ජූනි 13-14-15- සහ 23-24-25 නැවත කාලගු ණයේ කැළඹීමක් ! | සිළුමිණ

ජූනි 13-14-15- සහ 23-24-25 නැවත කාලගු ණයේ කැළඹීමක් !

ජූනි 13 - 14- 15 - කියන දවස් තුන බොහොම අනතුරුදායකයි. මේ දවස් තුනේදීත් මහපොළොවට දරා ගන්න බැරි තරම් දැඩි වර්ෂාපතනයක් ලැබෙන්නට ඉඩ තිබේ. ඒ සමඟ ම එක් පැත්තකින් ජලය ආශ්‍රිත විපත් සහ අනිත් පැත්තෙන් ගිනි විපත් පෙන්නුම් කරයි.

මේ තත්ත්වය ලංකාවට වගේම ලෝකයේ තවත් රටවල් ගණනාවකට බලපාන බවත් පෙන්නුම් කරන බව පෙනෙයි. අහස මහ පොළොව විතරක් නෙවෙයි මහා සාගරයත් මේ දින තුනේදී අධික පීඩාවකට ලක්වෙයි.ඉන් පසුව එන ජූනී 23 සහ 24 -25 ආශ්‍රිත දින කිහිපය දැඩි අවදානම් කාලයක් හැටියටයි පෙන්නුම් කරන්නේ.

පිපිරීම් ගිනි ගැනීම් සහ වායූගෝලයේ දරුණු කැළඹීමක් - සාගර පතුලේ පිපිරීමක් හැටියට ඒවා ඉස්මතුවෙන්න පුළුවන්. කොහොම නමුත් ජූනී 13-14-15-සහ 23 -24 -25 ආශ්‍රිත දින කිහිපය අවදානම් කාලයක් හැටියටයි පෙන්නුම් කරන්නේ.

මේ ජූනී මාසයේ පෙන්නුම් කරන චිත්‍රය හරිම සංකීර්ණයි. විශ්ව කේන්දරයේ ගිනි - ජල සහ වායූ කියන මර්මස්ථාන තුනක් එක්විට උත්තේජනය වෙයි.උදාහරණයකට ජූනී 23 සහ 24 -25 සහ ඒ ආශ්‍රිත දින කිහිපය ගත්තොත් මිථුන රාශියේ වායූ සහ ගිනි බලය ඉතාම විසකුරු තත්ත්වයකට පත්වෙන අතර නගර උස්ගොඩනැගිලි නිවාස සංකීර්ණ වැනි ස්ථානවල හට ගන්නා ස්වභාවික විපත් වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා හට ගන්නා ගිනි ගැනීම් - පිපිරීම් - ප්‍රචණ්ඩ ක්‍රියාවන් යුදමය තත්ත්වයන් එයින් නිවේදනය කරයි.

ඒ වගේම ජන ජීවිතය කලබලයට ගොදුරු වීම් . සහ ගැටුම් සහ ව්‍යසන උග්‍ර කරවන වාතාවරණයක් පෙන්වන්වයි.අනෙක් අතට වායුගෝලයේ අධික කැළඹීමක් සහ විෂ සහිත දේ මහා පරිමාණයෙන් වායුගෝලයට මුසුවීම - සුළි සුළං - ටෝනෙඩෝ - වැනි තත්ත්වයන් වගේම බලාගාර වැනි දෙයක පිපිරීම් අපේක්ෂා කරන්න පුළුවන්. ඊ ළඟට ජූනී 13 - 14- 15 කියන දින තුන ගත්තොත් මෙතනදී විශ්ව කේන්දරයේ ජල පඨවි සහ ගිනි කියන මර්මස්ථාන තුනක් අතර විසකුරු අන්තර් සම්බන්ධයක් හට ගනී.

එහි විපාකය ආංශිකව ගත්තොත් ජල විපත් වගේම ගිනි විපත් සමාන්තරව පෙන්නුම් කරන අතර ඒ දෙකේම අන්තර් සංයෝගය නිසා හට ගන්නා තත්ත්වය නිශ්චිතව තෝරා බේරා ගන්න බැරි අවස්ථාවකට පෙරළෙනවා. කොහොම නමුත් ඔය කියන දින කිහිපය මුළු ලෝකයටම හරිම අවදානම්.

Comments