
යාන් ඔය ව්‍යාපෘතිය පිළිබඳ බොහෝ කතා බහ වරින් වර සිදු කෙරිණි. වැව් බැම්මේ කටයුතු අවසන් වෙමින් තිබේ. යාන් ඔය ව්‍යාපෘතිය හරහා ජලය සැපැයෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ ජයන්ති වැවට හා ත්‍රිකුණාමලය දිස්තික්කයේ ආන්දන්කුලම් වැව වෙතය. මේ වැව් දෙක හුරුලු වැවේ ජලයෙන් පිරී මුලතිව් හා තිකුණාමලයේ කුඹුරු යායවල් සරු සාර කරනු ඇත. ජලයෙන් පිරීගිය වැව් දැක එම ප්‍රදේශවල ජනයා මෙන්ම සතා සීපාව ද ප්‍රමෝදයට පත්වනු ඇත. යාන්ඔය ව්‍යාපෘතිය පිළිබඳ කතාබහට මේ වනවිට ගොඩනැගී ඇත්තේ එම ප්‍රදේශවල හමු වී ඇති වැලි නිධිය පිළිබඳවයය. එය කළමණාකරණය කරමින් විශාල ප්‍රයෝජනයක් ගත හැකිවනු ඇත. මේ වැලි නිධිය සැකැසි ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ යාන් ඔය ගලා ගිය මාර්ගයේ ය. රණකාමී ලක්වැසියාගේ හදවත බඳු රිටිගල කඳුවැටියෙන් ආරම්භ වන ජල දහරා හෝ හඬ නඟමින් පැමිණ හුරුලු ඉවුරේ වැදී බිඳී සුරතල් වෙවි හිඳ පුල්මුඩෙ ප්‍රදේශයෙන් නිසන්සලේ මුහුදට ගලා ගිය ගමන නිමා කරමින් ඇල, වේලි, ලියදි දිගේ දිගු ගමනක් යාමට සූදානම් වෙම්න් සිටී. ඒ ගමනේ සරතැස නිවාලන්නේ යාන්ඔය ජලාශයයි. යාන් ඔය නිම්නය යනු ප්‍රාග් ඵෙතිහාසික, පූර්ව ඵෙතිහාසික හා ඵෙතිහාසික යුගයේ මානව සාධක සහිත ඉතා ඈත යුගයක සිට ලංකාවේ ජනාවාසව පැවැති ප්‍රදේශයකි. යාන්ඔය නිම්නයේ ගම් වැව් සිය ගණනක් මෙම ව්‍යාපෘතියට යට වේ. එම වැව් වලින් බොහෝමයක් මේ වන විට දැක ගැනිමට නොමැති වූවද ඒවා අඟලේ සිතියමේ සටහන් ව තිබේ. යාන් ඔය ව්‍යාපෘතියට යට වන ස්ථාන හා ස්මාරක සංඛ්‍යාව 49කි. දිගින් කි.මී. 2.35ක දිගින් යුතු යාන් ඔය වැව් බැම්ම නිර්මාණය වීමත් සමඟ යාන් ඔය හරස් වි රැස්වන ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 36ක් දක්වා ඉහළ යයි. ධාරිතාව වර්ග කිලෝමිටර් 1520ක් වූ යාන්ඔය ජලය පිරී යද්දී එම ජල දහරට යට වන මෙම භූමියේ ඇති මානව සාධක සදාකාලිකව මිනිස් පහසින් ඈත්ව සැඟව යනු ඇත.
යාන් ඔය ජල ව්‍යාපෘතිය මගින් ජල හිඟයෙන් යුතු ප්‍රදේශ කරා නොඅඩුව ජලය සැපැයීම අරමුණ වී ඇත. ඒ සමඟ කර්කෂ පොළොව තෙමී තෙමී සැනැසෙද්දී, විවිධ අරමුණු ඔස්සේ දශක ගණනාවක් දිව ගොස් වෙහෙසට ද පීඩාවට ද පත් මිනිස් සිත් මේ සිහිල් සිළිලයේ තෙමි තෙමී නීවි සැනැසෙනු ඇත. ශ්‍රී ලංකා රජය මගින් ප්‍රතිපාදන සලසන මෙම ව්‍යපෘතිය ආරම්භයේ දී පරිසර ඇගයිම් වාර්තා මෙන්ම පුරාවිද්‍යා අධ්‍යයන වාර්තාවක් ද ලබා ගැනීමට ද රජය අවධානය යොමුකොට ඇත. රටේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් බිම් වෙන්කර ගැනීමේ දී එම ස්ථානයන් හි ඇති පුරාවස්තු හා ඵෙතිහාසික අගයෙන්
යුතු දේ පිළබදව විමසා බැලීම පුරා විද්‍යා අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීමේ අරමුණයි.
