
සීත මඳනල සමඟ එක් වී පොසොන් සඳ හෙට පිපේවී
දහම් ගඟ පෙර දා ගලා ගිය හෙටත් එලෙසින් ගලාවී
සියලු දන මන පිරුණු ළතැවුල දහම් සිසිලෙන් නිවේවී
බැතිබර වු පුන් පොසොන් පොහොයක ඝාණ්ඨා නද ඇසේවී
එදා මිස්සක පව්ව මත සිට දෙසූ දහමේ නිමල බණපද
මෙදා යළි යළි අසන්නට සිහිකරන්නට කල් උදා වී ඇත
මොහඳුරින් පිරි ලොවක ගනඳුර පොසොන් සඳ මකනා විරාමෙක
සැලෙන බෝපත් වෙහෙර මළුවක ගයන ගීයක මිහිර පැතිරෙත
පද - බුද්ධදාස ගලප්පත්ති