ආසියාවේ දැනුම කේන්ද්‍රය සිහිනයක් ද? | Page 3 | සිළුමිණ

ආසියාවේ දැනුම කේන්ද්‍රය සිහිනයක් ද?

මවු කුසෙන් අප ඉපදුණු දා පටන් අප අවිධිමත් අධ්‍යාපනය ලබන බව අතිශයෝක්තියෙන් තොර වු සත්‍යයකි. එම නිසා පෙරදිග මහා චින්තකයානන් වූ බුදුන් වහන්සේද දෙමාපියන් හට විවිධ වු ගරු නම්බු නාම පුද කර ඇති බැව් ත්‍රිපිටක සාහිත්‍යය තහවුරු කරයි.

අප විධිමත් වු අධ්‍යාපනයට යොමු වන්නේ පුර්ව ළමා විය සංවර්ධනයේ සිටය. එතැන් පටන් උසස් අධ්‍යාපනය දක්වාත් ඉන් එහාටත් විවිධ වු අයුරින් විධිමත් වු අධ්‍යාපනය ලබයි.

ගැටලු නැති අංශයක් වත්මනේ නැතිවා සේම අධ්‍යාපනය තුළද ගැටලුවලට එහා ගිය අර්බුද සමාජය තුළ දලු ලා නැගෙමින් පවතින්නේ කලක පටන්ය. ඒ සියලු හේතුවලට මුල මිනිසාය. එම ගැටලු මිනිසා විසින්ම මිනිසා වෙතම ඇති කරගත් ප්‍රශ්නය.

ලොව බොහෝ රටවල අධ්‍යාපන අරමුණ නිසි පරිදි දක්වා නැත. එසේ දක්වා ඇති වුවත් ඒ අරමුණුඑවලට යෑමට ඇති මඟ පැහැදිලි නැත..

අපි විධිමත් අධ්‍යාපනය තුළින් තොරතුරු මත පදනම් වෙමින් තරගකාරී විභාග රාටවකට මුහුණ දෙමින් අනවරත අරගලයක යෙදෙමින් ඉදිරියට ඇදෙමු. එහෙත් එය සාර්ථක අධ්‍යාපනයක්ද යන ප්‍රශ්නයට අප නිතැතින්ම මුහුණ දෙයි.

‘‘කරුණු පැහැදිලි කීරීම අධ්‍යාපනයේ ඇති වැදගත්ම අංශය නොවේ. එයින් සිදු විය යුත්තේ මනස අවුළුවා ලීමය..’’

යනුවෙන් තාගෝර් පඩිතුමා සඳහන් කරයි. (ජිවන මදිරාව ආනන්ද අමරසිරි පරිවර්තනය 31 පිටුව)

එම නිසා අප සොයා ගත යුත්තේ ඥානය නිශ්පාදනය කරන අධ්‍යාපනයකි. එය විසි එක්වන සියවස තුළ ධනවාදී මෙන්ම අතිශය තරගකාරි සමාජ ව්‍යුහය තුළ අත්‍යවශ්‍ය වු සාධකයකි.

අප අධ්‍යාපන රටාව තුළ දැනුම නිෂ්පාදනය වන්නේ ඉතා අල්පවයි. එසේ නිශ්පාදනය වන ඥානයද දුගීකම නිසාම බටහිර ගොදුරු කරගන්නේ නිතැතින්මය.

අප අධ්‍යාපනය තුළින් තොරතුරු හරහා නව දැනුමක් නිෂ්පාදනය කරිමට අලුත් වු අධ්‍යාපන රිතින්, ප්‍රතිපත්තයක් සැකසිය යුතුය.

මෙම අධ්‍යාපන ක්‍රමය තුළ සිටීමෙන් සිදු වන්නේ කියන්නට බොහෝ දේ ඇති එහෙත් කිසිවක් කළ නොහැකි උගතුන් පිරිසක් බිහි විමය.

පෙරදිග චින්තකයෙකු වු මහත්මා ගන්ධි පවසා ඇති පරිදි, ‘‘මෙම අධ්‍යාපන රටාව තුළ රැකියා නිෂ්පාදනය නොවන අතර රැකියා සොයන පිරිසක් බිහි වනු ඇති’’ බවය.

එම නිසා මෙම ගැටලුවට වහාම විසඳුම් සෙවිය යුතුය.

නැතිනම් සිදුවන්නේ උපාධීධාරීන්ගේ ගුණාත්මක භාවය තව තවත් පීරීහීමය. මෙම අධ්‍යාපන ර⁣ටාව තව දුරටත් පවත්වා ගතහොත් ආසියානු දැනුම් කෙන්ද්‍රස්ථාය අපට සිහිනයක් වනු නොඅනුමානය.

සෙනුර ලක්මාල්
කැලණිය විශ්වවිද්‍යාලය 

Comments