දකුණු ඉන්දියාවේ ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය එළි දැක්වීම 19 දා | Page 24 | සිළුමිණ

දකුණු ඉන්දියාවේ ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය එළි දැක්වීම 19 දා

ආචාර්ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ විසින් රචිත දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය ග්‍රන්ථයේ දෙමළ භාෂාවට පරිවර්තනය එළිදැක්වීම 19 වෙනිදා මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය ආයතනයේදී සිදු කෙරේ. සාහිත්‍ය බහුමානයන්ට පාත්‍ර වු එම ග්‍රන්ථය දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේ මුත්තයියා දොරේසාමි සහ රාමයියා සඳගෝපන් යන අය විසිනි. ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බෞද්ධාලෝක පදනම විසිනි. මෙම එළිදැක්වීමේ මුලසුන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් හොබවන අතර දකුණු ඉන්දීය ශාසන ඉතිහාසය ගැන දෙසුමක් රාජකීය පණ්ඩිත වජිර ප්‍රභාත් විජේසිංහ විසින්ද දකුණු ඉන්දීය බුදු දහමේ පරිහානිය ගැන මහාචාර්ය ජයපාල් හා දකුණු ඉන්දීය බුදුදහමේ පුනර්ජීවනය ගැන ගෞතම් ප්‍රභූ නාගප්පන් විසින්ද දෙසුම් පවත්වති.

Comments