
බොහෝ ශ්‍රේණිවල පෙළ පොත් උගන්වා අවසන් කළ නොහැකි ය. පන්තියෙන් පන්තියට ඉබේම තල්ලු වී පැමිණෙන සිසුන්ට ඊළඟ පන්තියේ ඉගෙනීමට ප්‍රමාණවත් දැනුමක් නැත. එහෙයින් ඔවුන්ට 11 වන ශ්‍රේණියෙ විෂය සම්භාරය අළලා දෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාර්ථකව ලිපිය නොහැකි ය. ඔවුන්ට ගැළපෙන්නේ දැන් 9, 10 හෝ 8,9,10 යන ශ්‍රේණිවල දැනුම මැනීමට ගැළපෙන ප්‍රශ්න පත්‍රයක් ය.
අ.පො.ස. (සා.පෙ) විභාගයෙන් සම්පූර්ණ සාමාර්ථයක් ලැබීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්යවේ. මෙම අනිවාර්ය අවශ්‍යතාව සම්පූර්ණ කර නොගන්නා ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාලය. 2015 දී මෙම සංඛ්‍යාව 122242 කි. එය පෙනී සිටි සංඛ්‍යාවෙන් 45% කි.
ඇතැම් ශිෂ්‍යයෝ සමහර විෂයයන්ට 98% තරම් ඉහළ ලකුණු ලබාගනිති. සා.පෙ. විභාගයට නියමිත විෂයයන් 20 කටම 90% කට වැඩි ලකුණු ලබාගෙන ඇත. ගණිතයෙන් අසමත් අයගෙන් සමහරු මේ අතර සිටිය හැකි ය. මෙයින් පෙනී යන්නේ ගණිතයෙන් අසමත් වන සමහර ශිෂ්‍යයන් ඉගෙනීමට අදක්ෂයන් ම නොවන බවයි.
ගණිතයෙන් අසමත් වීම ගැන ප්‍රමාණවත් තරම් අධ්‍යයනයක් සිදු කොට තිබේ. එහෙත් එයට විසඳුම් ලැබී නැත.
ප්‍රමාණවත් දැනුමක් තිබීම පමණක් ම විභාගයක් සමත්වීමට හේතු වන්නේ නැත. විභාගයකින් අසමත් වීමට බලපාන ප්‍රධාන යාමක අතරින් 2 ක් වන්නේ
1. අයදුම්කරුට ප්‍රමාණවත් විෂය ඥානයක් නොමැති වීම
2. විභාගයේ/ උපකරණයේ ඇති දුර්වලතාව
විෂයමාලා ද්‍රව්‍යවල ගුණාත්මක භාවය සහ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව, අයදුම්කරුවන්ගේ විෂයඥානය කෙරේ තදින් බලපායි. ඒ අයදුම්කරුවන්ගේ පෞද්ගලික හැකියාවට අමතරවය. විභාගයේ දුර්වලතාව කෙරෙහි දුෂ්කරතා දර්ශකය බලපායි.
මගේ සාකච්ඡා සීමාවන්ගේ එම දුෂ්කරතාව පහත හෙළීම සම්බන්ධයෙන් ය.
අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් අසමත්වීම ගැන රජයේ ද වගකීමක් ඇතැයි සලකන බවක් පෙනෙන්නට තිබේ. ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කිරීම කෙරෙහි සෑම කාලයකම රජය කැපවීමෙන් කටයුතු කරන බව පැහැදිලි ය. එසේ ම ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ද රජය පියවර ගෙන ඇත. එම පියවර මොනවා දැයි දැන් බලමු.
1. සාමාර්ථය ලැබිය යුතු ලකුණු මට්ටම පහත හෙළීම එක් පියවරකි. කලින් රජය එසේ කර ඇතැයි ප්‍රකාශවී තිබේ. (Sunday Times 2015.03.15)
2. දුෂ්කරතාව අඩු ප්‍රශ්න පත්‍රයක් (............ - අංකය 45)
දුර්වල සිසුන් සඳහා පැවැත්වීම (1998 යෝජනාවකි)
මෙම පියවර ගැටලුවට විසඳුමක් නොවන බව ද එයින් අමුතුවෙන් ගැටලු රාශියක් නිර්මාණය වන බව ද එකල මම සාකච්ඡා කළෙමි. හේතු සාධක පිටු 15 කින් යුත් පරිච්ඡේදයක් ලෙස මගේ ප්‍රකාශනයකි.
ශ්‍රී ලංකාව පාසල් විෂයමාලා ප්‍රතිපත්තියක් වෙත (2002) පළ කළෙමි. මගේ පුරෝකථනය සැබෑවක් විය. අදාළ විභාගය දෙවරකට වඩා (1999 සහ 2000) පැවැත්වීමට නොහැකි විය. ඉතිහාසය නොදන්නා අය කලින් කළ මෝඩකම් නැවත නැවතත් කරති. මෙම මෝඩකම ද නැවත සිදු කිරීමට ඉඩ ඇත. ගණිත විෂයයෙන් සා. පෙ. සාමාර්ථය ඉහළ නැංවීම සඳහා මා ඉදිරිපත් කරන යෝජනාව වන්නේ “සා.පෙ. විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීම යෝග්‍ය වේ” යන්නයි.
