ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ.
බෙල්ලන්විල ඇසළ උත්සවය සහ පෙරහර මංගල්‍යය 73වන වරටත් අගෝස්තු 2 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්වත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව සංවිධාන කටයුතු කරයි.