පොසොන් සීපද | Page 2 | සිළුමිණ

පොසොන් සීපද

සීත මඳ­නල සමඟ එක් වී පොසොන් සඳ හෙට           පිපේවී 
දහම් ගඟ පෙර දා ගලා ගිය හෙටත් එලෙ­සින්            ගලාවී 
සියලු දන මන පිරුණු ළතැ­වුල දහම් සිසි­ලෙන්           නිවේවී 
බැති­බර වු පුන් පොසොන් පොහො­යක ඝාණ්ඨා නද ඇසේවී

එදා මිස්සක පව්ව මත සිට දෙසූ දහමේ නිමල                 බණ­පද
මෙදා යළි යළි අස­න්නට සිහි­ක­ර­න්නට කල් උදා වී                ඇත
මොහ­ඳු­රින් පිරි ලොවක ගන­ඳුර පොසොන් සඳ මකනා විරා­මෙක
සැලෙන බෝපත් වෙහෙර මළු­වක ගයන ගීයක මිහිර   පැති­රෙත

පද - බුද්ධ­දාස ගල­ප්පත්ති

Comments