අධි ආරක්ෂිත කලාපවල ඉඩම් ගැටලු විසඳීමට ස්ථිර කාර්යාලයක් | සිළුමිණ

අධි ආරක්ෂිත කලාපවල ඉඩම් ගැටලු විසඳීමට ස්ථිර කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාපවල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබා දීමේ කටයුතු විධිමත් කිරීමේ සහ ඒ හා අදාළ ගැටලුවලට මාස හයක් ඇතුළත විසඳුම් ලබාදීමේ අරමුණෙන් ස්ථිර කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ නියෝග පරිදි පිහිටුවනු ලබන මෙම කාර්යාලයේ ප්‍රධානියා ලෙස යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු කටයුතු කරනු ඇත.

වසර 2009 වන විට ආරක්ෂක හමුදා සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850 ක් පැවැති අතර මේ වසර මුල වන විට එම ඉඩම් වලින් අක්කර 20,755 ක් මුදා හැර තිබේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් ලබා දී තිබේ.

ජනතාවට මුදා හැරීමට තවත් අක්කර 2989 ක් හඳුනාගෙන තිබෙන අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටලුවලට විසඳුම් ලබා දීමෙන් අනතුරුව එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිතය.

වසර 2009 වන විට ආරක්ෂක හමුදා සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850 ක් පැවැති අතර, මේ වසර මුල වන විට එම ඉඩම් වලින් අක්කර 20,755 ක් මුදාහැර තිබේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ‍ෙජනරාල් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් ලබා දී තිබේ. ජනතාවට මුදා හැරීමට තවත් අක්කර 2989 ක් හඳුනාගෙන තිබෙන අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැඟිය හැකි ගැටලුවලට විසඳුම් ලබා දීමෙන් අනතුරුව එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිතය.

Comments