
ඡන්ද තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක්තරා වැදගත් ලක්ෂණයක් හැටියට. එයින් ඉඩ ලැබෙන්නේ ජන මතය දැනගැනීමට. පහුගියදා ජපානයේ තෝකියෝ හි නගර පරිපාලන මැතිවරණය පැවැත්විණි. එහි ප්‍රතිඵලය වත්මන් අගමැති ෂින්සෝ අබේ මහතාගේ පාලනයට එතරම් වාසිදායක එකක් නොවේ. ෂින්සෝ ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනප්‍රියත්වය යම් ප්‍රමාණයකින් පහත වැටී ඇති බව ප්‍රතිඵලය ඇඟවීය. එකී ප්‍රතිඵලය විශ්ලේෂණය කළ අගමැති ෂින්සෝ මහජනතාව ගේ විශ්වාසය නැවත දිනාගැනීම තමන්ගේ එකම අධිෂ්ඨානය බව ප්‍රකාශ කළා. තොකියෝ නාගරික මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු එවැනි කල්පනාවක් පහලවීම පුදුමයක් නොවේ.
තෝකියෝ නාගරික මැතිවරණය පැවැත්වූයේ ජුලි මුල් භාගයේ. එහි ප්‍රතිඵලය එරට ජාතික දේශපාලනයට තදින් බලපාන බව මෙයින් පෙනෙන්නට තිබේ. වත්මන් අගමැතිවරයාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනාගන්නට හැකි වූණේ ආසන 23 ක් පමණයි. සම්පූර්ණ ආසන 127 කින් මෙහෙම සුළු ගණනක් දිනාගැනීම ඇත්ත වශයෙන්ම පරාජයක්. ජාත්‍යන්තර විශ්ලේෂකයන්ට අනුව නම් එය එම පක්ෂ ඉතිහාසයේ දුර්වලම ප්‍රතිඵලයයි. එය ජාතික දේශපාලනයට අනාගතයේ දී නරක විධියට බලපාන්නට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප්‍රකාශ වේ. ප්‍රතිඵලය වඩාත් අවධානයට ලක්වෙන්නට තවත් හේතුවක් තියෙනවා. 2020 ඔලිම්පික් උළෙලට පෙර ජපානයේ මීළඟ නායකත්වය වෙනස් වීමට ඉඩ තියෙනවා ද කියන ප්‍රශ්නාර්ථයත් මේ සමග ඉස්සරහට ඇවිත්. පිලිවෙල අනුව නම් ජපාන පාර්ලිමේන්තු මැතිවරණය 2018 දෙසැම්බර් මාසය වන විට පැවැත්විය යුතුයි.
දෙවන ලෝක යුද්ධයට පසු 1976 වසරේ දී හැරෙන්නට සෑම අවස්ථාවකම ජපාන පාර්ලිමේන්තු මහ මැතිවරණය නිසි ලෙස ව්‍යවස්ථානුකූලව පවත්වා තිබීම අවධානයට ගත යුතු කරුණක්. එරට ව්‍යවස්ථාව කියන්නේ නිල කාලයට දින තිහකට කලින් මැතිවරණය පැවැත්විය යුතු බවයි. මෙම ඡන්දයට කලින් අගමැති ෂින්සෝ අබේ තමන් 2020 න් පසුව ද රටේ අගමැති බව කීවේ මහත් විශ්වාසයෙන්. එතැන උද්දාමයක් ද තිබුණි. එහෙම නමුත් ආසන 289 ක් හා තවත් බහු ආසන එකොළහක් ඇතුළුව ඉහළ හා පහළ පාර්ලිමේන්තු නියෝජිතයන් 465 ක් අතරින් බහුතරයක් දිනාගැනීම පහසු එකක් නොවන බව තෝකියෝ නාගරික ප්‍රතියෙන් ඉඟි කෙරේ.
ෂින්සෝ අබේ මෑත කාලය තුළ දිගම කාලයක් අගමැති ධුරය හෙබවූ එකම නායකයා වශයෙන් සඳහන්. එතුමා අගමැති ධුරයට පත් වන්නේ 2006 වසරේ දී. කෙටි කාලයකට පසු එනම් 2017 සැප්තැම්බර් මාසයේ දී ධුරයෙන් ඉවත්වෙන්නේ සෞඛ්‍ය හේතු මත. අලුත් අගමැතිවරයෙකු වශයෙන් යෂුවු ෆුකඩා පත්වුණා. නමුත් ඔහුට පසු බලයට ආ අගමැතිවරු පස් දෙනෙකුටම එක දියට වැඩ කරගෙන යන්න නොහැකි විණි. එක් අයෙකුට එක දිගට උපරිම වශයෙන් මාස දහසයකට වඩා කාලයක් රට පාලනය කළ නොහැකි වුණේ ඇයි කියා අදත් ලෝකයේ තැන තැන කතා වෙන කාරණයක්. එයින් සිද්ධ වුණේ ජපානය දේශපාලන වශයෙන් අස්ථාවරත්වයට පත්වීමයි. ආර්ථික පැත්තේ බලවත් ගැටළු නිර්මාණය කරන්නටත් එය හේතුවක් වුණි. මේ අවස්ථාවේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වශයෙන් නැවතත් බලය ඉල්ලන්නට ෂින්සෝ අබේ තීරණය කළා. ඔහුගේ නායකත්වය පිලිගන්නට ජපාන වැසියන් මහත් කැමැත්තක් දක්වන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණ කාරණයක්. එය වාර්තා වුණේ ඉවත්ව ගිය අගමැතිවරයෙකු නැවතත් බලයට පැමිණි පළමු අවස්ථාව හැටියටයි. 2014 සැප්තැම්බර් වල පැවැති මහ මැතිවරණයෙන් ජය ගත් ෂින්සෝ සහායක පක්ෂයක සම්බන්ධය ඇතිව එය තුනෙන් දෙකක බලයක් සහිතව නිර්මාණය කරගත්තා.
