කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කංචන කියයි | Page 10 | සිළුමිණ

කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කංචන කියයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
 
ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි.
 
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව ලබන 22වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

Comments