‍ධර්මාශෝක අධි­රා­ජ්‍ය­යාගේ ලාංකීය ඥාති සබ­ඳතා | Page 19 | සිළුමිණ

‍ධර්මාශෝක අධි­රා­ජ්‍ය­යාගේ ලාංකීය ඥාති සබ­ඳතා

ගම්පොළ ජයමහලේනා වරුන‍්ගේ මන්දිරය ගම්පොළ උලපනේ නාවලපිටිය මාර්ගයේ තේ වත්තක නටඹුන්ව අදටත් දැකගත හැකිය. ධර්මගුප්ත කුමාරයා කලා වැව මෞර්ය ජනපදය ඇරඹිය. සමහර පිරිස් සංඝමිත්තා මහා ස්ථවිර සිටි බෙලිගල් කෝරළේ කීරවැලි පත්තුවේ පදිංචි විය. මේ කීරවැලි කුමාරියන් කෝට්ටේ සීතාවක හා මහනුවර යුගය දක්වා සිය බලය පැතිරවිය. පසු කලෙක දකුණු දන්ත ධාතුව රැගෙන ආ කුඩා සුර්ය වංශික (චුල) කිලිං කස්දා ලේනව පරපුර වුයේ ඒ පිරිස් ය.

ධර්මාශෝක මහරජතුමා මෞර්ය වංශික චන්ද්‍රගුප්ත රජුගේ මුනුපුරාය. මේ පරපුර මගධ රාජ්‍යයේ රජ කළේය. එය නුතන බිහාර්ය. ධර්මාශෝක රජතුමාගේ පියා වු බින්දුසාර රජු‍ට අයත්ව තිබුණේ මගධ රාජ්‍ය වන අතර ඔහු රජ කළේ රජගහනුවර නොහොත් නුතන ‘රාජ්ගාට්’ සිටය. මේ රාජ්‍ය පිහිටියේ චෙහාරදී පඤච පර්වත මධ්‍යයේය.ධර්මාශෝක මහරජතුමාගේ බෞද්ධාගමික සේවය පිළිබඳව කරුණු කවුරුත් දන්නා නිසා මෙහිදී විස්තර ලියා නැත.ඔහුගේ හතළිස් අවුරුදු රාජ්‍ය කාලයේ වෙහෙර විහාර අසු හාර දහසක් ඉදිකර ඇත. මේ ලිපියෙහි අඩංගු වන්නේ චන්ද්‍රගුප්ත රජුගේ ඇරැඹි මෞර්ය වංශය ක්‍රි.පු. 273 සිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වු බව පෙන්වීමටය. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයෙහි විජය වංශයෙහි සිංහබාහු - සිංහ සීවලිගෙන් ඇරැඹි අපේ රාජවංශයේ මෞර්ය රාජ පරම්පරාව දෙවරක්ම රජ කළ බව පවසයි. පළමුවැනි මෞර්ය වංශයේ රජ පෙළපත ධාතුසේන රජතුමාගෙන් ( ක්‍රි.පු. 272 -233) ඇරඹි කිත්සිරිමෙවන් (328 – 202 ) රජු දක්වා ශත වර්ෂයක් පමණද, දෙවැනි මෞර්ය්‍ය පෙළපත හයසිව සිට තුන්වන ජෙට්ඨතිස්ස දක්වා ද පැවතී ඇත. මෙසේ බලන විට ධර්මාශෝක අධි රාජයාට ඥාති සම්බන්ධතා ඇති පිරිස් අදත් අප අතර සිටිතත් ඒ පිළිබඳව ඔවුනගේ දැනීම ඇතත් අද පවතින කොත්තු රොටි යුගයට ඒවා ප්‍රයෝජනවත් නොවන නිසාත් නිහඬව සිටිනවා විය හැක.

