අද­ටත් පුවත් මවන හොලි­වුඩ් අභි­ර­හස මැරි­ලීන් මොන්රෝ මැරු­ණාද? මැරු­වාද? | සිළුමිණ

අද­ටත් පුවත් මවන හොලි­වුඩ් අභි­ර­හස මැරි­ලීන් මොන්රෝ මැරු­ණාද? මැරු­වාද?

අදටත් පුවත් මවන හොලිවුඩ් අභිරහස මැරිලීන් මොන්රෝ මැරුණාද? මැරුවාද?

ඇගේ උපත ජීවිතය සහ විපත යන තුනම තවම අභිරහස් ය.නෝර්මා ජීන් මොටෙන්සන් යන නම් ඇගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන නමුත් ඇය ලොව ජනප්‍රිය වූයේ මැරිලීන් මොන්රෝ යන නාමයෙනි.මැගේ පියා කවරෙක්ද යන වග ඇයවත් ලෝකයාවත් තවම නොදනී.ඉතා ලාබාල වියේ දීම මැරිලින් ගැබිණියක් බවට පත් වූ අතර පිරමි දරුවෙක් ප්‍රසූත කළාය.ඒ දරුවා ඇය දුටුවේ උපන් මොහොහොතේ පමණි.දරුවා ඇගෙන් උපන් හැටියේ ම වෙන් කළ අතර මිය යන තුරුම ඔහු කව‍රෙක්ද යන්න දැන සිටියේ නැත.

1962 අගෝස්තු 05 දා හොලිවුඩ් පුරයේ හුදෙකලා බංගලාවේ ඇය තම නිදන ඇඳමත නග්න සිරුරින් යුතුව මියගොස් සිටියාය.නිදිපෙති අධි මාත්‍රාවක් ගැනීම නිසා ඇය මිය ගොස් සිටින බව ප්‍රචාරය කෙරිණ.

එහෙත් එතරම් විශාල ඖෂධ ප්‍රමාණයක් දියවීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය ඇගේ සිරුරේ නොතිබූ බවත් මැරෙන මොහොතේ එම කාමරයේ වතුර වීදුරුවක් නො තිබුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි සමඟ මැරිලීන් ආදර සම්බන්ධයක පැටලී සි‍ටි බවට ප්‍රබල කට කතා පැතිරිණ. කෙනඩි ජනාධිපතිගේ සොහොයුරා වූ රොබට් කෙනඩි පිළිබඳවත් ඕපා-දූප ගලා ගියේය.අවසානය වන විට මැරිලීන් සහ ධවල මන්දිරයේ බලධාරීන් අතර බරපතල ආරෝවක් හට ගනිමින් තිබුණු බවක් පතළ විය. යම් රහසක් හෙළිකරන්නට මැරිලීන් උත්සහ ගනිමින් සිටින අතරතුර ඇය අභිරහස් ලෙස මරණයට පත් වූ බැව් වාර්තා විය.එම කතාව තවම අලුත් වෙමින් පවතිනවා මිස කෙළවරක් දකින්නේ ද නැත.අදත් මැරිලීන් ජනප්‍රිය මාතෘකාවකි.ඈ පිළිබඳ අලුත් පුවතක් සෑම සතියකටම වරක් අසන්නට ලැබේ.

තම මන මෝහණීය රූ සපුව ලෝකයා වසඟ කර ගැනීමට මෙතරම් ශූර ලෙස උපයෝගී කොටගත් තවත් චරිතයක් නැති තරම්ය. හොලිවුඩ් කාම දෙවඟන ලෙස ඇය විරුදාවලී ලැබුවේ නිකමටම නොවේ.