ෂින්සෝ අබේ සාමාන්‍ය අය අතර අසාමාන්‍ය චරිතයක්. ඔහු දේශපාලන පවුලක එක් පුරුකක් කිව්වොත් වැරදි නැහැ. යමගුචි පරසා දේශයේ උපත ලැබූ අබේ ගේ පියා පමණක් නොව සීයා ද ජපාන දේශපාලනයෙහි නිරත වූ චරිත. අබේගේ අම්මා 1957 සිට හතර වසරක් අගමැති ධුරය හෙබවූ නොබියුස්කෝ ගේ දියණියයි. නොබියුස්කෝ එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවීමට මුල් වූ පුද්ගලයා හැටියට ඉතිහාස ගතයි. පසු කාලයක එනම් 1955 දී ලිබරල් පක්ෂය හා එකතු වී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ස්ථාපිත කරන්නේ ද එතුමාය. එහෙයින් අබේ ගේ ලේ වලට දේශපාලන හැලහැප්පිලි අලුත් දේවල් නොවේ. තෝකියෝ නාගරික මැතිවරණයෙන් පාඩමක් ඉගෙන ගෙන නැවත ජනතා විශ්වාසය දිනාගන්නට හැකි යැයි විශ්වාසයෙන් කියන්නේ එහෙයින් බව ඉතාම පැහැදිලියි.
ෂින්සෝ අබේ මූලික අධ්‍යාපනයෙන් පසු රාජ්‍ය පරිපාලනය උගත්තේය. ජපානයේ සෙකියි විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යා උපාධිය හදාරන ලද බව සඳහන් වේ. පසු කාලයක ඇමරිකාවේ දකණු කැලිෆෝනියාවේදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව තව දුරටත් උසස් අධ්‍යාපනය ලැබීය. රැකියාවක් ලෙස පළමුවෙන් කෝබේ වානේ කම්හලේ වැඩ කළ ෂින්සෝ ඉන් ඉවත්වීමෙන් පසු විදේශ අමාත්‍යාශයේ විධායක ධුරයක් ඇතුළු රජයේ රැකියා ගණනාවක නිරත විණි. පසු කලෙකපක්ෂයට සම්බන්ධ වූ අතර ක්‍රමයෙන් එළියට ෙගාස් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයේ මහ ලේකම් වරයා ලෙස ක්‍රියා කරන ලද බව ද සඳහන්. තමන්ගේ පියාගේ අභාවයෙන් පසු යමගුචි මැතිවරණ ප්‍රදේශයේ උරුමය තමන්ගේ අතට ගත් ෂින්සෝ 1991 වසරේ දී පාර්ලිමේන්තුවට පැමිණියේ මහ ඉහළ පිළිගැනීමක් සමගිනි. පියවරෙන් පියවර ඉදිරියට ගිය ෂින්සෝ විවිධ තනතුරු වලට උර දුණි. ඒවායේ දී ජනතාවගේ පැත්ත ගෙන තීරණ ගත් බව ප්‍රකටයි. ඔහු ජපානයේ ජාත්‍යන්තර සම්බන්ධතා වෙනුවෙන් පෙනී සිටී. ජාත්‍යන්තර ප්‍රශ්න හමුවේ ස්ථාවරව ක්‍රියා කළේය. අවසානයේ 2006 සැප්තැම්බර් මාසයේ දී ෂින්සෝ පක්ෂ නායකත්වය බාරගත්තේය. එම වකවානුවේ දීම හෙතෙම ජපාන අගමැති ධුරයට තෝරා පත් වූ අතර ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩලවල බහුතරයේ කැමැත්තෙන් අගමැති වන විට වයස අවුරුදු පනස් දෙකකි.
