පොසොන් උලෙළට අනුරපුර වැඩසටහන් රැසක් | සිළුමිණ

පොසොන් උලෙළට අනුරපුර වැඩසටහන් රැසක්

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන වැඩසටහන් රැසක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙවර පොසොන් තේමාව වන්නේ ‘නැඟෙමු, පිබිදෙමු, යෙදෙමු, සුරකිමු මිහිඳු මා හිමි දෙසූ දහම‘ යන්නය.

මෙවර පොසොන් උලෙළ නිමිත්තෙන් රට පුරා පොසොන් දන්සල් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට විවිධ ජන සංවිධාන කටයුතු යොදා තිබේ.

පොසොන් වන්දනාවට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් ජූනි 2 වෙනිදා සිට 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ.

එමෙන්ම විශේෂ බස් සේවාවන්ද ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංගම හා උතුරුමැද මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියද කටයුතු යොදා ඇත

Comments