පතිවත සිඳගත් තාක්ෂණය හා සංස්කෘතියේ කන්‍යා භාවය | සිළුමිණ

පතිවත සිඳගත් තාක්ෂණය හා සංස්කෘතියේ කන්‍යා භාවය

 තාක්ෂණික උපකරණ ප්‍ර යෝජනවත් උපකරණයන්ය. අද අපි තාක්ෂණික ලෝකයක ජීවිතය ගත කරමු. වඩාත් මුලික වු වටිනාකම් පමණක් නොව වෙනත් භාවිතයන් නිසා තාක්ෂණය අද සමාජ ස්ථාවරත්වය විනාශ කරන දෙයක් බවට පත්වී තිබේ. එයට හේතුව තාක්ෂණය සහ විද්‍යාව සංයමයකින් තොරව ස්වාධීනව වර්ධනය වන අතර රාජ්‍යට පාලනය කළ නොහැකි වීමයි. බහු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා උපකරණ නිපදවිම සහ භාවිතය නිෂ්පාදන අර්ථය ඉතාම වු විට භයානක ප්‍රතිඑල අත්කර දී ඇත. අපට එවැනි අත්දැකීම් බහුලව හමු වන යුගයක් බවට අද දවස පත්වී තිබේ . ජංගම දුරකථනය ඇමැතුම් ගැනීමේ අර්ථයෙන් ඈත් කර සෙල්පි අර්ථයෙන් වෙ‍ළෙඳපො‍ෙළ් විකුණන විට එයට හසු වන පාරිභොගිකයා සෙල්පිය සඳහා ජීවතය අවදානමේ හෙලා ගනී .

අද භාවතා කරන තාක්ෂණික උපකරණවල අපි සිරකරුවන් වී ඇති අතර අතීත සමාජයේ තිබු සන්සුන් භාවය වෙනුවට අද අපට උරුම කර දී ඇත්තේ චලනය වන නොසන්සුන් සමාජයකි.

ජංගම දුරකථනය විසින් සමාජය හැසිරවීමට හැකි පරිසරයක් ගොඩනැගීමෙන් වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරන සහ පෙනි සිටින පුරවැසියන් පිරිසක් බිහිවීමයි. මොවුහු සමාජ යුතුකම් හා වගකීම් වෙනුවට වෙළෙඳපොළ වෙනුවෙන් හැසිරීම හා වෙළෙඳපොළට ඇවැසි පරිදි හැසිරීම ඔවුන් විසින් ගොඩනඟා ඇත්තේ හුදු පුද්ගල විමුක්තිය කේවල ක්‍රියාකාරකම් වලින් සපයා ගන්නා තාක්ෂණික උපකරන වලින් පමණක් උදාකර ගත හැකි දෙයක් ලෙස වටහා ගැනිමෙන් පමණි.

තාක්ෂණික උපකරණ දිනෙන් දින තම තාක්ෂණික හැකියාවන් විවිධාකාරයෙන් දියුණු කර ගනිමින් වෙළෙඳපොළ පුළුල් කර ගන්නා අතර මිනිසුන් විසින් ඉවක් බවක් නැතිව ඒවා මිලදී ගැනිමෙන් මානව සමාජයේ පැවැත්මට අවශ්‍ය නොවන තරම් මෙන්ම මානව සමාජයේ පැවැත්මට හානිකර ලෙස දිගින් සහ පළලින් තාක්ෂණය වර්ධනය වීමයි. සමාජ සංවර්ධනයේ රේඛීය ප්‍රගමණය වෙනුවට බරපතළ චලනයක් නිර්මාණය කර තිබේ.

මේ චලනයේ ඇති අනතුර වන්නේ දිශාව තීරණය කළ නොහැකි වීමයි. අද දවස වන විට හෙට දවසේ තාක්ෂණය විසින් මිනිස් අනාගතය කවර දිශාවකට දිශා ගත කරයිද යන ගැටලුව ඇති වී තිබේ.

ලාංකික අපට මෑත වසර විස්සේ අති වු තාක්ෂණික පරිවර්තනය විසින් සමාජ ස්ථායිතාවය බිඳ දමා ඇත්තේ ඒ අනුවයි. යුද්ධය විසින් වසර තිහක් තිස්සේ ආගාධයට ඇද දැමු සමාජය තාක්ෂණය විසින් තව දුරටත් එම ඇදවැටීම තීව්‍ර කරමින් සිටියි.

මෙයට හොදම උදාහරණය වන්නේ රාජ්‍ය ආයවල සේවකයින් තම අන්තර්ජාල සහ දුරකතන පහසුකම් අව භාවිත කිරීමයි. දවසේ පැය ගනන් සමාජ වෙබ් අඩවි වල සැරි සැරීමත් පෞද්ගලික් දුරකථන සංවාද වල යෙදිමත් රටේ නිෂ්පාදනය කෙරෙහි බලපා ඇති බව රජය චෝදනා කරන්නේ මෙනිසාය .