ඇගේ අභිරහස් කතාව ඇගේ කේන්දරයෙන් පාදා ගැනීම මේ ලිපියේ අරමුණ වේ. එක්තරා යුගයක විශේෂයෙන් 1950 සහ 60 දශක‍යේ හොලිවුඩ් සිනමාවේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූයේ එහි කාම ධේනුව වශයෙන් නම් ලත් මැරිලින් මොන්රෝය.එම යුගයේ දෝංකාරය දුන් ඇයගේ නාමය තවමත්හොලිවුඩ් හි මෙන්ම රටේද වරින් වර ගුවන සිසාරා යයි. 1926 ජුනි මස 01 දින කටක ලග්නයෙන් උපන් ඇය කුඩා කාලයේ පවුල් ආරවුල් ප්‍රශ්න හා වෙන්වීම් නිසා අන්‍ය නෑයන්ගේ භාරකාරත්වයන් කරා යාමට ද සිදුවිය.ඇය නිළියක් පමණක් නොව,ගායිකාවක් මෝස්තර ශිල්පිනියක් හා නිෂ්පාකදවරියක් ලෙස ද ප්‍රසිද්ධ වී සිටියාය.මේ සියල්ලට ශුක්‍ර කේන්දරයේ බලවත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කේන්දර සටහන සමස්ථයක් වශයෙන් ගත් කල ශුක්‍රගේ නැකත් උපස්ථාන හා රාශිවල ග්‍රහයන් කීපදෙනෙකුම සිටියි.කේතු සිකුරුගේ නැකතකත් ශනි කුජ සහ ගුරු ශුක්‍රගේම උපස්ථානයකත් සිටින අතර රවි රාශි බලයෙන් සිකුරුගේ වෘෂභ රාශියේ සිටියි.ප්‍රබලතම සිනමා නිවේදක ග්‍රහයා වන නැප්චූන් ලග්නාධිපතිට පූර්ණ දෘෂ්ටි දෙමින්ම ලග්නයේ සි‍ටියි.ගායනය පෙන්වන 2 සිටින උපපතියා ද සිකුරු ය. එම ශුක්‍ර,බුධ නිවේදනය කරන රාහු‍ගේ උපස්ථානයක ඇත.මෙය සංවේදී මිහිරි කට හඬක් පෙන්වන සංයෝගයකි. සිනමාව පෙන්වන 5හේ උපපති බුධ වෘත්තිය පෙන්වන 10යේ උපපතියා ද වෙයි.

එම බුධ සඳුගේ නැකතකත් ගුරුගේ උපස්ථානයකත් වෙයි.සඳු,ගුරු දෙදෙනාම සිනමා නිවේදක ග්‍රහයන් ය.

ශනි 8 අධිපති වශයෙන් සඳුගෙන් හා නැප්චූන්ගෙන් චතුරශ්‍ර ලැබ 4 සිටීමෙන් ගෘහස්ථ කරදර,අමිහිරිතාවයන් අධ්‍යාපනයට ‍බාධා සහ වෙන්වීම් ආදිය ද පෙන්වයි.ඇය ළමා කාලයේ වර්ෂ ගණනාවක්ම අන්‍ය භාරකාරත්වයන් යටතේ ජීවත්වීමට සිදුවී තිබුණේ මෙවැනි පිහිටීම් නිසා ය. ඇය තම රංගන කුලසතා දියුණුකර ගැනීමට රංගන ශිල්පය ද හැදෑරුවා ය. මහා දශාධිපති රාහු මිථුන රාශිය නිවේදනය කරමින් ගුරුගේ නැකතකත් බුධගේ උපස්ථානයකත් සි‍ටින අතර බුධ 10යේ වීමෙන් එය වෘත්තීය අධ්‍යාපනයක් බව පෙන්වයි.

ගුරුගේ නවය නිවේදනයෙන් වැඩි දියුණුකර ගැනීම සය සහජ හැකියාවන් පුළුල්කර ගැනීම පෙන්වයි.