වසර හතරක් පුරා කෙරෙන මෙම ව්‍යාපෘතියට පුර්ණ වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහයලබා ගැනීමට නියමිතය. යම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඇගැයීම් වාර්තා සකස් කිරීමේ දි පුරාවස්තු ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදයි. එසේ බෙදීමේදී A කාණ්ඩයට එම සංවර්ධනයට ලක් කරනු ලබන ප්‍රදේශයේ ඇති ඉවත් කළ නොහැකි ගල් ලෙන් සෙල් ලිපි ආදිය අයත්වේ.
එම පුරා වස්තු ලේඛන ගත කොට වාර්තා තබා ගනිමින් ජල ව්‍යාපෘතියට යට වන, B කාණ්ඩයට අයත් වන්නේ ඉවත් කළ හැකි එහෙත් සංරක්ෂණය කළ යුතු දේය. ඒවා ඉවත් කර කෞතුකාගාරයක තැන්පත් කිරීමට අවධානය යෙමු කර ඇත. ඒම ස්ථානයන් අතරින් පුරා විද්‍යාත්මක අගයෙන් යුතු ස්ථාන වේ නම් ඒවා ඉවත්කොට වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ද කටයුතු කෙරේ. C කාණ්ඩයට අයත් වන්නේ ජනාවාස සාධක වැනි ඉවත් කළ නොහැකි දේය.
මෙම ව්‍යාපෘතියට යට වන ඵෙතිහාසික කිඹුල් පැටියාව ගල්ලෙන් විහාරය ආසන්නයෙන් ක්ෂුද්‍ර්‍ර ශිලා යුගයට අයත් තොරතුරු අනාවරණය කර ගැනීමට මේ වන විට සමත්ව ඇත. ඒවා සංරක්ෂණ කටයුතු වළදී එලෙසින්ම පවතින්නට ඉඩහරී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යාන්ඔය නිම්නයේ මතුපිට ගවේෂණය මේ වන විට අවසන් කොට ඇති අතර ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් සිතියම් භාවිත කොට ඇත. මෙම ව්‍යාපෘතියට අයත් ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර ශාඛාව මගින් කැණීම් හා සංරක්ෂණ කටයුතු සිදු කරයි.
යාන්ඔය ව්‍යාපෘතිය යටතේ වැව් බැම්මේ රැස්වන ජලය ඇළ මාර්ග දෙකක් හරහා පහළට ගෙනයනු ලබයි. වම් ඉවුර දිගේ කිලෝමීටර් 22 පහළට යන ජලය මුලතිව් දිස්ත්‍රික් මායිමේ පිහිටි ජයන්ති වැව දක්වාගෙන යනු ලබයි. යාන්ඔය දකුණු ඉවුර දිගේ යන ජලය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආන්දාන්කුලම් වැව දක්වා රැගෙන යෑමට කිලෝමිටර් 11.7ක් දිග ඇළ මාර්ගයක් සකස් කෙරේ. එමගින් එම ප්‍රදේශයන්හි වෙසෙන ජනයාට සෙත සැලසෙනු ඇත.
1992 දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ශ්‍රී පුර හා ත්‍රිකුණාමලයට හා නීලපණික්කුලම ආශ්‍රිත ප්‍රදේශයේ ජල අවශ්‍යතා වෙනුවේන් අනුරාධපුර වාහල්කඩ පඹුරුගම ආසන්නයේන් බැම්මක් බැඳ ඇළ මාර්ග දෙකක් ඔස්සේ ජලය සැපයිණ. වර්තමාන ව්‍යාපෘතියට උතුරු මැද හා නැගෙනහිර පළාත් අයත් වේ. මෙමගින් එම ප්‍රදේශයන්හි ජනතාවගේ ද ජල අවශ්‍යතා සැපිරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇගයීම් වාර්තාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දීමේ දි එම ස්ථාන හා ස්මාරක ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ. ජලයෙන් යට වන ස්ථාන හා ස්මාරක පිළිබඳ තොරතුරු මහජනයාට ප්‍රදර්ශනය පිනිස කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම, ව්‍යාපෘතිය සඳහා සිදු කරනු ලබන කැණීම්වලදී පුරාවස්තු හමු වූවහොත් ව්‍යාපෘතිය නවතා ඒබව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමට ද නිරදේශ කර ඇත.
රිටිගල කන්ද ආඩම්බරයෙන් මවු බිමේ නැගෙනහිර භූමිය දෙස නෙත් යොමමින් සීටී. තව නොබෝ දිනකින් නැගෙනහිර භූමියේ ලියැදි හරහා ගලා යන ජල දහර කොතරම් සිහිලැල් දැයි වෙලෙහි නටන නිල් ගොයම සෙමෙන් සෙමෙන් එහි වෙසෙන මිනිසුන්ට රහසේ කියනු ඇත. අතු ඉති බෙදී ගිය ද කඳුශිඛරයේ සිට පහළට ඇදෙන දිය කඳ සැමට සම සේ සිසිල බෙදා එක් ජලදහරක් සේ තම කාර්යය නිම කොට සෙමෙන් සයුරු දියෙහි ගිලී වෙහෙස නිවා ගනු ඇත.