
එක්වෙමු ලංකා බිහිවන්නේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ අවශ්‍යතාව හෘදයාංගව ම වටහා ගන්නා තරුණ පිරිසකගේ මූලිකත්වයෙනි. 2007 වර්ෂයේ සිට මේ දක්වා ස්වේච්ඡා සේවකයන්, පාසල් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ තරුණ තරුණියන්ගේ එකමුතු කමින් ජාතික මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
ගෙවීගිය දශක කිහිපයේ දී ලාංකික ජනසමාජයේ පැවති විවිධ අරගලකාරී සහ ගැටුම්කාරී වාතාවරණයන් හමුවේ පීඩාවට පත්වූ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මෙහි මූලික අරමුණ බවට පත්ව ඇත. එක්වෙමු ලංකා සංවිධානය මේ වන විට ජාතික ම්ටමින් සංහිඳියාව සහ සාමය ගොඩනැඟීම සදහා ක්‍රියාකාරීව කටයුතු කරනු ලැබේ. ඒ අතරින් ප්‍රධාන වැඩසටහන වනුයේ සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි සම්බන්ධකර ගනු ලබන පාසල් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහ ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන 'අනාගත නායකයින්ගේ සමුළුවයි' මේ වන විට ඉතා සාර්ථක සමුළු 08ක් වාර්ෂිකව පවත්වා අවසන් කර ඇත. එකී සමුළු කුරුනෑගල, මහනුවර, යාපනය, ගාල්ල, අම්පාර, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයන් හි පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් උදෙසා නායකත්වය, කුසලාතා සංවර්ධනය මෙන්ම තමන්ට වෙනස් වූ ජාතියකට, ආගමකට හෝ සංස්කෘතියකට අයත් වූවන් සමඟ එක්වී වැඩකිරීම සදහා අවශ්‍ය කරන තරග පෙන්වීම ඉතා ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව ලබාදීම සිදුකරනු ලබයි.
දසවැනි සංවත්සරය සමරන එක්වෙමු ලංකා ගමන් මග එක්වෙමු ලංකා බිහිවන්නේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ අවශ්‍යතාව හෘදයාංගව ම වටහා ගන්නා තරුණ පිරිසකගේ මූලිකත්වයෙනි. 2007 වර්ෂයේ සිට මේ දක්වා ස්වේච්ඡා සේවකයන්, පාසල් ශිෂ්‍ය ක්‍රියාකාරකයින් සහ තරුණ තරුණියන්ගේ එකමුතු කමින් ජාතික මට්ටමින් වැඩසටහන රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
ගෙවීගිය දශක කිහිපයේ ලාංකික ජනසමාජයේ පැවති විවිධ අරගලකාරී සහ ගැටුම්කාරී වාතාවරණයන් හමුවේ පීඩාවට පත්වූ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීම මෙහි මූලික අරමුණ බවට පත්ව ඇත.
එක්වෙමු ලංකා සංවිධානය මේ වන විට ජාතික ම්ටමින් සංහිඳියාව සහ සාමය ගොඩනැඟීම සඳහා ක්‍රියාකාරීත්ව කටයුතු කරනු ලැබේ. ඒ අතරින් ප්‍රධානතම වැඩසටහන වනුයේ සමස් ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි සම්බන්ධකර ගනු ලබන පාසල් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහ ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන 'අනාගත නායකයින්ගේ සමුළුවයි' මේවන විට ඉතා සාර්ථක සමුළු 08ක් වාර්ෂිකව පවත්වා අවසන් කර ඇත. එකී සමුළු, කුරුණෑගල මහනුවර, යාපනය, ගාල්ල, අම්පාර, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයන් හි පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් උදෙසා නායකත්වය,කුසලාතා සංවර්ධනය මෙන්ම තමන්ට වෙනස් වූ ජාතියකට, ආගමකට හෝ සංස්කෘතියකට අයත් වූවන් සමග එක්වී වැඩකිරීම සදහා අවශ්‍ය කරනු මඟ පෙන්වීම ඉතා ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව ලබාදීම සිදුකරනු ලබයි.
