වසර 14000 ක පෞරාණික ඉතිහාසයක් ඇති ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරය මතුකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. එමෙන් ම මෙසෙපොටේමියානු, ඉන්දුනිම්න, මෙහෙන්දජාරෝ, හරප්පා ශිෂ්ටාචාරය බිහි කරලීමට එදා හෙළදිව (ලංකාව) විසූ දියුණු කාර්මික ශිල්ප හා අධ්‍යාත්මික දියුණුවක් තිබූ හෙළයන් ප්‍රමුඛත්වය ගත් බවට ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වික්‍රමය සාධක ඒ ඒ රටවල අදත් ඉතිරිව, සුරැකිව පවතින බව දන්නේ බටහිර ජාතීන් පමණි. එමෙන් ම ආගමික වශයෙන් ද රුසියාව ඇතුළු සමස්ත ආසියාකර රටවල බෞද්ධ පූජනීය ස්ථානවල නටබුන් සංරක්ෂණය වෙමින් තිබෙන බව දන්නේ ද එම රටවල පුරාවිද්‍යාඥයින් සහ ආගමික නායකයින් පමණි. මෙයට සමාන්තරව චන්ද්‍රිකා තාක්ෂණයට පරිගණක නිපැයුම්වලට සහ යාන්ත්‍රික නිෂ්පාදනවලට අවශ්‍ය වන ලෝහමය ද්‍රව්‍ය 12 ක් ස්වභාවිකව භූමිය මතුපිට හා භූගතව පිහිටා ඇති ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව බටහිර විද්‍යාඥයින් විසින් අනාවරණය කර ඇත. තවමත් නොඉඳුල්ව ගවේෂණයකින් තොරව ලංකාවේ ආරක්ෂිතව පවතින මෙම භූගෝලීය භෞතික සම්පත් සම්භාරය නෙළාගැනීමට අත්පත් කර ගැනීමට ඇමෙරිකා, බ්‍රිතාන්‍ය, නෝර්වේ, ජපන් නව යටත් විජිතවාදී බටහිර ජාතීන්ගේ අපේක්ෂාව වී ඇත.
අප රටේ ඊනියා පුරාවිද්‍යා චක්‍රවර්තීලා සහ ඉතිහාසය පිළිබඳ උපාධි ලබාගත් සරසවි මහාචාර්යවරු මිථ්‍යාවන්ගෙන් පිරි මහාවංශ සාහිත්‍ය කෘතිය දේව භාෂිතයක් සේ සලකමින් වසර 2500 ක ඉතිහාසයක් ගැන නන්දොඩවමින් සිටිත්. සත්‍යවශයෙන් ම ආදි සිංහලයින් (සිව්හෙළයින්) තුළ වූ වාරි තාක්ෂණය, කෘෂි ආර්ථිකය, ගෘහ නිර්මාණ ශිල්පය හා යාන්ත්‍රික ශිල්පය ගැන කිසිදු අධ්‍යයනයක් ඔවුන් කර නොමැත.
මොවුන් අපට කියාදෙන්නේ මෙතෙක් නිශ්චිත සාක්ෂි ඇතිව සනාථ නොකළ බුදුන්ගේ ලංකා ගමන, කාවන්තිස්ස රජ දවස සිදුවූයේ යැයි කියන මිථ්‍යා මුහුදු ගොඩගැලීම (මෙය පුරාවිද්‍යාත්මක - සාගර හා භූ විද්‍යාත්මකව හා බුද්ධ දේශනාව (ධම්ම නියාමය) අනුව සනාථ කළ නොහැකි බොරුවකි. සත්‍ය වශයෙන් ම ආගමික (සංස්කෘතික) ආක්‍රමණයක් වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමන, මාතලේ අලුවිහාරයේ සිදු කළා යයි කියන ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීම සීගිරිය කාශ්‍යප රජයේ නිර්මාණයක් (මෙය පෞරාණික මහායාන විහාරයකි) කීම, හත්තිකුච්චියේ සනාථ කළ සාක්ෂි තිබියදී සිරිසඟබෝ රජ අත්තනගල්ලේ දී හිස දන්දුන් බව කීම හා සිංහල වංශය විජය වැනි මංකොල්ලකරුවකුගෙන් පැවතෙන බව කීම වැනි ගජබින්නවලින් ඉතිහාස කතාව වාන් දමා ඇත.
