නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු | සිළුමිණ

නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

දැනට පවතින උෂ්ණත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇතැයි කාර්යභාර කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සිළුමිණට ප්‍රකාශ කළේය. නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඉදිරි දින දෙක තුන තුළ වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බවද ඔහු පැවසුවේය. එසේම රත්නපුර, ගාල්ල, මාතර, කළුතර ආදී ප්‍රදේශවල මි. මි. 120ක තරම් තද වැසි ඇතිවිය හැකියාවක්ද පවතී. ඌව, නැඟෙනහිර යන පළාත්වලට වැසි වැඩි වී සවස් කාලයේ පැ.කි.මී. 40 – 50 තරම් වේගයෙන් සුළං වර්ධනයක්ද දක්නට හැකිය.

Comments