මුලතිව්, මාතර, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්යන් හි අඩු පහසුකම් සහිත ප්‍රදේශයන් හි ස්ථාපිත කර ඇති එක්වෙමු ලංකා තරුණ සංහිඳියා මධ්‍යස්ථා මඟින් ග්‍රාමීය තරුණ ප්‍රාජාව භාෂා, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර කළමණාකරන දැනුමින් පරිපූර්ණයකු බවට පත් කිරීම සදහා අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. තවද ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී සිය වගකීම සහ කාර්යභාරය හඳුනාගැනීම සඳහා අවස්ථාව උදාකරමින් ඔවුන් එහි කොටස් කරුවන් බවට පත්කිරීමේ කාර්යභාර්යද එක්වෙමු ලංකා සංහිඳියා මධ්‍යස්ථාන මගින් සිදුකරනු ලැබේ.
එක්වෙමු ලංකා තරුණ සංහිදියා මධ්‍යස්ථානයන් හි ගෙවීගිය වසර 05 ක කාලය තුළ ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය සහ ව්‍යවසායකත්ව කළමණාකරනය පිළිබදව ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරා නිමකරන ලද තරුණ තරුණියන්ගේ ප්‍රමාණය හත්සිය පනහකට අධිකය. මේ වන විට ඔවුන් දෙස් විදෙස් උසස් අධ්‍යාපනය, දෙස් විදෙස් රැකියා අවස්ථාවන් සහ ස්වයං රැකියා කටයුතු සඳහා යොමුවී සිටී. උසස් පෙළ විභාගයෙන් අනතුරුව අරමුණක් නොමැතිව නිකරුනේ කාලය ගෙවන ලද ග්‍රාමීය තරුණ ප්‍රජාව එක්වෙමු ලංකා තරුණ සංහිඳියා මධ්‍යස්ථාන වෙත සම්බන්ධකර ගනිමින් ඔවුන්ට එකී දැනුම ලබාදීම සිදුකරනු ලබයි. තවද ඔවුන්ට ජාතික සංහිදියාව සහ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය සදහා අවතීර්ණ වීමට අවශ්‍ය මූලික පුහුණුව,මඟ පෙන්වීම සහ අවශ්‍ය යොමුකිරීම්ද එක්වෙමු ලංකා සංවිධානය මගින් සිදුකරනු ලබයි.
මීට අමතර වාර්ෂිකව ජාතික මට්ටමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට එක්වෙමු ලංකා යොමුවී ඇත. ඒ අතරින් වාර්ෂිකව සමස්ත ලංකාවම ආවරණය කරමින් පවත්වනු ලබන පාසල් සම්බන්ධතා චාරිකා වැඩසටහන, වෙනසක පුරෝගාමීයෝ වැඩසටහන, සිතන්න ප්‍රවර්ධන වැඩසටහන ආදිය වේ. මෙමගින් සමස්ථ ශ්‍රී ලාංකික පාසල් ශිශ්‍ය ශිෂ්‍යාවන්/තරුණ තරුණියන් සහ සමස්ථ ප්‍රජාව තුළම ජාතික සංහිදියාව ගොනැගීමේ කාර්යභාරයේ ඇති වැදගත්කම පිළිඳව ආකල්පමය වෙනසක් ඇති කෙරේ. සාමාජිකයින් විසිදහසකට අධික පිරිසක් එක්වෙමු ලංකා වටා එක්රෝක් වී ඇත. එමෙන්ම ස්වෙච්ඡා සේවකයින් අටසියයකට අධික පිරිසක් දිවයින පුරා විසිරී සිටී. ඔවුන් සෑම මොහොතකම ජාතික සංහිදියාව ගොඩනැගීමේ කාර්යභාරය සදහා තම ප්‍රජාවන් සමඟ කැපවී කටයුතු කරනු ලබයි.
සම ජාතික අධ්‍යක්ෂ එක් වෙමු ලංකා සංවිධානය
චමින්ද ජයසේකර