ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 59 වන රන් ණය මධ්‍යස්ථානය අංක 7 නිල්වලා ගොඩනැගිල්ල මොරවක යන ලිපිනයෙහි පිහිටි HNB FINANCE මොරවක ශාඛා පරිශ්‍රයේදී පසුගියදා විවෘත විය. HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
රන් ණය සේවා සඳහා මොරවක, පිටබැද්දර, දෙනියාය ඇතුළුව ඒ ආසන්න ප්‍රදේශයන්ගේ පවතින ඉල්ලුමට විසඳුමක් ලෙස මෙම අභිනව HNB FINANCE රන් ණය මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට සමාගම කටයුතු කර ඇත. පාරිභෝගික අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ රන් ණය සේවාවන් වන Gold Loan, Gold Plan, සහ VIP Gold Loan සේවා මූල්‍ය සමාගමකින් හඳුන්වා දුන් ප්‍රශස්තම රන් ණය විසඳුම් ලෙස අවිවාදයෙන්ම පැවසිය හැක.