
පාසල් භූමියේ විදුහල්පති හෝ විදුහල්පතිනියගේ පටන් ගුරුවර - ගුරුවරියන් තමන්ගේ සිසු දරුවන්ට පරමාදර්ශිතව හැසිරිය යුතු ය. එසේ නොමැතිව සුළු වරදකට දණ ගස්වා, ගුටි බැටදීම අප්‍රසන්න සිදුවීමකි. මේ තත්ත්වයෙන් සිදුවන්නේ සිසුන් ගුරුවරයා කෙරෙහි කලකිරී තවදුරටත් ගුරු - සිසුන්ගෙන් දුරස්ථ වීම ය.
ගුරුගෙදර සමාජ සංවර්ධනයේ කේන්ද්‍රීය තැන්නයි. එදා ගුරුගෙදර යනු පුද්ගල මනස සනසන්නට මුල් වූ තැන්නයි. ප්‍රඥාව සමඟ විනය සංයමය ජනිත කරන භූමිකාවයි. එදා ගුරුගෙදර හොඳම සිසුවාට ගුරුපියා ස්වකීය දියණිය සරණපාවාදීම සම්ප්‍රදායයි.
අධ්‍යාපනයේ විශිෂ්ටතම භූමිකාව ලෙස සඳහන් කරන ගුරු ගෙදර භූමිකාවෙන් සිසු පරපුර නොමඟ ගියේ නැත. ගුරුපියාගේ අවවාද අනුශාසනා ඉතා සංයමයෙන් යුතු ව සිදුවිය. ස්වකීය සිසුවාට ගුරු පියා වේවැලෙන් පහර දුන්නේ නැත. වාක් මාලාවෙන් තමයි තම සිසු පරපුර යහමඟට යොමු කරන ලද්දේ.
එදා ගුරුගෙදර පරිශ්‍රයේ ශිල්පීය ධර්මතාත් අද පාසල් පරිශ්‍රයේ ශිල්පීය ධර්මතාත් අතර දක්නට ලැබෙන්නේ විශාල ප්‍රභේදයකි. පරතරයකි. ගුරුවරයා තම සිසු දරුවන්ට වේවැල් පහරදී තුවාල සිදු කළ අවස්ථා එමට ය. එමෙන් ගුරුවරුන් සිසුවියන් අපයෝජනයට ලක් කළ ප්‍රමාණය අප්‍රමාණය.
පාසල් පරිශ්‍රයෙන් සිදුවිය යුත්තේ පාඩම් පොත් පරිශීලනය පමණක් නොව විනය හා සංයමය ඇති කිරීමත් අනවරතයෙන් ම, නිරන්තරයෙන් ම සිදුවිය යුතු ය.
සිසුන් දුම්රියේ, බස් රියේ යන අතරතුර ඉතාම අප්‍රසන්න තත්ත්වයට හැසිරෙන අයුරු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මෙයින් ධ්වනිත වන්නේ පාසල් පරිශ්‍රයෙන් සිසු දරුවන්ට විනය ගැන උපදෙස් නොදීමයි.
තමන් මහා මාර්ගයේ ගමන් කරන විට බසයක, දුම්රියක ගමන් කරනවිට හැසිරිය යුත්තේ කෙසේද යන්න ගැන ගුරුවරු හා ගුරුවරියන් තම ගෝල බාලයන්ට පහදා දිය යුතු ය. එම හැසිරීම් රටාව අනුව එබඳු උපදෙස් මාලාවක් දෙන බව නොපෙනේ.
පුද්ගල මානනීය භාවය ජනිත කරන පාසල් පරිශ්‍රය එසේ මෙසේ තැනක් නොව ප්‍රභාව පතුරන තැන්නකි. පාසල් පරිශ්‍රයේ පවත්නා සෞන්දර්ය පුද්ගලයාගේ මනස සනසන තත්ත්වයට පත්වී යා යුතු ය.
ගුරුවරයාත් ගෝලයාත් අතර සහසබැඳියාවක් තිබිය යුතු ය. ගුරුවරයා වාඩි වූ පුටුවට පහත් පුටුවක ගෝලයා වාඩිවීම සාම්ප්‍රදායයි. ඊට වඩා උස පුටුව තවත් සමගාමී පුටුවකවත් ගෝලයා වාඩිවන්නේ නැත. ඒ අර ගුරු ගෞරවය හේතු කොට ගෙන ය. එදා ගුරුගෙදර සම්ප්‍රදායයි.
