ජනපතිට ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් | Page 17 | සිළුමිණ

ජනපතිට ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙලේ සාකච්ඡා සභාවක් ඇමතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රංශ ජනාධිපතිවරයා ආරාධනා කර තිබේ.
 
එම සමුළුව ලබන 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය.
 
මෙම සමුළුවේදී ඉහළ පෙලේ සාකච්ඡා සභාවක් ඇමතීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා ලැබී ඇතැයි නාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 
එම ආරාධනය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් සිදු කර තිබේ. 

Comments