මෙහි පැමිණි සංඝමිත්තා මහ තෙරණිය සමඟ පැමිණි ධර්මාශෝක අධිරාජයාගේ සුහුරු වඩුවන් මෙන්ම සංඝමිත්තා මහ තෙරණියගේ මයිල් කුමාරවරු අට දෙනාගෙන් අපේ මෞර්ය පාලනය ව්‍යාප්ත විය. ඒ කුමාරවරුන් නම් බෝධිගුප්ත, චන්ද්‍රගුප්ත, ධර්ම ගුප්ත, සුරිය ගුප්ත,‍ගෝතම, ජුතින්දර, විදුරන්ද යන අයවලුන් ය. ඒ ඒ කුමාරවරුන්ට පැවරුණු වගකීම්, කාර්යභාරයන් බෝධිවංශයෙහි දක්වා ඇත. එයින් සුමිත් කුමාරයාට ජයශ්‍රී මහා බෝධියට පෙරහැර පැවැත්වීම මෙන්ම මහ‍ාලේනා (මහලේඛක) තනතුර ද බෝධිගුප්ත කුමාරයාට බෝධියේ ආරක්ෂාව මෙන් මහා ලේන තනතුරක් ද පුදා ඇත. ඒ කුමාරවරුන් දේවානම්පියතිස්ස මහරජතුමාණන් විසින් මහත් හරසරින් පිළිගෙන රටෙහි විවිධ ප්‍රදේශවල ජනාවාසකරණය හා සංවර්ධනය ද භාර දී ඇත. ධර්මාශෝක අධිරාජයා බුදු දහමේ පණිවුඩය පමණක් නොව ගොඩහාල් නැවක් ද එම පිරිස සමඟ එවා ඇති බව මහාවංශය කියයි. වී ගොවිතැන් කිරීම එකල යාපනේ පිරිසක් දැන සිට ඇත. එම පිරිස යාපනේ අදටත් හැඳින්වෙන පරිදි වෙල්ලාන නම් විය. ඉන්දියන් ඉතිහාසඥයෙක් වු මහාචාර්ය නීලඛන්ඩ ශාස්ත්‍රී සඳහන් කරන්නේ මදුරාසියෙන් නැගෙනහිර සිංහ නගරයෙහි සිටි පර‍රාජසිංහ රජු මහනුවර රජෙකුට වී නැව් දාහක් එවා ඇති බවය. මෞර්ය වංශික තොටගමුවේ රාහුල සංඝරාජ මාහිමියන්ගේ කාව්‍ය ශේඛර මහා කාව්‍යය ඒ බව මෙසේ විස්තර කරයි.

(සොළොස්වන සග 13 කවිය සිට)

නමින් ජයමහල් - තනතුර දෙවන මඟුලේ

විජයිදු රජ කුලේ - දෙවනපෑතිස් නිරිඳු එක‍ෙල්

ගත සව් බරණ සැදි - බලමින් ඉස

සෙවෙළු බැදි

කිරුළ ද තම පැළැඳි - තබා ඔහු

මුඳුනතෙහි සිරි රැඳි

මඟුලැතුට නංවා - සේසත් තුනම නංවා

මහත් යස පෙන්වා - නමදවා බෝ

වෙතට ගෙන්වා

මහ බෝ රකින ලෙස - සැලසු බෝ

කලක් වැස

එමහ බෝ රකින ලෙස - විසු

කුල‍යන් මෙලොව මුල්බැස

මේ පරපුරේ තවත් සමහර රජවරුන් මෙසේ බව කාව්‍යශේඛරය දක්වයි.

සිරිසඟ බෝ නිරිඳු - විකුම් වැඩි මහසෙන් රදු

කිත්සිරි මේ නිරිඳු - බුජස් මහකවි කුමරදස් රදු

සුමිත්ත කුමාරයාට අනුරාධපුරයේ පෙරහැර පැවැත්වීම භාර වු අතර, ඔහුටද ජයමහලේනා තනතුරක් ද භාර දී ඇත. බෝධි ගුප්ත ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව මෙන්ම මහලේනා තනතුරක් ද දැරීය. ධර්ම ප්‍රදීපිකාව සඳහන් කරන්නේ වැඩිමහල් වු විදුරුන්ද කුමාරයාට ද ලක්දිව ජයමහලේනා තනතුර දී ඇති බවය. මෙය නුතනයේ අගමැති තනතුරට සමාන විය. ගම්පොළ යුගය වනතුරුම ජයමහලේනාවරුන් අගමැති තනතුර දැරූ බව පුරාණ සංදේශ කාව්‍යයන්වල සඳහන් ය. ගම්පොළ ජයමහලේනා වරුන‍්ගේ මන්දිරය ගම්පොළ උලපනේ නාවලපිටිය මාර්ගයේ තේ වත්තක නටඹුන්ව අදටත් දැකගත හැකිය. ධර්මගුප්ත කුමාරයා කලා වැව මෞර්ය ජනපදය ඇරඹිය. සමහර පිරිස් සංඝමිත්තා මහා ස්ථවිර සිටි බෙලිගල් කෝරළේ කීරවැලි පත්තුවේ පදිංචි විය. මේ කීරවැලි කුමාරියන් කොට්ටේ සීතාවක හා මහනුවර යුගය දක්වා සිය බලය පැතිරවිය. පසු කලෙක දකුණු දන්ත ධාතුව රැගෙන ආ කුඩා සුර්ය වංශික (චුල) කිලිං කස්දා ලේනව පරපුර වුයේ ඒ පිරිස් ය. මහා වාංශික රජුන් ලක්දිව කිරුළ එම පරපුරට රැක ගැනීම සඳහා කිලින්කසදා ලේන පරපුර ජය ශ්‍රී මහා බෝධිය අබියසට ගෙන්වා තමන්ගේ පවුලෙන් අයෙකු රජකමට ඉදිරිපත් නොවන ලෙස දිවුරුම් ගත්හ. මෙවැනි ලක්දිව රජකම නොපතන බවට ගිවිසුමක් පොලොන්නරු යුගයේදීත් අැති වු බව ඉතිහාසය දක්වයි. ඉතිහාසය නැවත නැවතත් ආපස්සට යනවා යැයි කියු පරිදි මේ පරපුරේ ඇස්. බී. ලේනව කැකිරාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් සේවය ‍කළේය. ලේනව පරපුරේ දහ වෙනි පරපුරේ දාපුලුසෙන් කුමාරයාගේ ලේනව ‍ගමෙහි පැවති මංගල උත්සවයේ කිව් කවියක් මෙසේය.

