
මොටෝ ග්‍රෝන්ප්‍රී 2017 ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර අද (24) ස්පාඤ්ඤයේ ඇරගොන්හිදි පැවැත්වේ. මෙම ඇරගොන් අදියර ලෝක ශූරතාවලියට මුල්වරට එක්වූයේ 2010 වසරේදීය. මේ වන විට එය වැඩිම අවස්ථා ගණනකදී ජය ගැනීමට සමත් වී තිබෙන ශූරයෝ තිදෙනෙකි. ඒ ස්පාඤ්ඤයේ මාර්ක් මාර්කෙස්, ජෝර්ගේ ලොරෙන්සෝ සහ ඔස්ට්‍රේලියාවේ කේසි ස්ටෝනර්ය. ඔවුනට ජයග්‍රහණ 02 බැගිනි.
මේ වන විට ලෝක ශූරතාවලියේ දී වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් හිමිකර ගනිමින් ඉදිරියෙන්ම සිටින තරගකරුවන් දෙදෙනෙකි. ඒ මාර්කෙස් සහ ඉතාලියේ ඇන්ඩ්‍රෙයා ඩොවිෂියෝසෝය. ඔවුන්ට ලකුණු 199 බැගිනි.











