණ බැලීමට පුරුදුව සිටිය. එයට මට උදව් කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉඳලා කච්චේරියේ වැඩට ආ මිත්‍රයෙක්.
• ඔබ ජ්‍යොතිෂ්‍ය ගැන විශ්වාස කරනවා?
ඔව්! මා කතෝලිකයෙක්. බලන්න ජේසු සමිඳාණන්ගේ උපත රජුට දැනුම් දෙන්නෙත් අහසේ පායන තරු මඟින්.
• මා කැමතියි ගජමෑන්ගේ ආරම්භය දැනගන්න?
ලේක්හවුස් ආයතනය ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්‍රය ආරම්භ කරනවනේ ‘සතුට’ එයට මා මුලින් ම ගජමෑන් නිර්මාණය කළේ.
• පසුව?
1974 ලේක්හවුස් ආයතනය මගේ සේවය අත්හිටුවනවා.
• ඇයි ඒ?
අවුරුදු චාරිත්‍ර අතරේ පුණ්‍ය කාලයේ ගජමෑන් ඌරෙක් පසුපස දිවයන කාටුනයක් නිර්මාණය කළා. ඒක වැරැදි විදිහට විග්‍රහ කරලා මගේ සේවය අත්හිටුවූවා.
• එතකොට ඔෙබ් නිර්මාණ?
මට නිර්මාණ කිරීමට තැනක් නැතිව ඉන්න විට චින්තන ජයසේන මා සොයාගෙන කච්චේරියට ආවා.
• ඇවිත්?
මට ආරාධනය කළා ගජමෑන් අදින්න.
• මොකේකටද?
සිත්තර කියලා අලුත් පත්‍රයක් පටන් ගන්නවා. ඒකට අඳිමු කිව්වා.
• ඔබ හා කිව්වා?
මොනවද කියන්නේ! මට හොඳ ගෙවීමකුත් ලැබුණා. පිටපත් කීපයකින්ම ලක්ෂය පැනලා සිත්තර අලෙවි වුණා. ‘සෙල්ලං සේන’ ‘දැක්කොත් පත්මාවතී’ යන කාටුන් දෙකත් මා සිත්තරට ඇන්දා.
• පසු කාලයේ ඔබ සිත්තරෙනුත් ඉවත් වෙනවා?
කැමිලස්ගේ ගජමෑන් සමඟ සත්සිරි පත්‍රය මා ආරම්භ කළා.
• මුද්‍රණය කළේ?
දෙමටගොඩ! ප්‍රෙස් එකක් මිලදී ගත්තා එහි ‘රසික’ ‘සුහද’ යන පත්‍ර ද මුද්‍රණය කළා.
• අලෙවිය?
ඉතා විශාල ලෙස අලෙවි වුණා. අපි මේ පත්‍ර ආරම්භ කරන විට ලංකාවේ රූපවාහිනිය තිබුණේ නෑ.
• රූපවාහිනිය තිබුණ නම්?
චිත්‍ර කතා පත්‍ර ජනප්‍රිය වෙන්නේ නෑ. ඒ කාලේ මිනිසුන්ට රස විඳීමට තිබූ ප්‍රබල මාධ්‍යයක් ලෙස චිත්‍රකතාව ස්ථාපිත වූයේ රූපවාහිනිය මාධ්‍ය නොතිබූ නිසයි.
• ඒ කියන්නේ අද චිත්‍ර කතා පත්‍රයට වෙළෙඳ පොළක් නෑ?
කොහෙත්ම නෑ! පරිගණකයේ සියල්ල තිබෙනවා නව පරපුර පරිගණක භාවිතයෙන් තව තවත් ඉදිරියට යමින් සිටිනවා.
• ඔබේ රසිකයො චිත්‍ර කතා පත්‍රයක් නැවත පටන් ගන්නැයි කියලා ආරාධනය කරන්නේ නැතිද?
මොකද නැත්තේ ඕන තරම් ආරාධනා එනවා හැබැයි ඒ අවුරුදු පණහ පැනපු අයගෙන් ඒ අයට පත්‍රයක් ගහලා පවතින්න බෑ.
• එහෙනම්?
තරුණ පරපුර හා පාසල් ළමුන් අතර වෙළෙඳ පොළ නිර්මාණය විය. දැන් එසේ වන්නේ නෑ. මං ඉහත කිව්ව කාරණා නිසා දැන් බලන්න ඇමෙරිකාවේ සාමාන්‍ය පත්‍රත් කීයක් වැහුණද කියලා.
• ඔබ ඒ පිළිබඳව අසුබවාදීව බලනවා කිව්වොත්?
නෑ! අසුබවාදීව බැලීමක් නොවෙයි මා කිව්වේ ඇත්ත තත්ත්වයයි.
• කාටුන් කලාව?
කාටුන් කලාව එදා වගේ ම අදත් ප්‍රබලයි. ඒ ගැන තර්කයක් නෑ. මේ රටේ උසස් පෙළ සඳහා විෂය නිර්දේශයටත් අද ඇතුළු කැර තිබෙනවා කොලට්, විජේසෝම, යූනුස් සහ මගේ කාටුන් පිළිබඳව තමයි එහි ඇතුළු වී ඇත්තේ.
• ඔබේ පුද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු ටිකක් දැන ගන්න කැමැතියි?
මගේ බිරිය කුරුකුලසූරිය කොන්සිලියා ප්‍රනාන්දු.
• ගම?
එයත් මීගමුවේ.
• විවාහ යෝජනාවක්?
නෑ. ප්‍රේම සබඳතාවක්.
• ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න.
එයත් එතකොට කෝචිචියේ කොළඹ එනවා සේවයට මාත් කච්චේරියෙනේ වැඩ කළේ. කෝච්චියේ තමයි දැන හඳුනාගන්නේ. එතකොට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමත් අපිත් එක්ක එකටයි කොළඹ එන්නේ. එතුමා නීතිඥ වෘත්තිය කළේ අලුත්කඩේ.
• ගෙවල්වලින් ප්‍රශ්න ආවේ නෑ?
අපෝ අපේ අම්මගෙන් බරපතළ ලෙස විරෝධයක් ආවා.
• ඒ මොකද?
ඒ වෙනකොට මට සෑහෙන දෑවැදි සමඟ විවාහ යෝජනා ඇවිත් තිබුණා.
• එතකොට පියා?
තාත්තගේ අකමැත්තක් තිබුණේ නෑ. කොහොම හරි 1969 ජූනි 28 දින අපි විවාහ වුණා.
• දරුවෝ?
දුවයි, පුතයි. දුව මයුරි පෙරේරා. ඇය විවාහ වී ඉන්නේ ඉංජිනේරු පුතෙකු සමඟ ඒ දෙදෙනාගේ එකම පුතා ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබනවා.
• පුතා?
ඇන්ටන් ගයාන් පෙරේරා ඔහු විවාහ වී ඉන්නේ වෛද්‍යවරියක් සමඟ ඒ දෙදෙනට දුවයි, පුතයි ඉන්නවා.