(හේරත් ගම්පතිගේ කවි එකතුවෙන් වෛද්‍ය රොසාන් ඇම්. ඩි. සතුව ඇති කවි එකතුව)

“මේ දෙනවක මායාදුන්නේගෙන්

පැවැති වලියයි

ලේනව පවුලෙන් එක් බිසවයි

කීරවැල්ලෙන් බිසෝ හතයි

ඉරුගලයෙන් එක් බිසවයි මේ පරපුර

මෙසේ පැවත එතයි”

පෘතුගීසි ඉතිහාස ලේඛක ක්වෝරෝස් දක්වන පරිදි කීරවැල්ලේ බණ්ඩාරවරුන‍් හය දෙනෙකු ලෙනගල, මහපල්ලේගම, කඳුපිටපත්තුව, ගලිගමුව, ගන්දොළහපත්තුව, ඇටන්ගොඩ හා ගල්කඩුව ආදී ප්‍රදේශවල පදිංචි ඇත. රුහුණ,මාගම, වයඹ, රජරට ආදී දනව්වලට ලේනව පවුලේ අයවලුන්ගේ ව්‍යාප්තිය මා මීට පෙර දක්වා ඇත.

තුවන්වන විජයබාහු ද මෙම පරපුරට අයත් බව පුජාවලිය, නිකාය සංග්‍රහය ආදී ග්‍රන්ථ සඳහන් කරයි. ඔහු වත්හිමි විජයබා යනුවෙන් ද හඳුන්වයි. ඔහු ද සංඝමිත්තා මහ තෙරණියගේ මාමා වු ජුතින්දරගුප්ත කුමරු හෝ මැටියගනේ මෞර්ය ජනපදයේ සිටි ධර්මගුප්ත කුමරුගෙන් පැවත ආ කෙනෙකු විය හැකි බවට “මී වැව විත්ති” පොත හඳුන්වා දෙන බවට පුජ්‍ය පන්නල සුමේධ හිමියන්ගේ “ඓතිහාසික දඹදෙනිය ග්‍රන්ථය”

දකුණු දළදාව

ශ්‍රී මහා බෝධිය හා දළදාව ආරක්ෂා කළ ලේනව පරපුරත් සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ සි‍ටි භද්ද මහා හිමියනගේ ශිෂ්‍ය ජයසේන හිමි භාරයේ තිබු දකුණු දළදාව ලංකාවට ගෙන ආ මහින්ද නම් හිමි කිලින්කස්දා ලේනව පරපුරෙන් වු බව (චුල වංශය හා බෝධි වංශය පවසයි.

සෝම විහාරයේ රමණීය

සමුද්ධිපුරේ නිරින්දෝ

ගිරි රාජ වංසෝ - මහින්ද ථෙ‍රෝව

අරිඨට වංශෝ - බුද්ධ ධාතු දක්ඛිණං

ශ්‍රී දළදාව ආරක්ෂා කොටගෙන අද දක්වා සියලුම මිනිස් වර්ගයාට පුද පුජා කිරීමට වන්දනා මාන කර ගෞරවය දැක්වීමට අවස්ථාව උදා කර ඇත. මෙම පවුලෙන් බිහි වු විද්‍යාර්ථින් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, වෛද්‍ය විශේෂඥයින් ආදී විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් උගතුන් තම උපන්බිමට සේවය කරයි.

මෙම පරපුරෙහි අවසාන කාන්තාවක් වු ලක්ෂ්මි කුමරිය ද වටපුලුව දනව්වේ සෙංකඩගල පුරවරයෙහි පදිංචිව සිට නොබෝදා දැයෙන් සමු ගත්තාය. ශත වර්ෂ ගණනකට පසුව හෝ එම විශිෂ්ට පරපුරට ගෞරවය දැක්වීම අපගේ යුතුකමකි. එබැවින් එම පරපුරෙන් පැවත අටමස්ථාන විහාර අධිපතිධුරය දරා දැනට ටික කලකට පෙර අපෙන් සඳහටම වෙන් වු හල්මිල්ලෑවේ උඳුරව ශ්‍රී සුමනරේවත මහනායක හිමියන් වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරන ලෙස අදාළ බලධාරින්ගේ අවධානයට යොමු කරමි. 

 

Comments

පිටු