
ප්‍රථම වරට පැවැති ඔස්ට්‍රේලියානු වෘත්තීයමය සුපර් නෙට්බෝල් (දැල්පන්දු) තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සන්ෂයින් කෝස්ට් ලයිට්නිංග් කණ්ඩායම සමත් විය. ඒ බ්‍රිස්බේන් නුවරදී පැවැති මෙහි අවසන් තරගයේදී ගෝල් 65 - 48 ක ජයක් ජයන්ට්ස් නෙට්බෝල් කණ්ඩායම හමුවේ ලබමිනි.
මෙම තරගාවලියට ලොව සුපිරිතම ක්‍රීඩිකාවන් රැසක්ම කණ්ඩායම් අටක් නියෝජනය කරමින් තරග කළහ. ශූරතාව හිමිකර ගත් සන්ෂයින් කෝස්ට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ එංගලන්තයේ 32 හැවිරිදි ගීවා මෙන්ටර්ය.
මෙම අවසන් තරගයේ වටිනාම ක්‍රීඩිකාව වූයේ දකුණු අප්‍රිකාවේ කාර්ලා මොස්ටර්ට්ය. 27 හැවිරිදි කාර්ලා සන්ෂයින් කෝස්ට් කණ්ඩායම නියෝජනය කළාය.
මෙවර තරගාවලියේ වැඩිම ගෝල් ගණනක් රැස් කළ ක්‍රීඩිකාව වූයේ ඔස්ට්‍රේලියාවේ කෙයිට්ලින් ට්වෙයිටස්ය. ඇය ගෝල් 594 ක්ම රැස්කර ගැනීමට සමත් වූවාය. කෙයිට්ලින් 30 හැවිරිදිය. අඩි 6 අඟල් 2 ක් උසැතිය. ඇය නියෝජනය කළේ කොලින්වුඩ් මැග්පයිස් නෙට්බෝල් කණ්ඩායමයි.











