
පහරවල් දස දහසක් පුහුණු කළ අයෙකුට වඩා එක් පහරක් දස දහස් වතාවක් පුහුණූ වු අයෙකු භයානකය යන්න ඔහුගේ ජීවන භාවිතාවකි. මේ නිසා සටන් කරුවෙකු ලෙස වේගවත්ම පහරවල් තම ප්‍රතිවාදියා මත පතිත කිරීමට බෘස්ලි සමත් ය. ඔහු මෙයින් පැහැදිලි කරන්නේ ඕනෑම ක්ෂේත්රයක පුහුණුව තුළින් විශිෂ්ටයෙකු වීමේ හැකියාවයි. උණ ගසක් මෙන් නම්‍යශීලි විම පැවැත්මේ තර්කනයයි.
‘මගේ මිතුරනි ඔබ ජලය මෙන් වන්න. මක්නිසාද යත් ජලයට හැඩයක් හෝ ආකෘතියක් නැති හෙයින් ජලයට ඕනෑම හැඩයක් ගත හැකියි .වරෙක වීදුරුවක හැඩයත් එයම බෝතලයක හැඩයත් ගැනිම ජලය සතු නිසග හැකියාවකි. ජලය සියල්ලට පළමුව ඉඩදෙන අතර පසුව සියල්ල දියකර හරී.‘
මේ වදන් පෙළ පවසා ඇත්තේ විසිවැනි සියවසේ ලෝකයේ වඩාත් බලපෑම් සහගත පුද්ගලයින් සියය අතරට ටයිම්ස් සගරාව විසින් නම් කළ බෘස් ලී විසිනි.
1940 වර්ෂයේ නොවැම්බර් මාසය යනු වසරේ මකරුන්ගේ මාසය ලෙස හොංකොං වැසියන් කාලයක පටන් හැදින්වු අතර උදෑසන 6ත් 8 ත් අතර කාලය හැඳින්වුයේ මකරාගේ හෝරාව ලෙසයි . 1940 නොවැම්බර් 27 දින මකරාගේ හොරාවේදී ඉපදුණු හෙයින් කුඩා මකරා ලෙස අරුත් ගැන්වෙන ස්ලූ ලුන් නමින් නම් කරනු ලැබුවද පසු කාලීනව ඔහු බෘස්ලී නම භාවිතා කළේ ය. කුඩා කල සිටම සටන් කලාව පිළිබඳව උනන්දු වු නිසා නිරන්තරයෙන් වීදි සටන්වලට සහභගි වීම බෘස්ලී ගේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් විය . වීදි සටනක් හේතුවෙන් ඇතිවු මරණ තර්ජන නිසාවෙන් බෘස්ලී අැමෙරිකාට පිටත් කර යැවීමට ඔහුගේ පියා කටයුතු කළේ ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනි. ඩොලර් 100 ක් පමණක් රැගෙන ඇමෙරිකාවට එන බෘස්ලී රෙස්ටුරන්ට් එකක වැඩ කරමින් 1960 වන විට තම උසස් විද්‍යාල ජීවිතය අවසන් කළේය . 1961 දී වොෂින්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නාට්‍ය කලාව මනෝවිද්‍යාව සහ දර්ශනය හැදෑරිමට කටයුතු කළේය. මේ සියල්ල අතර තම පුහුණූ වීම් අඛණ්ඩව සිදු කරනු ලැබුයේ සටන් කලාව තම ආත්මය වු නිසාවෙනි. ඊට අමතරව ඇමෙරිකාවේ සටන් කලාව ඉගැන්විම සඳහා සටන් පුහුණූ පාසලක් ආරම්භ කරන ලදි .
