උණ වැළඳීමෙන් පාප්වහන්සේ සිය වැඩසටහන් අවලංගු කරයි | Page 10 | සිළුමිණ

උණ වැළඳීමෙන් පාප්වහන්සේ සිය වැඩසටහන් අවලංගු කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උණ රෝගය වැළදීම හේතුවෙන් සිය වැඩසටහන් අවලංගු කර තිබේ.
 
පාප් වහන්සේට සිකුරාදා උදෑසන ඇති වූ උණ තත්ත්වයන් නිසා ඉදිරියට පැවැත්වීමට නියමිත සියලු වැඩසටහන් මෙලෙස අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
පාප්වහන්සේ දැඩි වෙහෙසට පත්ව සිටින බව වතිකානු රාජ්‍ය ලේකම්, කාදිනල් පියෙට්‍රෝ පැරොලින්, ඉතාලි ප්‍රවෘත්ති ඒජන්සියට සදහන් කර ඇත. 
 
86 හැවිරිදි පාප් වහන්සේගේ සෞඛ්‍යය පිළිබඳ වතිකානුව මෙතෙක් කිසිදු නව යාවත්කාලීනයක් නිකුත් කර නොමැත. 
 
කෙසේ නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා දිනයේ දී ශාන්ත පීතර චතුරශ්‍රයේ පෙන්තකොස්ත උත්සවය සැමරීමට අපේක්ෂා කර බවද වාර්තාවේ.
 
අවසන් වරට පාප් වහන්සේ පෙනහළුවල ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර එහිදී ඔහු සුවය ලැබීය. පාප් වහන්සේ මේ වන විට දණහිසේ සහ මහ බඩවැලේ රෝගී තත්ත්වයන් නිසා පීඩා විදිමින් සිටි.

Comments