
ඖෂධ මිල සංශෝධනය කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. ඒ අනුව ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. නව මිල සංශෝධනයට අනුව 16% ක මිල අඩුවීමක් සිදු වී ඇත. ඒ අනුව ඖෂධ රැසක මිල පහළ දැමීම ජුනි 26දා සිට බලාත්මක වනු ඇත.