එසේම වර්ධනය වන අපරාධ සහ ස්ත්‍රී දූෂණ මෙන්ම ළමා අපචාර කෙරෙහි සෘජුවම වග කිව යුත්තේ දිනෙන් දින දියුණු වෙමින් මිනිසුන් අතට යන ජංගම දුරකථනයන්ය. ඒ මඟින් ලෝකයේ ඕනෑම ලිංගික වෙබ් අඩවියක් කරා ඇතුළුවීමට සහ පරිහරණය කිරීමට පාසල් සිසුන්ට පවා අවස්ථාව ලැබේ.

තාක්ෂණය හරහා සමාජය විවෘත වීමේ අර්බුදය නිරාකරණය කර ගත යුත්තේ කෙසේදැයි අපිට අදහසක් නොමැත .කුලප්පු වු තාක්ෂණය මෙල්ල කිරීමට සංස්කෘතියට නොහැකිය.

මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ ලෝක පරිමාණයේන් සිදු කරන විවෘත වෙළඳාම විසින් වෙළෙඳපොළ උදෙසා සිදු කරන තාක්ෂණික සංවර්ධනයයි. ලෝකයේ ආහාර නිෂ්පාදනය කිරීම පවා අද වන විට බහු ජාතික සමාගම් විසින් තාක්ෂණය යොදවා සිදු කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉලක්ක කරගෙනය.

සමහර අවස්ථාවල බීජ වෙ‍ෙළඳපොළ ඇති කර ගැනීම සහා තම සමාගමේ බීජ වල දෙවෙනි වර පැළවීමේ ගුණය විනාශ කරනු ලබයි. අවසානයේ තාක්ෂණය යොදවා සිදු කර ඇත්තේ ධනවතුන්ගේ සමාගම් ස්ථාවර කිරීමයි.

තාක්ෂණය සමඟ ලාභය එකට ගැට ගැසුණු කළ නිර්මාණය කරන්නේ මිනිස් අනාගතය අඳුරේ හෙළීමකි. සංවර්ධනය වන අප වැනි රටවල් සිදු කළ යුතු වන තාක්ෂණය දේශිය වශයෙන් රැකියා ඇති කිරීම සහ දේශීයව වැදගත් වන නිෂ්පාදන බිහි කිරීමට යොදා ගැනීමයි. ඒ වෙනුවට අප දැන් සිදු කරමින් සිටින්නේ තාක්ෂණය සහ වෙළෙඳපොළ සඳහා ඇති ඉඩ පුළුල් කර දීමෙන් නිදහසේ තාක්ෂණයට සහ වෙළෙඳපොළට හැසිරීමට ඉඩ කඩ ලබා දීමයි. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ සෞභ්‍ය සහ ස්ථාවරත්වය වෙනුවට විනාශයයි. මෙයින් අදහස් වන්නේ සමාජයේ ගමන අඩාළ වීමකින් තොරව සිදු වන වෙනස් කම් අපට දරා ගැනීමට නොහැකි වී තිබෙන බවයි. තාක්ෂණය විසින් ඇති කර තිබෙන ගැටලුවලට පිළිතුර තාක්ෂණයේ කන්‍යාභාවය ගැන කතා කිරීමෙන් විසඳිය නොහැකිය. තාක්ෂණයේ පතිවත ආරක්ෂා කරගෙන හැසිරීමට බල කිරීම මඟින් පමණක් එය කළ හැකිය. හේතුව අපට තාක්ෂණය නොමැතිව ඉදිරි ගමනක් නොමැතිවාක් මෙන්ම පතිවත බිඳගත් අයාලේ යන තාක්ෂණයෙන් ද ඉදිරියට යාමට නොහැකි වීමයි.

වඩා පුළුල් ලෙස විස්තර කරනු ලැබුවහොත් අද දවස් ලංකා භූමිය මත ක්‍රියාත්මක වන තාක්ෂණය සිදු කරනු ලබන්නේ සමාජයේ සැබෑ අවශ්‍යතා ඉටු කර දීමට සේවය කිරීම වෙනුවට වෙළෙඳපොළ අවශ්‍යතා ඉටු කරදීමයි. මෙහිදී පාලනයකින් තොර වීමේ සහ පාලනය නොකිරිමේ සාපය හිමි විය යුත්තේ මේ රටේ දේශපාලනයටයි. ණය උගුලේ සිරවීමෙන් ස්වෛරීී භාවය සහ අනාගතය සැලැසුම් කර ගැනීමේ අවස්ථාව අහිමි කර ගත් ලංකාවේ දේශපාලනය න්‍යාය පත්‍රයක් නැති ක්‍රියාවලියක් බවට පත් කර ඇත.

වසර ගණනක් තිස්සේ පිටරට සමාගම්වලට රුපියල් විස්සේ අන්තර්ජාල කාඩ් එකේ සිට විවිධ තාක්ෂණික මෙවලම් දක්වා සූරාකෑමට ඉඩ දීමෙන් රටෙන් පිටට මෙතෙක් ලබා දුන් මුදල් සම්භාරය කොපමණද?

වජිර කාන්ත උබේසිංහ 

Comments