සිංහල අවුරුදු සමයේ ගුරුවරයාගේ නිවෙසට ගොස් බුලත් අතත්දී ගුරුවරයාට වැද ආශිර්වාද ලබාගැනීම සම්ප්‍රදායයි. එහෙත් අද්‍යතන අවදියේ එබඳු සම්ප්‍රදායයක් තිබේද.
ගුරුවරයාගේ නිවෙසට නොගියත් පාසලට පැමිණි අවස්ථාවෙන් ගුරුවරයාට හෝ ගුරුවරියට බුලත් අතක්දී වැඳ නමස්කාරකර ආශිර්වාද ලබාගැනීමෙන් ගුරු - ගෝළ සුහදතාව වර්ධනය වන්නට හේතු භූත වන අතර සිසුන් කෙරෙහි සම්ප්‍රදායයන් රකින්නට මං පෙත් විවර වන්නේ ය. සිසු - සිසුවියන් කෙරෙහි සිරිත් - විරිත් තිබෙන බවත්, එම සිරිත් - විරිත් ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ය. තමන්ට අකුරු කියා දුන් ගුරුවරුන් ගුරුවරියන් කිසිදා අමතක කරන්න එපා. පාසල් පරිශ්‍රයෙන් පිටව ගියත් අවම වශයෙන් ගුරුවරු - ගුරුවරියන්ට ‘ආසිරි පතක්’ යැවීම යහපත් සිරිතකි.
සුබ උදෑසනක් වේවා! Good morning යනුවෙන් උදෑසන අමතන්නේ කීයෙන් කීදෙනාද සුබ සන්ධ්‍යාවක් (Good Evening) සුබ රාත්‍රියක් (Good night) යනුවෙන් අමතන්නේ අපේ සිසුන්ගෙන් කීයෙන් කී දෙනාද.
ගුරුගෙදරින් නික්ම විදුහල, මහ විදුහල, මැදි මහ විදුහල යන සන්ධිස්ථානවලට පාසල් පරිශ්‍රය අවතීර්ණ වීමෙන් සිසු - සිසුවියන්ගේ සදාචාර වර්ධනය උත්තලයකට පත් විය යුතු ය. එහෙත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්තය. සදාචාරත්වය අවරට ගිය ආකාරය අපට දක්නට ලැබේ.
දිවියෙන් මතුවිය යුත්තේ සදාචාර වර්ධනයයි. යහපත් දිවි මඟකට පිවිසවන්නට අද්‍යතන අවදියේ පාසල් පරිශ්‍රය මුළුමනින් ම අත හිත දිය යුතු ය. කතා බහේදීත් තමන්ගේ මුවින් පිටවන වදන් සෙස්සන්ට පරමාදර්ශී විය යුතු ය. එම වදන්වල සුගැඹුරත් ධ්වනිත විය යුතු ය. පුද්ගලයා සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුය. අශ්ලීල ස්වරූපයෙන් යුතුව කටයුතු කරන්නට මනස යොමු නො විය යුතු ය.
පාසල් භූමියේ විදුහල්පති හෝ විදුහල්පතිනියගේ පටන් ගුරුවර - ගුරුවරියන් තමන්ගේ සිසු දරුවන්ට පරමාදර්ශීතව හැසිරිය යුතු ය. එසේ නොමැතිව සුළු වරදකට දණ ගස්වා, ගුටි බැටදීම අප්‍රසන්න සිදුවීමකි. මේ තත්ත්වයෙන් සිදුවන්නේ සිසුන් ගුරුවරයා කෙරෙහි කලකිරී තවදුරටත් ගුරු - සිසුන්ගෙන් දුරස්ථවීම ය.
හික්මීම අතින් ඉතා ඉහළ තලයකට වත්මන් සිසු පරපුර ගෙන එන්නට ගුරුවරුන්ට හා ගුරුවරියන්ට පැවැරී ඇති වගකීම සුළුපටු නොවේ. එවන් තත්ත්වයකට සිසුන් පත්වීමේ ගෞරවය හා ප්‍රශංසාව හිමිවන්නේත් ගුරුවර ගුරුවරියන්ට ය.
ගුරු ගෙදර සමාජ සම්ප්‍රදායයන් ගිලිහෙන්නට නොදී ඒවා තවදුරටත් රැකගන්නට, ක්‍රියාත්මක කරන්නට වගකිවයුත්තන් වගබලා ගැනීම යුග කාරක අවශ්‍යතාවකි.