දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි | Page 10 | සිළුමිණ

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරවම සම්මත වේ.
 
මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 06 වැනදාය. දෙවැනිවර කියවීමේ විවාදය එදින පැවැත්වුණි.
 
පනත් කෙටුම්පත පිළිබඳ  කාරක සභා අවස්ථාව අද පැවැත්වුණ අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද පනත් කෙටුම්පත සඳහා සංශෝධන රැසක් ඉදිරිපත් කෙරිණි. අවසානයේ පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත කරන ලදී.
 

Comments