අගමැති ෂින්සෝ අබේ වැඩ කළේ රාජ්‍ය පාලනය හා ආර්ථිකය ගැන අවබෝධයකිනි. පළමුවෙන් වියදම් අඩු කරන තීරණ ගත් අතර බදු ගැන හොඳ අවබෝධයක් ඇති අයෙකු සිය මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළේය. එයින් සිද්ධ වුණේ ආර්ථිකයේ ආදායම හා වියදම පාලනය කිරීමයි. ෂින්සෝ අබේ ස්වදේශිකත්වය කියන සංකල්පයට මහත් ඇළුම් කරයි. අධ්‍යාපනය පත පොත රට ගැන හා ඉතිහාසය ගැන ගැඹුරු අවබෝධයක් ඇති කරන අන්දමට සංශෝධනය කරන්නට පියවර ගන්නා ලදි. ජපානයේ තරුණ පෙළ රට ගැන ආදරය කරන පිරිසක් විය යුතු බව විශ්වාස කළ අගමැති අබේ ගේ වෙනස්කම් තරුණන් අතර ආස්වාදයට හේතු වුණේ නිතැතින්. විදේශ සම්බන්ධතා ඉදිරියේ සමහර අවස්ථාවල තද ස්ථාවරයක් පෙන්වූ අබේ අගමැතිවරයා දකුණු කොරියාව හමුවේ ගත් තීරණ සමාජයේ පැසසුමට හේතුවුණ බව ලේඛනවල ලියැවිලා තියෙනවා. චීනය හා ජපානය අතර නොසතුටක් ඒ කාලයේ තිබුණ නමුත් ෂින්සෝ අබේ එවකට චීන ජනාධිපති හු ජින්ටාවෝ සමග මිත්‍රශීලී පාරක් කපාගත්තේය. චීන ජපන් සම්බන්ධතා පැවැතිය යුතු හැඟීම් මත නොවන බව ජපාන අගමැති ෂින්සෝ ප්‍රකාශ කළේ ප්‍රසිද්ධියේමයි. ජපානය මුල් කාලයේ ආරක්ෂක අංශ තර කරන්නට එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ. එයට හේතු දෙවන ලෝක යුද්ධයෙන් ලත් පාඩමයි. නමුත් ව්‍යස්ථානුකූලව තිබුණ ස්ථාවර මදක් පැත්තකට කළ හෙතෙම ආරක්ෂාව හා හමුදා පුහුණුව ගැන මදක් සැලකිලිමත් වූ බව ඔහුගේ පාලන කාලය අධ්‍යයනය කරන විට පෙනී යයි.
අගමැති ධුරය භාරගෙන වැඩ කළ නමුත් 2007 - 2012 කාලය ඔහුගේ පුද්ගලික ජීවිතයට බලපෑවේ නරක දසාවකි. සැප්තැම්බර් 26 වැනිදා ඔහු තම සෞඛ්‍ය අයහපත් හෙයින් අගමැති ධුරයෙන් ඉවත්වන බව නිවේදනය කළේය. දිනකට පසු ඔහු රෝහල් ගත කළ අතර වෛද්‍යවරු කියා සිටියේ ආහාර අරුචිය සහ ශාරීරික වේදනාව සමග වේගයෙන් බර අඩුවීම සම්බන්ධ රෝගයකට ඔහු ප්‍රතිකාර ලබන බවයි. එය මාරාන්තික එකක් නොවීම වාසනාවකි. ප්‍රතිකාරවලට පසු එය ක්‍රමයෙන් යහපත් වන විට එනම් 2009 කාලයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලබා තිබුණේ නරක දසාවකි.
පසුගියදා තිබුණ ජී 20 රුස්වීම අතරවාරයේ දී ඔහු මාධ්‍යවලට කතා කරමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලය ශක්තිමත් කර තමන් නැවත නැගිටින බවයි. අගෝස්තු මුල් සතියේ දී හෙතෙම සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කළේය.
ජපානයේ පළවන වැඩිම අලෙවිය ඇති පුවත්පත තෝකියෝ නාගරික මැතිවරණයේ ප්‍රතිඵලයට පසු ලොකු සිරස්තලයකින් කියා සිටියේ ආණ්ඩුව සිය මුරණ්ඩුකම වෙනස් කරනොගතහොත් කිසිදාක යළි ජපන් වැසියන්ගේ විශ්වාසය දිනාගැනීමට අසමත් වන බවයි. කැබිනට් සංශෝධනයට පසු මුරණ්ඩුකම පාලනය කරගන්නට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව සමත්කම් පෙන්වා ඇතිද කියා දකින්නට හැකිවන්නේ හෙටයි. ජපානයේ දේශපාලන තලය හොල්ලමින් පරපුරෙන් පරපුරට බලය ගෙන ගිය පාලකයෙකු වන, තද ස්ථාවරය මත රට වෙනස් කරන්නට බලය ඉල්ලා එයින් ජයගත් ෂින්සෝ අබේ අද මුහුණ පා ඇති තත්ත්වය අවධානයට ගත යුතුයි.