ආන­න්ද­යෙන් ආන­න්ද­නය වූ... අන්ද­රේගේ කාව්‍ය සංක­ල්පනා... | සිළුමිණ

ආන­න්ද­යෙන් ආන­න්ද­නය වූ... අන්ද­රේගේ කාව්‍ය සංක­ල්පනා...

‘අන්දරේ’ යන නම ඇසූ පමණින් ඔබගේ මුවඟට ද සිනහවක් ඇති වීම සාමාන්‍ය දෙයකි. මන්ද ඔහු; විකට කවියකු ලෙස ප්‍රසිද්ධව සිටි නිසාවෙනි. අන්දරේ උපන් ස්ථානය දෙවිනුවර ද? නැතිනම් දික්වැල්ලේ ද යන්නට පිළිතුරක් දීමට මට නොහැකි වනු ඇත. නමුත් ඔහු; 1665 දෙසැම්බර් මස 18 වන දින උපන් කෙනකු බව සඳහන් කළ හැකිය. ‘අන්දරේ’ගේ නම පිළිබඳව විමසන විට; ඔහුගේ නම විවිධ ආකාරයෙන් ව්‍යවහාර වී ඇති බවට සාක්ෂි ඇත. විටෙක; පෝලන්ත ජනශ්‍රැතියේ ‘අන්දිරිකෝ’ යන නමින් ද, තවත් විටෙක; ප්‍රංශ භාෂාවේ ‘අන්දිරිස්’ යන නමින් ද ව්‍යවහාර නම් ලෙසින් විශ්වාස කළහ.

අන්දරේ ගැන කතා කිරීමේදී; ඔහු කාන්තාවන් කෙරෙහි දැක්වූ ඇල්ම විවිධ වේ. මේ නිසා බොහෝ අවස්ථාවල තරුණ කාන්තාවන්ට ඔහු; කවියෙන් කවටකම් කළේය. කාන්තා රූපයේ සුන්දරත්වය, ඉතා මනරම්ව දැනෙන ආකාරයට ඔහු වෙනත් සිතුවිලි හරහා වින්දනය කිරීමට සමත් වූවේය.

 

“පතුල ගසා අල උගුලන කලට ලියේ

අකුල වනා වන සුළඟට යාය ලියේ

මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ

කැකුළු තන තෙමෙයි නොබසින්

ගැඹුරු දියේ”

කෙකටිය අල උදුරණ තරුණ කාන්තාවකට “අන්දරේගේ” කාව්‍ය සංකල්පනා පෙන්නුම් කළේ විචිත්‍ර ලෙසින්ය.

 

“සඳක් මෙන් වුවන ඇගෙ රූ සිරි සවන

ළඳක් වෙන නුදුටුවෙමි මම මුළු දෙරණ

මොලොක් මට සිලිටු ගත ඔප ලු ලෙසින

මලක් වැනි ළපටි රතු පාටින් සොබන”

 

රූපයෙන් පිරුණු සුන්දර ස්ත්‍රියක දුටු ‘අන්දරේ’ ඇය ගැන වර්ණනා කළේ; උපමාලංකාර උචිත ලෙස භාවිත කරමින්ය.

‘දිය නාන’ කාන්තාවන්ගේ රූපය විටෙක වර්ණනය කළ නමුත්; තවත් විටෙක එම කාන්තාවන් උපහාසයට ලක් කෙරුවේය.

 

“රන්වන් එරන්වන් රන්වන් ඔබෙ බඳට

රන්වන් වළලු අත දමමින් කළය වට

නිල්වන් වරල පීරාලා පිට දිගට

සෙල්ලම් ගමනකින් යනවද ළිඳ ළඟට”

 

රත්තරන් වළලු දමාගෙන, වරලස හැඩට පීරගෙන, සිතුවම් ගමනකින් ඇය යන්නේ “නිතඹ සොලවමින්ය.” මේ නිසා: අන්දරේට කවි සිතුවිලි පහළ වීම අවස්ථාන්විතව සිදු වන්නකි.