මේ මේ යෝජනාවෙහි න්‍යෂ්ටිය වන්නේ විභාගයේ ඇති දුෂ්කරතාව පහළ දැමීමයි. කලින් සිටි අධ්‍යාපන අමාත්‍යවරයකුගේ ම වචනයෙන් කියතොත් ‘අපි ලන්ඩන් විභාගවලට වඩා 10 ගුණයකින් වැඩි විෂය කරුණු ගමෙන් එන ළමුන් වෙත පටවමු. එම තත්ත්වය ගණිතයෙන් ඔවුන් අසමත් වීමට හේතු වේ. (News.lk 2014/07/08. තවද විධිමත් පර්යේෂණවලින් ද විභාගය අමාරු බව අනාවරණය කර තිබේ. (Thanuja & sarath) ප්‍රශ්න කියවා අවබෝධකර ගැනීමේ දුෂ්කරතාව ද පවතී. විභාගයේදී වැඩිපුරම අසා ඇත්තේ දුෂ්කර ක්ෂේත්‍රවලින් ය. (ජ්‍යාමිතිය) (T. Mukunthan) 2008 දී කිසියම් හේතුවක් නිසා ගණිත ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලද බව සඳහන් ය. ඒ වෙනුවට දුන් ප්‍රශ්න පත්‍රයෙන් කලින් අවුරුද්දට (2007) සහ පසු අවුරුද්දට (2009) වඩා වැඩි ලකුණු ලබාගෙන ඇත. (Colombo page) ප්‍රාථමික අවධියෙන් ද්විතීයික පන්තියට එන විට ම ශිෂ්‍යයෝ ගණිත දැනුමේ දුර්වලතාව උරුම කොටගෙන එති. (සුරනිමල) මගේ වෙනත් යෝජනාවකින්, ශිෂ්‍යත්ව විභාගය හයවන ශ්‍රේණියේ දී පැවැත්වීම යෝග්‍ය බව කියා තිබේ.
Ordering Two Digits, Volume යන ගණිත ක්‍රියාකාරකම් තුන්වන ශ්‍රේණියට උගන්වන්නේ ‘වාචික ඉංග්‍රිසි’ මගිනි. ගණිත දුර්වලත්වය ශිෂ්‍යත්ව විභාගයෙන් ද හෙළි වේ.
බොහෝ ශ්‍රේණිවල පෙළ පොත් උගන්වා අවසන් කළ නොහැකි ය. පන්තියෙන් පන්තියට ඉබේම තල්ලු වී පැමිණෙන සිසුන්ට ඊළඟ පන්තියේ ඉගෙනීමට ප්‍රමාණවත් දැනුමක් නැත. එහෙයින් ඔවුන්ට 11 වන ශ්‍රේණියෙ විෂය සම්භාරය අළලා දෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාර්ථකව ලිපිය නොහැකි ය. ඔවුන්ට ගැළපෙන්නේ දැන් 9, 10 හෝ 8,9,10 යන ශ්‍රේණිවල දැනුම මැනීමට ගැළපෙන ප්‍රශ්න පත්‍රයක් ය.
‘ගණිතයට ප්‍රේමකරන්නෝ’ මගේ යෝජනාවට එරෙහිව අපි අමෝරා නැඟී සිටිනු ඇත. විෂයයේ ද විභාගයේ ද තත්ත්වය, ප්‍රමිතිය පහළ වැටෙනු ඇතැයි ඔව්හු තර්ක කරනු ඇත. අවුරුදු 11 ක් තිස්සේ විවිධ දුෂ්කරතා මත පාසලට බඩ ගෑ සිසුන් 122242 ක් එකවර හිස් අතින් ගෙදර යැවීම ප්‍රමිතිය පවත්වාගෙන යෑම දැයි කෙනෙකුම පෙරළා ඇසිය හැකි ය. එසේම එරෙහිව ඇති විය හැකි තවත් තර්කයක් විය හැක්කේ උ.පෙ. දී සහ විශ්ව විද්‍යාලයේ දී ගණිතය හා අදාළ විෂයයන් ඉගෙනීම අවශ්‍ය ප්‍රමාණවත් පදනම් දැනුමක් නොලැබේ’යි යන්නයි. එය උසස් පෙළදී සහ විශ්ව විද්‍යාලයේදී බලාගත යුතු ප්‍රශ්නයකි. විශ්ව විද්‍යාලවල විශේෂ අවශ්‍යතා සඳහා පදනම් පාඨමාලා පැවැත්වේ. අනෙක් අතට මේ අවශ්‍යතාව ඇති ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව අතළොස්සකි.
මගේ තවත් යෝජනාවක් අනුව 11 වන ශ්‍රේණිය සම්පූර්ණයෙන් ම වෘත්තිය - තාක්ෂණික පාඨමාලා සඳහා පවතින ශ්‍රේණියකි. ‘ගණිතය’ එහි හය මසක හෝ අවුරුද්දක එක් පාඨමාලාවකි. ඒ ඉහත කී ගණිතයට ප්‍රේමකරන්නන් සඳහා ය.
10 වන ශ්‍රේණියේදී අ.පො.ස. (සා.පෙ.) විභාගය පැවැත්වීමෙන් ශිෂ්‍යයන්ගේ ද දෙමවුපියන්ගේ ද ගුරුවරුන්ගේ ද අධ්‍යාපනඥයන්ගේ ද රජයේ ද ගණිත සාමාර්ථය ඉහළ දැමීම පිළිබඳ අපේක්ෂාව ඉටුවනු ඇත.
විෂයමාලා සංවර්ධන අංශය
මහරගම ජාතික අධ්‍යාපන ආයතනය