
පසුගිය අර්බුද හමුවේ කොග්ගල ආයෝජන සැකසුම් කලාපයේ වසා දමන ලද ඇෙමරිකානු වෙළඳපොළ වෙත පමණක් සිය නිෂ්පාදන අපනයන කළ ඇගලුම් කම්හල් දෙකක් යළි ආරම්භ කිරීමට පසුගිය සතියේ කටයුතු කරන ලදී. එම ඇගලුම් කම්හල් සතුව ඇෙමරිකානු ඩොලර් මිලියන 200කට අධික යන්ත්‍ර සූත්‍ර තිබෙන අතර, ඇගලුම් කම්හල් වසා දැමීමෙන් 2500කට අධික පිරිසකට රැකියා අහිමි විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත මෙරට සමාගමක් විසින් එම කම්හල් දෙක නැවත බල ගන්වන්නට එක් වී සිටී. ඒ සඳහා ප්‍රථම අදියරේදී ඇෙමරිකානු ඩොලර් මිලියන 3.6කට වැඩි මුදලක් එම සමාගම විසින් ආයෝජනය කරනු ඇත. ඊට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තැබුණු අතර මාස 2ක් තුළ ඇමෙරිකන් තත්ත්වයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කෙරෙනු ඇත. ඇමෙරිකන් වෙළෙඳ පොළට අමතරව ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව මෙන්ම ජපානය වැනි රටවල නව වෙෙළඳපොළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු යොදා ඇත.