1964 දී ලොන් බීච් කරාටේ ශූරතාවය සංවිධානය කරන අතර ඒ මගින් සටන් කලාව නව වෙනසකට භාජනය විය. එයට හේතුව සාම්ප්‍රදායික පහරවල් වෙනුවට නව පහරවල් හඳුන්වා දීමයි. මේ අතර අගලේ පහර, නැවැත්විය නොහැකි පහර වැනි පහරවල් ජනප්‍රිය විය. අවසානයේ තමාගේම සටන් ශෛලියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබුයේ ජිට් කුන්ඩො නමිනි. මෙය වින් චු . කුංපු .බොක්සිං කරාටේ ටයි කොන්ඩො වැනි සටන් ක්‍රම 14 ක් හදාරා ඉතා කෙටි කලකින් ඒවායේ ප්‍රවීණත්වය අත් කර ගනිමින් නිර්මාණය කළ සටන්වල එකතුවකි. මේ නිසා ජිට් කුන්ඩො සටන් කලාව ජනප්‍රිය වන්නට විය. භාවිතයට ගන්නා මාර්ගය තරම් මාර්ගයක් තවත් නැත යන්න සනාථ කරමින් ඔහු සෑම මාර්ගයක්ම භාවිතයට ගත හැකි ප්‍රවීණයෙක් විය. ඇමෙරිකාව තුළ බෘස්ලී ගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් වර්ධනය විය. සිමාවක් නැති ශක්තිය පුහුණුවේදී ගොඩ නඟමින් ඇමෙරිකාවේ සටන් කලා ගුරුවරයෙක් ලෙස බෘස්ලි ගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් වර්ධනය විය. මෙහි තවත් ප්‍රතිඑලයක් වුයේ සිනමාවත් රූපවාහිනියත් බෘස්ලි ගේ අණසකට නතු විමයි. මේ නිසා 1969 දි චිත්‍රපට කර්මාන්තයට එකතු වු බෘස්ලි සිනමාව තුළ නළුවෙක් අධ්යක්ෂවරයෙක් මෙන්ම පිටපත් රචකයෙක් ලෙස හැකියාවන් රාශීයක් තමන් සතු බව පෙන්වා දිනි . .1971 දි big boss. fist of furr,way of the dragon,enter the dragon, වැනි චිත්‍රපට ඒ අතරින් ජනපිය විය. ඔහුගේ චිත්‍රපට රූගත කිරීමේදී කැමරාවට වඩා ඔහුගේ පහරවල් වේගවත් නිසා එම පහරවල්වල වේගය අඩු කිරීමට සිදු වු බව පැවසේ. ඒ වන විට ලොකයේ සිටි වේගවත්ම පහර දෙන්නා වුයේ බෘස්ලීය .
පහරවල් දස දහසක් පුහුණූ කළ අයෙකුට වඩා එක් පහරක් දස දහස් වතාවක් පුහුණූ වු අයෙකු භයානකය යන්න ඔහුගේ ජීවන භාවිතාවකි. මේ නිසා සටන් කරුවෙකු ලෙස වේගවත්ම පහරවල් තම ප්‍රතිවාදියා මත පතිත කිරීමට බෘස්ලි සමත් ව. ඔහු මෙයින් පැහැදිලි කරන්නේ ඕනෑම ක්ෂේත්ර්රයක පුහුණුව තුළින් විශිෂ්ටයෙකු වීමේ හැකියාවයි. උණ ගසක් මෙන් නම්‍යශීලි විම පැවැත්මේ තර්කනයයි. සුළං නැවැත්විය නොහැකි බැවින් සුළඟ සමග නැමි නැවතත් පැවති තත්ත්වයට පත්විම ජීවන දර්ශනයක් ලෙසද සටන් කලාවේ දර්ශනයක්ද වේ. සටන් කලාව හා දර්ශන විෂය සම්බන්ධ කිරිමට බෘස්ලිට තමා උගත් මනෝවිද්‍යාවත් දර්ශනයත් නිසා හැකියාව ලැබිණි. බලාපොරොත්තුව ප්‍රමාණවත් නැති හෙයින් ක්‍රියා කිරිම ජීවිතයේ උසස්භාවයට ප්‍රධාන හේතුව. අවධානම සාම්ප්රධායිකත්වය ඉක්මවන්නකි. මේ නිසා බෘස්ලී අවදානමට බිය නොවීය. මේ නිසා සටන් කලාවේ නව ශෛලියක් ලෝකයට එකතු වු අතර බෘස්ලි ලෝකයේ මිලියන ගණනක් ජනතාවගේ පුරාවෘත්තයක් බවට පත් විය .
සිතුවිල්ලට ඇත්තේ සිතුවිල්ලෙහිම වු ඉඩකි. සිතුවිල්ල සමහර දේ සැලසුම් කිරිමට මෙන්ම අනාගත අවදානමෙන් මිදීමට ඉවහල් විය හැකි වන නමුදු වැඩි පුර සීතිමට කාලය ගත කිරීම යනු කාලය නාස්ති කිරීමකි. මේ නිසා ක්‍රියා කිරීම තුළින් පමණක් ඔබට වෙනස් විය හැක. එහෙත් කාලය සියල්ලට හරස් විය. වයස 32 දි එනම් 1973 ජුලි 20 දින ඔහු දරුවන් දෙදෙනා සහ බිරිය මෙලොව තනි කර හිස කැක්කුමකට ගෝ බෙහෙතක් නිසාවෙන් කොමා තත්වයට පත්ව ලෝකයෙන් සමු ගත්තේ තම මරණය ලෝකයාට විසඳා ගත නොහැකි අභිරහසක් කරමිනි.