වසරේ ප්‍රථම මොටෝක්‍රොස් ජය ඉෂාන්ට සහ ළහිරුට | Page 11 | සිළුමිණ

වසරේ ප්‍රථම මොටෝක්‍රොස් ජය ඉෂාන්ට සහ ළහිරුට

 ගාලු මොටෝක්‍රොස් තරගාවලිය අක්මීමන ගාලු මොටෝක්‍රොස් ධාවන පථයේදී ඉකුත් සති අන්තයේදී පැවැති අතර එහිදී ඉෂාන් දසනායක, ළහිරු ජීවන්ත සහ ඩිලිත කල්හාර විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූහ.
මෙම වසරේ ප්‍රථම මොටෝක්‍රොස් තරගාවලියත් මෙය විය.
 
වත්මන් ජාතික ශූරයා වන ඉෂාන් එම්. එක්ස් කාණ්ඩයේ තරග ඉසව් දෙකක්ම ජය ගැනීමට සමත් විය.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ ළහිරු ජීවන්ත ජය ගත් තරග ගණන තුනකි. මේ අතර බොහෝ දෙනාගේ අවධානය හිමිකර ගත් 12 හැවිරිදි ඩිලිත කල්හාර වයස අවුරුදු 16 න් පහළ තරග දෙකක්ම ජය ගැනීමට සමත් විය.

 

Comments