
ලෝක ආහාර අර්බුදය ගැන කිසිදු අවබෝධයක් නැති ආණ්ඩුව ගොවි ජනතාවත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට විකල්ප ක්‍රියාමාර්ග නොගෙන ඉවත බලා සිටින බව සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන පැවසීය.
වෛද්‍ය ජයවර්ධන පවසන්නේ යුක්රේන රුසියානු යුද්ධයත් සමඟ ධාන්‍ය පරිභෝජනය කරන රටවල් දැවැන්ත ආහාර අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි. ඉන්දියාව පවා සහල් අපනයනය සීමා කර තිබෙන පසුබිමක වර්තමාන ආණ්ඩුව රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම බිඳ දමා ඇති බවද ඔහු කීවේය.
පොහොර සහනාධාරයෙන් ගොවියා අසරණ කළ ආණ්ඩුව ගොවියා එයින් ගොඩ ඒමටත් පෙර කබලෙන් ළිපට ඇද දැමූ අතර, ආණ්ඩුව ලෝක ආහාර අර්බුදය, ගොවියාට අවශ්‍ය පහසුකම් ලබා දීම, ගොවියා ආරක්ෂා කිරීම සහ ගොවියා අමාරුවෙන් ලබාගන්නා අස්වැන්න නිසි මිලකට මිල දී ගැනීම ආදී කරුණු ගැන කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කිරීමෙන් උත්සාහ කරන්නේ කළු කඩකාරයන්ට සහ සහල් මාෆියාවට ගොවියාත් ජනතාවත් බිලිදීම බව ද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.