
මේ දිනවල රට පුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වි ඇත. ඒ සයිටම් හෙවත් දකුණු අසියානු තාක්ෂණික හා වෛද්‍ය විශ්ව විද්‍යාලය හේතු කරගෙනය. මීට බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාල වීද්‍යාර්ථීන් නිදහස් අධ්‍යාපනය තුළ ඇති නිවැරැදි අරුත ඉතාම පටු දෟෂ්ටියකට ලඝු කර ගැනීම කනගාටුවට කරුණකි. මන්ද එය කුමන ආකරයකින් හෝ අධ්‍යාපනය ලැබීමට සියලු පුරවැසියන්ට නිදහස් අධ්‍යාපනයේ අරුතක් නොවන්නේද..?
සයිටම් සම්බන්ධ අර්බුදය ගැන යම් විවිරණයක යෙදෙන කල්හි එයට විරුද්ධ වීමට හේතු කාරණා කිහිපයන්ම ඇති බව පැහැදිලිව හදුනාගත හැකිය. ඉන් කිහිපයක් නම් ලාංකීය සමාජය තුළ පංති අරගලය තව තවත් වර්ධනය වීමත්, රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් හට අඩු අවධානයක් හා ඔවුනට අඩු පහසුකමි සැපයීම වැනි කාරණයන්ද මෙයට ඍජුව හෝ වක්‍රව දායක වි ඇති බව දක්වා ලිය හැකිය.
ගෝලීයකරණ ස්වභාවයත් සමඟ වත්මන ඉදි වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල බව අපට ලෝක මට්ටමෙන් ද ඉතා පහසුවෙන්ම හදුනා ගත හැකි සත්‍යයකි. ඊට හේතුව අධ්‍යාපනය වත්මන් ධනවාදී සමාජ රාටාව සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කීරීමකි. අප අධ්‍යාපනය ද පුළුල් ව නිදහස් අධ්‍යාපනය යන ලෙස අර්ථකථනය කීරීම ඉතා වැරදී සහගතය. එය කිසි සේත්ම නිදහස් අධ්‍යාපනයක් වන්නේ නැත. මන්ද ඊට රටේම ජනයාගේ දාඩිය මහන්සිය උපයන මුදල් වෙන වීමය.
සයිටම් අර්බුදය මානවවාදීව විමසා බලන විට ඒ ශිෂ්‍යයන්ට අසාධාරණ තත්ත්වයන් සිදු වී ඇති බව පෙන්වා දීමට හැකිය. ඔවුනට රජයේ රෝහල් තුළ සායනික පුහුණුව පවා අහෝසී කර ඇත. එය මානව හිමිකම් කඩ කීරිම හා සමිබන්ධ ක්‍රියාවක් හා සැසදීමට හැකිය. රජයේ රොහල් වල ද රජයේ විශ්වවිද්‍යාල තුළින් ඉගෙනගෙන ආ වෛද්‍ය වරුන්ගෙන් වැරදී අඩු පාඩු ඕනෑ තරම් වන අතර ඒවා යම් සමාජ කොටසකගේ දේශපාලනික පටු දෘෂ්ටීන්ගෙන් වැසී පැවතීම ඉතා කණගාටු දායකය... උගත් ශිෂ්‍යයන් හට ඉතා හොඳ දේශපාලන ඥානයක් මේ සම්බන්ධ ක්‍රියාවලියේදී තිබිය යුතුය. මන්ද අරමුණක් නැති අරගල කරන්නන් තේරා බේරාගෙන සමාජයට අවශ්‍ය වු අරගලකර සමාජය යහමඟට ගැනීමට ඔවුන්ට හැම විටම බුද්ධියක් ඇවැසිය.
සෙනුර ලක්මාල් - කැලණිය විශ්වවිද්‍යාලය