
වෙසක් උත්සවයේ දී අපට සිහිපත්වන්නේ බුදු රජාණන් වහන්සේ පමණක් නොවේ. ආලවකයා ද සිහිපත්වේ. බුදු රජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය හමුවේ දමනය වු ආලවක නම් යක්ෂයා ද සිහිපත් වේ.
ආලවකයා ගිනි අඟුරු වැස්සක් වස්සවා බුදු රජාණන් වහන්සේ හළුකිරීමට උත්සාහ කළේය. ආයුධ වැස්සක් වස්සවා බුදු රජාණන් වහන්සේට හානි කිරීමට උත්සාහ කළේය. මහා ගංවතුරක් මවා බුදු රජාණන් වහන්සේ ගසා ගෙන යවන්නට උත්සාහ කළේය. ඒ සියලූ උත්සාහයන් අවසානයේ නැවතුෙණ් ආලවක යක්ෂයා සෝවාන් වීමෙනි. අප අදත් වෙසක් උත්සවය ජාතික වශයෙනුත් අන්තර්ජාතික වශයෙනුත් සමරන්නේ බුදුරජාණන් වහන්සේ එවන් මහා පුරුෂයකු වූ උත්තමයකු වීම නිසාය.
ආලවකයා කිපී ගියේ හිස මුඩු කරගත් මහණ කෙනකු පැමිණ ස්වකීය බිසවුන්ට බණ දේශනා කරන බව තවත් යක්ෂයකු විසින් ඔහුට සැලකිරීමත් සමඟය. මානාධික ආලවක යක්ෂයා කිපුණේ කුහුඹුවකු හෝ සියලූ ආයුධයන්ගෙන් සමන්විතව මහා රණශූරයකු හෝ වැදීමට තරම් එඩිතර නොවන තමන්ගේ විමානයට නිරායුධ ව පැමිණ එයින්ද නොනැවතී තමන්ගේ බිසවුන් වහන්සේලාට බණ දේශනා කරන්නට ද තරම් එඩිතර වීරයකු සිටීම පිළිබඳවය. ඔහු කිපුණේ අසීමිත මානයෙනි. එයින් හරි වැරැද්ද ආදී කිසිවක් සිහිකර ගැනීමට නොහැකිව ආයුධ ගිනි අඟුරු වස්සවා බුදු රජාණන් වහන්සේට හානි කිරීමටඋත්සාහ කළේය.
එහෙත් බුදු රජාණන් වහන්සේ පිහිට වූයේ කෝපයෙන් ඇලළී කිපුණු ආලවකයාට පමණක් නොවේ. අනුන් විසින් ප්‍රමාණය ඉක්මවා පොවන ලද හා සිදුවන ප්‍රතිවිපාකය නොදැන රසය නිසා පානය කළ රා කළ සොළොසක් හේතුවෙන් සියලූ සිහිය විකල් වූ නාලාගිරි ඇත් රජුට පමණක් ද නොවේ.
මිහිපිට සිදු විය හැකි සියලූ අපල උපද්‍රව විපත් සිදුව අලළන ලද සෝකයෙන් උමතු වූ මනස් ඇති පටාචාරා සිටු දියණියට ද පිහිට වූ සේක. උමතු වූ මනස අර්හත්භාවයෙන් සුවපත් කළ ස්ක.
කෝප වූ මානාධික වූ මනසට සේම සෝකාධික මනසට ද අවැසි බෙහෙත් මහා කාරුණික වූ උන්වහන්සේ වෙත තිබුණි. වෙසක් උත්සවය අද ජාතික වශයෙනුත් අන්තර්ජාතික වශයෙනුත් සමරනු ලබන්නේ ඒනිසාය. එබඳු වූ කිසිවෙකුට හෝ සිතීමට හෝ නොහැකි වූ ආශ්චර්ය අද්භූත වික්‍රමයන් සිදු කළ උත්තමයෙකුගේ උපත, සත්‍යාවබෝධය හා පරිනිර්වාණය වෙසක් දිනයේ දී සිහිපත් කරනු ලබන නිසාය.
අදාන්ත පුද්ගලයන් දමනය කළත් කොසඹෑ නුවර භික්ෂු සංඝයා අතර ම ඇතිවූ අසමගියේ උන්වහන්සේලාට බුදු රජාණන් වහන්සේගේ අනුශාසනාවන්ට ද වඩා තමන් අතර වූ අසමගිය ම වැදගත්විය.
තමතමන්ගේ ම බෙදීම් හා බෙදීම්වලට අදාළ තමාගේ නිවැරදි බව පිළිබඳ අදහස්ම වැදගත්විය. බුදු රජාණන් වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ නිහඬවම පාරිල්‍යෙය වනයට වැඩම කිරීමෙනි.