අනුරාධපුරයේ ඇතුළු නුවර අක්කර 300 කි. අඩි 30 ක් යටට ප්රාග් ඓතිහාසික නටබුන් ඇත. එහෙත් දැනට කැණීම් කර ඇත්තේ 1/100 ක් පමණි. වසර 5000 ක ඉතිහාසයක් ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් තහවුරු කරගෙන ඇත. එමෙන් ම ප්රාග් ඓතිහාසික මානවයින් ජීවත් වූ බලංගොඩ, පාහියංගල, බටදොඹලෙන වැනි ස්ථාන ඇත. එහි පොසිල ද නිසි පරිදි සංරක්ෂණය කර ඇත් ද? බටහිර ජාතීන්ට අවශ්‍ය විදියටයි ඉතිහාසය ලියවී ඇත්තේ. කොටින් ඔවුන්ට ගැළපෙන ලෙසට ඉතිහාසය ලියැවී බටහිර නව යටත් විජිතවාදීන් අපේ සිංහල බුද්ධිමතුන් කුලියට ගෙන බටහිර ජාතීන්ට අවශ්‍ය ලෙසට ඉතිහාසය ලියවනු ලබයි. පරම සත්‍ය භූ ගතව ඇත.
පිටසක්වළ ජීවීන්ට පෘථිවිය ගැන තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා (භාෂාව, මිනිස් හැඩරුව) දැනටමත් අභ්‍යවකාශ ගතකර ඇති චන්ද්‍රිකාවේ ලෝකයේ විවිධ භාෂා පිළිබඳ දත්තයන් සටහන් කර ඇත. ආදිතම භාෂාවන්ගෙන් එකක් වන පාලි භාෂාව මෙන්ම ලංකාවේ පැරණිම භාෂාව වන (සිව් - හෙළයන්ගේ) සිංහල භාෂා අක්ෂර සටහන් කර ඇත. මෙයින් සනාථ වන්නේ බටහිර ජාතීන් ලංකාවේ භෞතික සම්පත් ගැන මෙන්ම භාෂා ඥානය ගැන ද අවධානයෙන් සිටින බවය.
සිංහලයාගේ ජාතිය හා ආගමේ පදනම විජය රජ හා මිහිඳු හිමියන් ද? නැත. මෙය ඓතිහාසික බොරුවකි. භද්දකච්චායනා නම් බුදුන්ගේ ඥාතිවරිය ඉන්දියාවෙන් පැමිණ ආර්යවරු සහ සිවුහෙළ රජ කෙනෙක් වන පඬුවස්දෙව් රජු ගේ ‘ජාන සංයෝගයෙහි’ නූතන සිංහල වංශය පැවතෙන්නේ. වසර 14000 ක සිට අවිච්ඡින්නව පාරම්පරිකව පැවතෙන ආදිතම සිවු හෙළයා තුළවූ නිසඟ නිර්මාණාත්මක බව තාක්ෂණ ශිල්පය, නිර්භීත බව හා එඩිතර බව මොටකර 2050 දී ලොව පුරා පැතිරෙන බෞද්ධ රාජ්‍යය දැන් මර්දනය කිරීමේ අධිරාජ්‍යවාදී උවමනාවන් පෙළගැසෙමින් පවතී. මුලින් ම කළ යුත්තේ සිංහලයා පසුගාමී පරගැති ජාතියක් කිරීම ය.
මිහිඳු හිමියන්ගේ ලංකා ගමන “අහඹුවක් ද?” නැත. මෙය අශෝක රජුගේ ධර්මවිජය ප්‍රතිපත්තිය මත යුද්ධයෙන් රටවල් යටත් කර ගැනීමට වෙනුවට බෞද්ධාගම මෙවලමක් ලෙසට යොදාගෙන අසල්වැසි කුඩා රටවල් ග්‍රහණයට ගැනීමකි. එය ආගමික වෙස් ගැන්වීමකි. මිහිඳු හිමියන් ඒමට පෙර සිටම ලංකාවේ බෞද්ධ සමාජ පෙළගැස්මක් තිබිණි. ගිරිහඩුසෑය ඉදිකළේ ක්‍රි.පූ. 543 ටත් පෙර ය. කර්මාන්ත ඇතිවුණේ මිහිඳු පිරිවර නිසා නොවේ. එවකටත් ශිල්පීය හැකියාවක් ඇති සිහල පරපුරක් සිටියහ. මිහිඳු හිමි සමඟ පැමිණි අය කළේ ඔවුන්ට යටත් කරගෙන, ගම්බිම් ලබාගෙන ඉන්දීය ක්‍රමයට ආර්ථික හා ශිල්ප ක්‍රම විවිධාංගීකරණය කිරීමයි.