පිරුණු කළය උකුලේ තබා ගෙන; රජ බිසව යන දුටු විටදී; අන්දරේ ඇයට උපහාසාත්මකව කී කවියක් මේ මොහොතේ මට සිහියට නැ‍ඟේ.

 

“කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන

ලොටතන දෙකක් ගෙරි සමකින් වසා ගෙන

තඹද පිත්තලද දෑතේ දරා ගෙන

රොඩි කෙල්ල කොහි යනවද උදෑ සන”

 

අන්දරේ දෙවන වරට විවාහ කර ගත් කාන්තාව; ඇය විසින් තමා ගැන කවියක් කියන්නට ආයාචනාත්මක කියා සිටියාය. එය පිළිගත් අන්දරේ, ඇය ගැන වර්ණනා කළේ මෙසේය.

 

“හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා

තන දෙස බැලිමි වැට කොළු වැන්න එල්ලෙනා

ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා”

 

මේ අවස්ථාවේදී; අන්දරේගේ බිරිය හයියෙන් හඬන්නට වූවාය. ඇය සැනසීමට ඔහු මේ කවිය කීවේය.

 

“හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළදෙනා

ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා”

 

ඇය එවිට, හැඬීම නවතා, අන්දරේගේ ආදරයෙන් සතුටින් මුසපත් වූවාය.

අන්දරේ “තම පළමු විවාහයේදී” ඇයව බලන්නට දෙමවුපියන් සමඟ ගිය අවස්ථාවේදී, ඇය දැකීමෙන් අන්දරේගේ සිත තුළ ඇය සිටි බව කවියෙන් කීවේ අපූර්වත්වයෙනි.

 

“වතට ලවනතට නුඹ බලන බැල්මට

වරලට ගෙලට නළලට නාසිකා වට

ගමනට බසට නුඹ හට ලොබ කල මෙමට

කුමකට කියම් නිදි නැත රැය තුන් යමට”

 

දෙදෙනා විවාහ වීමෙන් පසුව; අන්දරේගේ බිරියට දරුවෙකු ලබන්නට ලකුණු පහළ විය. කාලය කෙමෙන් ගෙවී ගොස්; අවසානයේ; ඇය දරුවන් නොලබාම මියැදුණාය. මෙයින් ඉතා ශෝකයට පත් අන්දරේ; ඔහුගේ දුක ගායනා කළේ; කාව්‍ය සංකල්පනා පෙන්වමිනි.

 

“අයියෝ මෙමට වූ කරුමේ කිම බාලේ

දෙවියෝ නැතුවාද මේ රට මේ කාලේ

මෙවියෝගයට පිහිටන්නේ කොයි රාලේ

දෙවියෝ වත් වරෙන් මා වෙත කර ආලේ”

 

අන්දරේගේ බිරිය මිහිදන් කළ අවස්ථාවේ; මුවඟින් පිටවූ කවිය;

 

“මන් සොඳ තරුණ සුරතල් කතෙකුන් ලබලා

උන්නෙමු සතුටු සයුරේ අපි ගිලී ලා

රන් කඳ මගේ අද පස්යට කර දමලා

මන් අද ගෙදර යනු කොහොමද පිය නඟලා”

 

අන්දරේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූපය අළලා කාව්‍ය නිර්මාණ කළේය. මීට අමතරව ඔහු; යම් යම් සිද්ධි අල්වාගෙන ද කාව්‍ය ගෙතුවේය. අන්දරේ ජනතාව අතර සිටි හොඳ ගතිගුණවලින් හෙබි පුද්ගලයෙකි. ඔහුගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අන්දරේගේ කවි සමත් වූවේය.

අන්දරේ ගැන අසන ඔබට; ඔහු ගැන යම් හෝ වින්දනයක් ලැබු බවට; ඉහත කවි සාධාරණීය වනු ඇතැයි මම සිතමි. 

 

Comments