
අනුබුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන්, රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තම පරිත්‍යාගශීලීත්වය හා සැදැහැවත් බව යළිත් පසක් කරමින් දිවයින පුරා පිහිටි ශාඛා රැසක් විසින් පොසොන් දන්සැල් රැසක් සංවිධානය කරන ලදී. කළුතර, දිවුලපිටිය, වෙන්නප්පුව, මාවනැල්ල හා පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි ශාඛා මූලිකත්වයෙන් මෙම දන්සැල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කරමින් ඉතාමත් ආරක්ෂිතව සංවිධානය කර තිබිණි.