1946 දී ඇය චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වන විට ගෙවමින් සිටියේ රාහු මහ දශාවේ සිකුරු අන්තරයයි.රාහුට තුලාවේ ශනිගෙන් සහ කුම්භයේ කුජගෙන් ද ත්‍රිකෝණ බුධගේම උපස්ථානයක සිටීමෙන් සිනමාවට සම්බන්ධවීම පෙන්වයි.එවැනි තීරණයක් ගැනීමට බොහෝ විට කුජ ද සම්බන්ධ විය යුතුය.මන්ද යත් අභියෝගාත්මක ක්ෂේත්‍රයකට අවතීරණය වීමට කුජ ද බලපායි.ඒ හැරෙන්නට කුජ මෙහි 5සහ 10 ය ද අධිපතියා ය.5න් සිනමාවත් 10න් වෘත්තියත් පෙන්වන හෙයිනි.

මැරිලින් වඩාත් අවදානයට ලක්වූයේ 1952-53 චිත්‍රපට 2ක් තිරගත වීමෙන් පසුවය.එවකට ඇය ගතකරමින් සිටියේ ගුරු මහ දශාවේ ශනි අන්තරය යි.11 අධිපති සිකුරුගේ ප්‍රබල නියෝජනය වඩා කැපී පෙනීම හා ඉස්මතු වීම පෙන්වයි.

ප්‍රසිද්ධිය පෙන්වන ප්‍රබලතම ග්‍රහයන් ලෙස ශනි හා යුරේනස් පෙන්වා දිය හැක.අන්තර් දශාධිපති ශනි ප්‍රබලතම සිනමා කරක ග්‍රහයා වන නැප්චූන්ගෙන් චතුරශ්‍රයක් ලබයි.මෙය අභියෝගාත්මක දෘෂ්ටියකි.මෙවැනි ‍ක්ෂේත්‍රයක සාර්ථකත්වයට හා ප්‍රසිද්ධියට මෙය අත්‍යවශ්‍යම ය.බොහෝ දක්ෂ නළු නිළියන්ට චතුරශ්‍ර සහ සප්තම දෘෂ්ටි ඇත.ගාමිණී ‍ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම යන නම් දෙක පමණක් මෙහිදී මතක් කරමු.

1959 දී ඇය 'ගෝල්ඩන් ග්ලෝබ්'(Golden Globe)සම්මානය හොඳම නිළිය වශයෙන් ලබන විට ගතකරමින් සිටියේ ගුරුගෙන් ශුක්‍ර අන්තරයයි.ශුක්‍ර 9යේ සිටින 11 අධිපති බව පෙන්වා ඇත.සම්මානයකට හෝ වෙනත් දෙයක් ඉෂ්ටකර ගැනීමට 11 අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ.

1961 පසු ඇයගේ ජීවිතය වෙනස් මඟකට යොමුවිය.ජනාධිපති කෙනඩි සමඟ රහස් සම්බන්ධතාවයකට ද ඇය පැටලුනේය.ප්‍රේමය පෙන්වන 5 අධිපති වශයෙන් කුජ හත් වැන්නේ සිටින ගුරුගේ නැකතකත් මේෂයේ සිටින සිකුරුගේ උපස්ථානයක සිටීමත් 5 උප අධිපති වශයෙන් බුධ 7 සිටින සඳුගේ නැකතකත් තුලාවේ සිටින ශනි‍ගේ උපස්ථානයක සිටීමත් පෙම් සබඳතා ද පෙන්වයි.5,7,8,12 යන භාවයන් සහ ශුක්‍ර,කුජ,සඳු,ශනි යන ග්‍රහයන් රාහු ද එක් වූ විට මෙහි අපචාරවත් පැත්තට ක්‍රියාත්මක වෙයි.ශුක්‍ර 11 අධිපති වශයෙන් සිටින්නේ 12 සිටින රාහුගේ උපස්ථානයේ ය.සඳු හතේ සිටීමත් 7,8 අධිපති වශයෙන් තුලාවේ සිටින ශනිගෙන් චතුරශ්‍රයක් ලැබීමත් තත්ත්වය තීව්‍රර කෙළේය. 

 

Comments