අවවාදවලට අවනත නොවන භික්ෂූන් එවර බුදු රජාණන් වහන්සේ හික්මවූයේ ඔවුන් අතහැර හුෙදකලාව පාරිල්‍යෙය වනයට වැඩම කරමිනි.
අංගුලිමාලයා පව් කළේ දැන නොවේ. ඔහු මේ ලොව සිටි අහිංසකම මිනිසුන්ගෙන් අයෙක් විය. ගුරුවරයාට මිනිසුන් දහසක් මරා බිලිපූජාවක් කළ යුතු යැයි කී විට ඒ ගැන තර්ක නොකර දෙහිතක් නොසිතා පිළිගත්තේ ඒ නිසාය. ඔහුගේ ගුරු භක්තිය ඒ තරම්ම විය. ඒ තරම්ම අහිසංක ළාමක අයෙකුට මනුෂ්‍ය ඝාතනයක් කිරීම කොතරම් නම් අසීරුවිය හැකිද? එහෙත් එය ගුරු පුජාව යැයි සිතා කිරීමට සිත හදා ගත්තේය. ලාමක සිත් ඇත්තවුන් විප්ලවය වෙනුවෙන් මිනිමරුවන්වූ සෙයිනි. අහිංසක වූ අංගුලිමාල ද එසේ ම නොමග ගොස් සිටියේය. ඒ නිසා ඔහු බුදු රජාණන් වහන්සේගේ පවා වටිනාකමක් නොදුටුවේය.
අංගුලිමාලයාට බුදු රජාණන් වහන්සේ ළඟ පවා පෙනුණේ ඇඟිල්ලක වටිනාකම පමණි. ආපසු හැරෙන්නට නොහැකි කර වටක්ම විපතක ගිලී සිටි එහෙත් අහිංසකයකු වූ පුද්ගලයකුට ලොව්තුරා සැපත් සාදා දීමට අප සම්‍යක්වූ අර්හත්වූ බුදු රජාණන් වහන්සේට හැකි වූසේක. එහෙයින් ම අද ජාතික වශයෙනුත් අන්තර්ජාතික වශයෙනුත් වෙසක් උත්සවය සමරනු ලබයි.
බුදුවීමට පවා සිතූ දේවදත්තයා පවා අවසානයේ බුදු සරණ සොයා ආවේය. දෙව්දත් බස් අසා පිය රජු මරා රජවීමට සිතාගත් අජාසත්ත කුමරාට පවා අවසානයේ පිළිසරණ වූයේ බුදු රජාණන් වහන්සේමය.
සියල්ල දනිමියි සිතා සිටි සච්චකයා ගේ මානය දුරුවූයේ බුදු රජාණන් වහන්සේගේ අසමසම වූ ප්‍රඥාව හමුවේය. බුදු නොවී තමන් බුදු වී යැයි සිතා සටි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයාකාශ්‍යප තුන් බෑජටිලයන්ට තමන්ගේ ‘බුදුබව’ පරිත්‍යාගකර සර්වඥ ශාසනයේ මහන වී, තමන් බුදු යැයි සිතා ගෙන සසරේ සැරිසැරීම වෙනුවට අර්හත්ඵලයට පත්ව සසරින් එතර වීමට මග පෑදුවේ අප මහා බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේගේ තෙමඟුල තරම්වූ අන් උත්සවයන් අපට නොවන්නේ ඒ නිසාය. අප අපේ මානයන් අඩුලූහුඬුකරම් දුරහැර දැමීමට මෙයටත් වඩා උත්සවයක් නැත.
වෙසක් පහනින් තොරණින් සැරසිල්ලෙන් දානයෙන් සීලයෙන් සතුටුවීමට මේ තරම් උත්සවයක් වෙනත් නැත. සතුටේ සීමා මායිම් සොයා ගොස් ඒ ඔස්සේ ම සසර දුකේ මායිම් ඉක්මවීමට සිත් පණ පොවන ලෝකයේ එකම හා මහඟු උත්සවය වෙසක් උත්සවයයි.
අපේ සිත් වෙසක් මහා තෙමඟුල් දිනයේ දී නිවී සැනහී සාන්ත වී යයි. වෙසක් උලෙළ ජාතික උත්සවයක් පමණක් නොව අන්තර්ජාතික උත්සවයක් වියයුත්තේ ද ඒ නිසාය.
දැමිය යුතු වන්නෝ මෙරට පමණක් නොව පිට රටත් වෙසෙති. සසර දුකින් මි දී ලොවුතුරු සැපත පතන්නෝ හැම රටකම වෙසෙති.
අන්තර්ජාතිකව සමරනු ලබන සම්බුදු තෙමඟුල ලොව පුරා වෙසෙන එවන් සියලූ දෙනා කරා උතුම් සම්බුදු දහම රැගෙන යනු ඇත.
උදයසිරි වික්‍රමරත්න