
එරබදු මල් පිපී රතට රතේ බබළද්දී අපට දැනෙන්නේ අවුරුදු ළඟ එන බවයි. විටින් විට නැඟෙන කොහෝ නාදය හැම තැන පැතිරේ. ඈතින් ඇසෙන්නේ රබන් හඬයි. කජු ගස් පුහුලන්වලින් බරවී අඹ ගස් මලින් පිරී ඇත්තේය. ඈතින් ඇහෙන රතිඤ්ඤා නාදය පුංචි අප බියපත් කළද අවුරුදු එනතුරු අප බලා සිටින්නේ ආසාවෙනි.
අවුරුදු කවි
කුහු කුහු හඬ පැතිරෙනවා
එරබදු මල් හිනැහෙනවා
කජු පුහුලන් බැබළෙනවා
අවුරුදු සිරි පවසනවා
රබන් සුරල් නද දෙනවා
රතිඤ්ඤ හඬ රැව් දෙනවා
ඔන්චිලි ගී පැතිරෙනවා
කැවුම් සුවඳ ඉතිරෙනවා
තරහ මරහ අමතක වෙනවා
එකමුතුකම යළි ඇති වෙනවා
සෑම තැනම තොස උතුරනවා
අවුරුදු ලොව හැඩ කරවනවා