සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ | Page 10 | සිළුමිණ

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (28) සිට ආරම්භවීමට නියමිතය. 
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාගය මධ්‍යස්ථාන 3,568 කදී පැවැත්වෙන අතර, ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුනකි.
 
එමෙන් ම බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
 
සාමාන්‍ය පෙළ විභාගය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වේ. 

Comments